Author: LANKA24X7

පාස්කු ප්‍රහාරයට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන අද (22) දිනයේ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය තීරණය කර තිබේ. ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් අනියුක්ත කර ඇති බව වාර්තා වෙයි. 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද දිනයේ මෙලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. අද පෙරවරුවේ අලුත්කඩේ මහාධිකරණයේදී නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ…

Read More

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, එය ඉදිරි පැය 24 තුළදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවුවද, එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත්අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි. මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසිවාර…

Read More

අනතුරුව එම පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී, අනෝජන් සිවරාසා නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙස ඉල්ලා සිටියේය. එහිදී අනෝජන් සිවරාසාට තම පවුලේ සාමාජිකයන් සමඟ දුරකථනයෙන් අදහස් හුවමාරු කරගැනීම සඳහා එරට බලධාරීන් විසින් ලබාදී තිබූ වේලාවේදී ඔහුගේ පවුලේ සාමාජිකයන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සිටියේය. ඒ හේතුවෙන් විපක්ෂ නායකවරයාටද එම අවස්ථාවේදී අනෝජන් සිවරාසා සමඟ දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව හිමිවුණි.

Read More

2026 අගෝස්තු  මාසය සඳහා 8.1%ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත් කළ ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව, ජූලි මාසයේදී 7.2%ක් ලෙස වාර්තා වූ උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී මෙලෙස ඉහළ ගොස් ඇත. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතයද ජූලි මාසයේ පැවති 4.9% සිට අගෝස්තු මාසයේදී 6.6% දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර, ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතය ජූලි මාසයේ පැවති 9.2% සිට අගෝස්තු මාසයේදී 9.3% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මන්නාරම උතුරු මුහුදේදී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව අද (21) අලුයම මුදා ගැනීමට කටයුතු කර තිබේ. යාපනය ගුරුනගර් ධීවර වරායෙන් පසුගිය 19 වැනි දින ධීවරයින් දෙදෙනෙකු රැගන් ධීවර යාත්‍රාවක් නැවත ධීවර වරාය වෙත පැමිණ නැති බවත් එම යාත්‍රාව සොයා ගැනීම සඳහා නාවික හමුදාවේ සහාය ලබා දෙන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කොළඹ සමුද්‍රීය හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දන්වා තිබුණි. එම දැනුම්දීම මත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සිදුකරනු ලබන යාත්‍රා වෙත මේ සම්බන්ධව දැනුවත් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව…

Read More

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නවතම නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය පැය 24 තුළ වාර්තා වූ අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර, අදාළ ප්‍රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දන්වා ඇත. අවදානම් සහිත ප්‍රදේශ සහ දිස්ත්‍රික්ක අදියර 3 – රතු නිවේදන (ඉවත්වීමේ අනතුරු ඇඟවීම්) ගාල්ල –  නෙළුව කළුතර  – වලල්ලාවිට මහනුවර –  පස්බාගේ කෝරළේ කෑගල්ල – මාවනැල්ල, දෙරණියගල, අරණායක, යටියන්තොට, දෙහිඕවිට නුවරඑළිය – නෝර්වුඩ්, කොත්මලේ නැගෙනහිර, අඹගමුව, කොත්මලේ බටහිර රත්නපුර – රත්නපුර අදියර 2 – ඇම්බර් නිවේදන (අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවීම්) කොළඹ – පාදුක්ක ගාල්ල –  නාගොඩ, තවලම කළුතර -…

Read More

පොහොසත් රටක් ලස්සන රටක් වන්නේ ආර්ථිකයෙන් පමණක් දියුණු වීමෙන් නොවන බවත් ජීවිත ලස්සන වන්නේ සියලුදෙනාට ආදරය දක්වන, සියලුදෙනා පිළිගන්නා, සියලුදෙනාට ගෞරව දක්වන සමාජයක් ගොඩනැගීමෙන් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ විවිධ දක්ෂතා සහිත බාලදක්ෂිකා  අංශයේ’ (Differently Abled Branch) ඉහළම සම්මානය වන “Blue All Round Cord” සම්මානයෙන් පිදුම් ලැබූ බාලදක්ෂිකාවන් ඇගයීම වෙනුවෙන් අද (20) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයි මේ බව පැවසුවාය. එහිදී ඇය පැවසුවේ ජයග්‍රහණය යනු අපට මුහුණ දීමට සිදුවන බාධක මත තීරණය වන දෙයක් නොවන බවත්, ඒ බාධකවලට අප ධෛර්යයෙන් මුහුණ දෙන ආකාරය මත ජයග්‍රහණය තීරණය වන බවත්ය. ආබාධ සහිත  හෝ වෙනත් විශේෂ අවශ්‍යතා තිබීම…

Read More

නාවලපිටිය, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අද (20) අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් එම ප්‍රදේශවල පිහිටි නිවාස රැසක් ජලයෙන් යටවීම නිසා පවුල් 100කට ආසන්න සංඛ්‍යාවක් අවතැන්වී ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම නාවලපිටිය කිතුල්කොටේ, ලබුවැල්කොටුව සහ ජයසුන්දරඕවිට යන ප්‍රදේශ රැසක පහත්බිම් සහ නිවාස මෙලෙස ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

Read More

පවතින වැසි තත්ත්වයත් සමග දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම් මේ වන විට ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ තෙත් කලාපයේ වර්ෂාපතනය සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කළ බවය. ලැබී ඇති වර්ෂාපතනයන් අනුව නිල්වලා, ගිං ගඟ, කළුගඟ, මහවැලි ගඟ, කැලණි ගඟ, සහ අත්තනගලු ඔය යන ප්‍රධාන ජලාශවල ජල මට්ටම් මේ වන විට ශීඝ්‍රව ඉහළ යමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය. පසුගිය පැය 24 තුළ මිලිමීටර් 150ට ආසන්න වර්ෂාපතනයක් කැලණි සහ මහවැලි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශ වෙත ඇද හැළුණු බව පැවසූ ඒ මහතා මෙම තත්ත්වයන්…

Read More

නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. අදියර 1 සහ 2 යටතේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන ඇත. අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ ගාල්ල දිස්ත්‍රික්කය – නාගොඩ, නෙළුව මහනුවර – පස්බාගේ කොරළය, ගඟ ඉහළ කෝරළය කෑගල්ල – යටියන්තොට, දෙහිඕවිට, දැරණියගල මාතර – පිටබැද්දර නුවරඑළිය – කොත්මලේ, කොත්මලේ නැගෙනහිර රත්නපුර – අයගම, පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට, නිවිතිගල, ඇහැලියගොඩ කළුතර – පාලින්දනුවර, වලල්ලාවිට, අගලවත්ත, බුලත්සිංහල, අදියර 1 යටතේ විමසිලිමත්භවින් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ කොළඹ – සීතාවක කළුතර – ඉංගිරිය කෑගල්ල – රුවන්වැල්ල, වරකාපොල, අරණායක, බුලත්කොහුපිටිය මාතර -…

Read More