Author: LANKA24X7

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අතිරේක ලේකම්වරියක් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අති සුඛෝපභෝගී වාහනයක් ලබා දෙන බව පවසා රුපියල් දෙකෝටි විසි හත් ලක්ෂයක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල නැදිමාල පදිංචි 56 හැවිරිදි නිලධාරිනියක වන අතර කොළඹ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු විසින් පසුගිය දෙසැම්බර් මස සිදුකර ඇති පැමිණිල්ලකට අදාළව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය මීට මාස හතකට පෙර වරාය හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවය කර ඇති අතර එම අවධියේදී පැමිණිලිකාර වෛද්‍යවරයාගෙන් මුදල් ලබා ගෙන ඇති අතර වරාය පරිශ්‍රයේ වෙන්දේසි සඳහා යොදා ගන්නා වාහන සහනදායි මිලට ලබා දීමට හැකි…

Read More

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ආදේශකයක් ලෙස යොදා ගන්නා මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් තොටළඟ ප්‍රදේශයේදී ඊයේ (19) සවස අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු සන්තකයේ තිබී මත්පෙති 21,000ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 30කට ආසන්නය. බස්නාහිර දකුණ දිසාව අපරාධ කොට්ඨාසයේ ඒකක 2 බාර ස්ථානාධිපති, උපපොලිස් පරීක්ෂක අතුල බාලසූරිය මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගෑන්ඩ්පාස් ප්‍රදේශයේ වැටලීමකට යමින් සිටියදී ලද සාර්ථක තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අදාළ තොරතුරෙන් පවසා ඇත්තේ මත්පෙති රැගෙන පුද්ගලයකු තොටළඟ ප්‍රදේශයේ නිවසකට පැමිණෙන බවය. ඒ අනුව රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් සැකකරු මත්පෙති තොගය සමග අත්අඩංගුවට ගැනීමට…

Read More

අද (20) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. එහි සජීවී දර්ශන ඉහතින් නරඹන්න.

Read More

වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ගෙන තිබේ. කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත වාර්තා වී තිබූ මෙම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව, ඊයේ (19) උදෑසන මෙම අපරාධයට යොදාගත් යතුරුපැදියේ වර්ණය වෙනස් කර සන්තකයේ තබාගැනීම, ගිනි අවිය ප්‍රවාහනය කිරීම සහ අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 හා 27 ක් වන අතර, ඔවුන් කළුතර උතුර සහ බෝඹුවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇති බව පොලීසිය…

Read More

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (19) මෙම අනතුරු සිදුව තිබුණේ තෙල්දෙණිය, පදියතලාව, වෙරළබඩ සහ බණ්ඩාරගම යන පොලිස් වසම්වලදීය. මහනුවර පදියතලාව මාර්ගයේ මොරගහමුල ප්‍රදේශයේදී යතුරුපැදියක් එම දෙසටම ධාවනය වූ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, 46 හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයෙකි. මේ අතර පදියතලාව පොලිස් වසමේ කෙහෙල්උල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ ටිපර් රථයේ රියැදුරු…

Read More

රැඳවුම් නියෝග මත ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අත්අඩංගුවේ සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් පලායාමේ සිද්ධියට අදාළව පොලිස් සැරයන්වරුන් දෙදෙනකුගේ සහ පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනමට ලක්කර තිබේ. පොලිස් මුලස්ථානය ප්‍රකාශ කළේ, මෙලෙස වැඩ තහනමට ලක් කරඇත්තේ රාත්‍රී කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කළ සහ උපසේවක ලෙස රාජකාරී කළ සැරයන්වරු දෙදෙනා සහ සැකකාරියගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරිය බවය. මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් ඒකකයේ කණ්ඩායමක් විසින් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිනිය පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි. රත්මලාන මැලිබන් හන්දිය අත්තිඩිය ප්‍රධාන මාර්ගයේදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබූ අතර, එහිදී ඇය සතුවූ හෙරොයින් ප්‍රමාණය මිලිගෑම් 36,650ක් තිබී ඇත. අදාළ සැකකාරිය රැදවුම් නියෝග මත ගල්කිස්ස…

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට අද (20) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණීමට නියමිතව තිබේ. එතුමියට අද දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇති බව පසුගිය 18වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී මක් සිදුකරනු ලැබීය. ඒ අනුව එතුමිය අද දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණීමට නියමිතය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මෙලෙස කැඳවීමක් සිදුකර ඇති බව සඳහන්ය.

Read More

විශ්වවිද්‍යාල සිසුන්ගේ සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණය සඳහා ආචාර්යවරුන් මැදිහත්විය යුතු බව පවසමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කළ චක්‍රලේඛයට සිසුන්ගේ මෙන්ම ආචාර්යවරුන්ගේද දැඩි විරෝධය එල්ල වෙමින් තිබේ. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පෙන්වා දෙන්නේ, චක්‍රලේඛයේ අරමුණ නවකවදය වැළැක්වීම වුවත් මේ හරහා එම අරමුණ කිසිසේත් ඉටුනොවන බවය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉකුත් පෙබරවාරි 6 වැනිදා 2026/02 චක්‍රලේඛය නිකුත් කළේ විශ්වවිද්‍යාල සිසුන් සංවිධාන කරන විෂය බාහිර කටයුතු ඇතුළු සියලු ක්‍රියාකාරකම් ආචාර්යවරුන් සහ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව පවසමින්ය. ඒ, නවකවදය වැළැක්වීම අරමුණ කරගනිමින්ය. ඊට සමගාමීව කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් රාත්‍රී 10ට අවසන් කළ යුතු බවට පරිපාලනය ගත් තීරණයකට එරෙහිව ඉකුත් අඟහරුවාදා එම විශ්වවිද්‍යාලයේ සිසුන්…

Read More

වෙළෙඳපොළේ ලාෆ්ස් සන්නාමය සහිත එල් පී ගෑස් සිලින්ඩරවල තාවකාලික හිඟයක් පවතින බවට සංසරණය වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් එම සමාගම නිවේනදයක් නිකුත් කර තිබේ. එම නිවේදනය අනුව, වර්තමානයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙට්‍රික් ටොන් 30,000ක එල් පී ගෑස් ආනයන-අපනයන ගබඩා පර්යන්තය දේශීය සැපයුම සඳහා භාවිතා කිරීමට බලපා ඇති රෙගුලාසිමය සීමාවන් බවය. එම ගබඩා පර්යන්තය දේශීය මෙහෙයුම් සඳහා කඩිනමින් නිදහස් කරගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු වෙනුවෙන් අදාළ රජයේ බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවද සමාගම සඳහන් කරයි. මේ අතර, දේශීය ගෘහස්ත එල් පී ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ඍජුවම ගෑස් තොග…

Read More

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (19) දහවල් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 178ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 179ක ඉලක්කයක් හිමිවිය. ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූ පැතුම් නිස්සංක පන්දු 41කින් ලකුණු 62ක් රැස්කළේය. එමෙන්ම අධිවේගී ඉනිමක් ක්‍රීඩාකළ පවන් රත්නායක ලකුණු 44ක් රැස්කළ අතර, ඒ වෙනුවෙන් ඔහු මුහුණදුන්නේ පන්දු 25කට පමණි. පවන්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් ඇතුළත් විය. ඊට අමතරව ආරම්භක පිතිකරු කුසල් පෙරේරාද පන්දු 14කින් ලකුණු 22ක් රැස්කළේය.

Read More