ගල්අඟුරු වංචාව යටපත් කිරීම සඳහා ආණ්ඩුව දරන සියලු උත්සාහයන් පරාජය කළ යුතු යැයි සඳහන් කරමින් සමගි ජන බලවේගය (17) පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේය.
එමගින් අවධාරණය කර ඇත්තේ, දූෂිත අමාත්‍යවරයාත්, අමාත්‍යංශ ලේකම්වරයාත් ඉල්ලා අස්වීම හරහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනයෙන් රටට සිදුකළ බිලියන ගණනක පාඩුව ජන මනසින් යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ කර ඇති බවය.
ටෙන්ඩර් ක්‍රියාවලියේ සිටම සිදුකළ මෙම දූෂිත ගණුදෙනුව සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා, ලේකම්වරයා පමණක් නොව ජනාධිපතිවරයා ප්රමුඛ සමස්ත කැබිනට් මණ්ඩලයම වගකිව යුතු බවත්, ඒ සම්බන්ධයෙන් ගතහැකි සියලු පියවර ගන්නා බවත් සමගි ජන බලවේගය නිකුත්කළ නිවේදනයේ සඳහන්ය.

