Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ චීන ජාතිකයින් 6 දෙනෙකු ගුවන් තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට නෙ තිබේ. ගුවන් යානා තුනකින් අද (16) අලුයම දිවයිනට පැමිණි මෙම චීන ජාතිකයින් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී අත්අඩංගුවට ගත් බව අද දෙරණ ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය. එහිදී ඔවුන් රැගෙන ආ ගමන් මළු තුළ තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 75,900ක් සොයාගෙන තිබේ. අදාළ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි දහතුන් ලක්ෂ අසූ පන් දහසක් වන බව වාර්තා වෙයි. කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහකළ තවත් නෞකාවක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. මෙලෙස ආපසු හරවා යාවා ඇති නෞකාව ඉරනා ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ USS Spruance (DDG-111) නෞකාව මඟින් බව වාර්තා වෙයි. මෙම නෞකාව සමඟ ඉරානයෙන් පිටත්වූ නෞකා 10ක් පමණ අමෙරිකාව විසින් මේ වනවිට හරවා යවා ඇති බව වාර්තා වෙයි. අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පනවා ඇති නාවික අවහිර කිරීම ක්‍රියාත්මක වී අදට දින තුනකක් ගතවී ඇත. මෙම අවහිර කිරීමේ අරමුණ වන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ලෝක තෙල්…
පරිගණක මූල්‍ය අපරාධ සිදුකිරීම සඳහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබී රුපියල් දෙදෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් ද ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත. මෙම චීන ජාතිකයන් පිරිස අද අලුයම 12.25ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6912 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔවුන් සිය සිරුරෙහි සහ ඇඳුම් තුළ සෙලෝටේප් යොදා පාවිච්චි කළ ජංගම දුරකථන 383ක්, ටැබ් පරිගණක 101ක් සහ වයිෆයි රවුටර් 06ක් සඟවා ගෙන ගෙනැවිත් ඇත. ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් මෙම පිරිස සිය…
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල ප. ව. 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…
විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එහි බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා අද (15) නුගේගොඩ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අනාවරණ කළේය. ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය හේතුවෙන් තාප විදුලි උත්පාදනය අඩුවීමට පිළියමක් ලෙස මෙම පියවර ගැනීමට යෝජනාවී ඇති බව ද ඔහු අවධාරණය කරයි. පසුගිය මාර්තු 24 වෙනිදා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බව බහුජන ලේකම්වරයා පෙන්වා දුන්නේය.
මහවැලි ගඟේ වෙරුගල්ආරු පාලම අසල දියනෑමට ගිය පියෙකු සහ පුතුන් සිව්දෙනා අතරින් අතුරුදන් වූ තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (15) පස්වරුවේ සොයා ගැනුණි. පියෙකු සහ පුතුන් සිව්දෙනෙකු ඊයේ (14) පස්වරුවේ දියේ ගිලි මෙලෙස අනතුරකට මුහුණපා තිබුණු අතර ඉන් පියා සහ එක් පුතෙකු දිවි බේරාගැනීමට සමත් වුණි. අතුරුදන් වූ සෙසු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද පස්වරුවේ මෙලෙස සොයා ගෙන තිබේ. දියේ ගිලි ජීවිතක්ෂයට පත්වුණේ වයස අවුරුදු 35 සහ 34 වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකි. කොළඹ රැකියා කටයුතුවල නිරත පුතුන් සිව්දෙනා අලුත් අවුරුද්දට ගමට පැමිණීම හේතුවෙන් ඔවුන් සමඟින් පියා දිය නෑමට යාමේදී අනතුර සිදුවී තිබුණි.
අලුත් අවුරුදු සේවා සැපයීමෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට දින 6ක් තුළ රුපියල් බිලියනයක ආදායමක් හිමි වූ බව එහි සභාපති සජීව නන්දන කනගරත්න මහතා පවසයි. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට පැමිණි ජනතාවට සේවා සැපයීම තුළින් එම ආදායම හිමිකර ගත් බවය. ඒ අනුව පසුගිය 11 වනදා ඉතිහාසයේ වැඩිම අදායම ඉපයූ දිනය ලෙස වාර්තාගත වන අතර එම සංඛ්‍යාව රුපියල් මිලියන 213ක් වන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනගරත්න මහතා සඳහන් කළේය. මේ අතර අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹ සහ ප්‍රධාන නගර වෙත පැමිණීමට අද සිට විශේෂ බස් රථ…
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට පිටත්වී ඇති අතර, රේඩියෝ සම්බන්ධතාව මඟින් ආපසු ගමන් ඇරඹීමට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි. මෙම නෞකා දෙක සමඟ ඉරානයෙන් පිටත්වූ නෞකා 06ක් පමණ අමෙරිකාව විසින් මේ වනවිට හරවා යවා ඇති බව වාර්තා වෙයි. මෙම පුවත සැලවීමත් සමඟ නැවතත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පනවා ඇති නාවික අවහිර කිරීම ක්‍රියාත්මක වී අදට දින දෙකක් ගතවී ඇත. මෙම අවහිර කිරීමේ අරමුණ…
බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු අමෙරිකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව බකිංහැම් මාළිගය නිවේදනය කර තිබේ. මෙම සංචාරය අතරතුරදී එරට කොංග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ සැසියක් ඇමතීමට සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පෞද්ගලික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාළිගයේ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අප්‍රේල් 27 සිට 30 දක්වා ක්‍රියාත්මක වන මෙම සංචාරයේදී චාල්ස් රජු සහ කැමිලා රැජින වොෂින්ටන් ඩී.සී., නිව්යෝර්ක් සහ වර්ජිනියා යන තැන් කිහිපයක සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ ඇමෙරිකානු නිදහසේ 250 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සංවිධානය කර ඇති මහජන උත්සව මාලාවකට සහභාගී වීමයි. මෙම සංචාරය සිදුවන්නේ ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අතර පවතින සුවිශේෂී සබඳතාව (Special Relationship)…
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා ගිය මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි ධාවන අධ්‍යක්ෂ, ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ, සියලුම පළාත් ප්‍රවාහන අධිකාරීවලට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවය. මේ අතර අද සාමාන්‍ය කාර්යාල දිනයක් බැවින් කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේ, මගී අවශ්‍යතාව මත අදාළ දුම්රියන් ධාවනය සදහා එක්කරන බවය.
