Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
චාවකච්චේරිය – පුත්තූර් මාර්ගයේ කනකම්පුලියඩි ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (21) උදෑසන 8.30ට පමණ ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ එකම පවුලේ සිව්දෙනෙකු ගමන් කර ඇති බව වාර්තා වේ. මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ මව සහ දියණිය එම ස්ථානයේදීම මියගොස් ඇති තඅතර ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ තවත් කාන්තාවක බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත. අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
අද (21) සහ හෙට (22) යන දිනයන්වල ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව පැවසුවත් අද දිනයේ කොලොන්නාව නිමාවෙන් බවුසර් සඳහා ඉන්ධන නිකුත් නොකෙරෙන බව වාර්තා වෙයි. ඇනවුම් කළ ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් අද උදෑසන කොලොන්නාව නිමාව වෙත පැමිණි ඉන්ධන බවුසර් ඉන්ධන නොලැබීමෙන් ආපසු හැරී යන ආකාරය දැක ගන්නට හැකිවූ බවය. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ඊයේ (20) පැවසුවේ සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවය. එවන් පසුබිමක මෙලෙස අද කොලොන්නාව නිමාව වෙත පැමිණි ඉන්ධන බවුසර් ඉන්ධන නොලැබීමෙන් හැරී යන අයුරු දක්නට ලැබුණි.
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක දින 30ක කාලයකට ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසා ඇත්තේ, නව ඇණවුම් සඳහා නොව දැනට නැව්ගත කර ඇති තෙල් සඳහා පමණක් මෙය බලපැවැත්වෙන බවය. කෙසේ නමුත් මෙම සම්බාධක ඉවත්වන්නේ දින 30ක කාලයක් සඳහා පමණක් බවත් අදාළ නිවේදනයේ සඳහන්ය. අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව අරඹා ඇති යුද්ධය හේතුවෙන් ලෝක බලශක්ති වෙළඳපොළට එල්ල වන බලපෑම සැලකිල්ලට ගෙන, ඉරානයේ තෙල් සඳහා පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට අමෙරිකාව සලකාබලමින් සිටින බව විදෙස් මාධ්‍ය ඊයේ (20) වාර්තා කළේය. මෙම තීරණය ක්‍රියාවට…
හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේ වෙළඳසැලක් තුළ සඟවා තිබූ ඩීසල් ලීටර් 720කට ආසන්න ප්‍රමාණයක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලීසිය පවසයි. එම ඩීසල් තොග විකිණීමේ අරමුණින් රැස්කර ඇති බවට අනාවරණය වූ බව ද පොලීසිය සඳහන් කරයි. අදාළ වෙළදසැල තුළ බූලි කෑන් සහ බැරල් 40කට ආසන්න ප්‍රමාණයක මෙම ඩීසල් තොගය ගබඩා කර තිබූ බව සඳහන් වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට (21) දින හෝමගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
ඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන රටවල්වලට ඉදිරි දින කිහිපයේදී අධික වර්ෂාපතයත් සමඟ කුණාටු තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ බලධාරීන් අනාවැකි පල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම රටවල ඇතැම් ප්‍රදේශවල අසාමාන්‍ය කාලගුණික සංසිද්ධියක් නිර්මාණය වෙමින් පවතින බවය. ඒ අනුව ඇෆ්ගනිස්තානයේ සිට පාකිස්තානය හරහා කිලෝමීටර් 1000ක වැසි කලාපයක් නිර්මාණය වෙමින් පවතින අතර ඉන්දියාව අවට වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව ද කාලගුණ බලධාරීන් අනාවැකි පළ කර ඇත. මේ හේතුවෙන් ඉන්දියායේ ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සහ පැයට කිලෝමීටර් 40ත් 80ත් අතර තද සුළං ද ඇති විය හැකි බව සඳහන් වේ. එමෙන්ම අධික වර්ෂාපතනයත් සමඟ හිමපතනයන් ද වාර්තා…
මැදපෙරදිග පවතින අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ අනෙකුත් රටවල්වල ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල සම්බන්ධවද ජනාධිපතිවරයා අද (20) පැහැදිලි කිරීමක් සිදු කළේය. ජනාධිපතිවරයා පෙන්වා දෙනුයේ තෙල් සංස්ථාව විසින් මෙරට ඉන්ධන අවශ්‍යතාවෙන් 57%ක් සහ පෞද්ගලික අංශය 43%ක්ද විසින් සපුරන බවය. ඒ අනුව පෞද්ගලික අංශය විසින් මෙරට රැගෙන එනු ලබන ඉන්ධන සඳහා මේ මොහෙතේ පවතින මිල ගණන් ඉල්ලා ඇති බවත් ඒ අනුව ඉන්ධන මිල සම්බන්ධව හැකි ඉක්මනින් තීරණයක් ගත යුතුව ඇති බවත් ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, “මාර්තු මාසේ 24-25 අපිට බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක…
මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ඉහළ ගිය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (20) උදෑසන වනවිට සැලකිය යුතු අගයකින් පහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව අද උදෑසන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.82ක් දක්වා පහළ බැස ඇත. ඊයේ දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලය ඩොලර් 115 සීමාවද ඉක්මවා ගොස් තිබුණි. මේ අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් (WTI) බොරතෙල් බැරලයක අගයද ඩොලර් 93.43ක් දක්වා අඩුවී ඇත. එහි අගයද ඊයේ ඩොලර් 100 ඉක්මවා ගියේය.
අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව අරඹා ඇති යුද්ධය හේතුවෙන් ලෝක බලශක්ති වෙළඳපොළට එල්ල වන බලපෑම සැලකිල්ලට ගෙන, අමෙරිකාව විසින් ඉරානයේ තෙල් සඳහා පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට සලකාබලමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. එම වාර්තා පවසා සිටියේ, අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවය. අදාළ යෝජනාවෙන් ඔහු පවසා ඇත්තේ, එම තීරණයෙන් ගෝලීය ගැනුම්කරුවන්ට වැඩි තෙල් ප්‍රමාණයක් ලබාගත හැකි බවය. නැව් ගමනාගමනයට සහ නිෂ්පාදනය ක්ෂේත්‍රයට බාධා එල්ලවීමත් සමග ලොව පුරා බලශක්ති මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඒ අනුව මෙම පියවර ක්‍රියාවට නැංවුවහොත් ඉරානයට එරෙහි අමෙරිකානු දිගුකාලීන ප්‍රතිපත්තියේ විශ්මයජනක වෙනසක් සනිටුහන් කරනු ඇති බවත්, එමඟින්…
ඇමරිකාවේ පිහිටි සමාගමකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක වගකීම භාරගත්, ඉරානය පදනම් කරගත් හැකර් කණ්ඩායමකට අයත් වෙබ් අඩවි 4ක් FBI ආයතනය විසින් සිය භාරයට ගෙන ඇත. එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම ක්‍රියාව ඉරාන බුද්ධි හා ආරක්ෂක අමාත්‍යාංශය (MOIS) විසින් මෙහෙයවන හැකර් ක්‍රියාකාරකම් සහ දේශසීමා මර්දන සැලසුම් අඩපණ කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නයක කොටසක් බවය. අත්පත් කරගත් මෙම වෙබ් අඩවි භාවිතා කරමින් මාධ්‍යවේදීන්, පාලන විරුද්ධවාදීන් සහ ඊශ්‍රායල වැසියන් ඝාතනය කරන ලෙසට බලපෑම් කර ඇති බව අධිකරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබේ. සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව තහවුරුකර තිබුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේ, විපක්ෂයේ පක්ෂ නායකයින් සමගද ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවය.
