Author: LANKA24X7

රුපියල් කෝටි දෙකකට අධික මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික ප්‍රධාන ලිපිකරුවෙකු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපන ශාලාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. 2018 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පුද්ගලික ආයතනයකින් ගොඩනැගිල්ලක් කූලී පදනම මත ලබාගැනීමෙන් පසු ඒ සඳහා අමාත්‍යාංශයෙන් චෙක්පත් මඟින් කුලී මුදල් ගෙවීමේදී අදාළ චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදීම සඳහා සැකකරු විසින් මෙලෙස අල්ලස් ඉල්ලා ඇති බව සඳහන්ය. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මේ අතර රුපියල් ලක්ෂ 50ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ…

Read More

යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින් ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට දින 6ක් ගතවෙයි. එවන් පසුබිමක මේ වන විට මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇත. Update – 06.25 AM සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරට පහරදුන් ඩ්‍රෝන යානය ඉරානයෙන් දියත් නොකර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශය පවසයි. ……………………. Update – 04.17 AM වයඹ දිග ඉරානයේ බුකන් නගරයට දරුණු ලෙස බෝම්බ හෙළීමක් සිදු කර ඇති බව එරට අර්ධ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් පවසයි. ………………….. Update – 03.45 AM ඉරානයට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන මිලිටරි ක්‍රියමාර්ග සීමා කිරීමට එරට…

Read More

අමෙරිකානු සැබ්මැරීනයක සිට එල්ල කළ ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පවසයි.

Read More

ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 40ක් පමණ දුරින් අනතුරට ලක්වූ ඉරාන යුද නෞකාවට ප්‍රහාරයක් එල්ලවීමෙන් මුහුදුබත්වී ඇති බවට විදෙස් මාධ්‍ය සිදුකෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පවසයි. ඉරාන නෞකා අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අද (04) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “මූලික වශයෙන් අපි බලන්නේ ආපදාවට ලක්වූ යාත්‍රාවේ ජීවිත ආරක්ෂා කිරීම. ඉන් පසුව තමයි මෙය කුමණ ආකාරයකින් සිදුවුණේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සහ තාක්ෂණික වාර්තාවක් ලබාගන්න පුළුවන් වෙන්නේ. අපේ මේන් ෆෝකස් එක වෙලා තියෙන්නේ තවත් පිරිස් ආරක්ෂාකාරීව ඉන්නවා නම් ඒ අයව බේරගන්න එක. මෙම නෞකාවේ කොපමණ ප්‍රමාණයක් ගියාද…

Read More

එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ මෑතකදි සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දී තිබේ. එහිදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෑතකදී සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා සිය කනගාටුව ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ. මේ අතර, සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය හෙළා දකිමින් ශ්‍රී ලංකාවේ සහයෝගීතාවය එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයට ලබා දෙන බව ජනාධිපතිවරයා පවසා ඇත. සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර තිබේ.

Read More

මැදපරෙදිග යුද්ධයේදී බ්‍රිතාන්‍ය සහ ස්පාඤ්ඤය කටයුතුකළ ආකාරය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත. ධවල මන්දිරය වෙත පැමිණි ජර්මානු චාන්සලර් ෆෙඩ්රික් මර්ස් සමඟ මාධ්‍ය හමුවකට එක් වෙමින් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් අදහස් පළකර ඇත. “ස්පාඤ්ඤය කිසිම සහයෝගයක් දක්වන්නේ නැහැ. බ්‍රිතාන්‍යයත් එහෙමයි. බ්‍රිතාන්‍යයන්ගේ තත්ත්වය ඊටත් වඩා සවුත්තුයි. මේ චර්චිල්ගේ කාලය නෙමෙයි. බ්‍රිතාන්‍යය කිසිම සහයක් දැක්වූයේ නැහැ” ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කළේ, යම් හෙයකින් තමන් ඉරානයට පහරදීම ප්‍රමාද වූවා නම් ඔවුන් අමෙරිකාවට පහරදීමට සැරසී සිටි බවයි. මේ අතර, ඉරානය තමන් සමඟ සාකච්ඡාවට සූදානම් නමුත් දැන් ඊට ප්‍රමාද වැඩි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී පවසා තිබේ. “ඉරානය සමඟ සාකච්ඡා කරමින් හිටියේ. අපි මුලින්ම…

Read More

ලෝක රන්මිල පහළ යාම මත මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 13,000කින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (04) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 376,500ක් දක්වා පහළ ගොස් තිබේ. ඊයේ (03) එය දැක්වුණේ රුපියල් 388,500ක් ලෙසය. මේ අතර ඊයේ රුපියල් 420,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 407,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

පෙබරවාරි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 279,328ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි. මෙය පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 16.2%ක වැඩිවීමකි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, පෙබරවාරි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 47,679ක් පැමිණ ඇති අතර එය 17%කි. තවද, එක්සත් රාජධානියෙන් 30,788, රුසියාවෙන් 23,099ක්, ජර්මන් 22,566ක්, චීනයෙන් 20,180ක් සහ ප්‍රංශ ජාතිකයින් 17,174ක් ද පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ අනුව, 2026 වසරේ ජනවාරි 01 වනදා සිට පෙබරවාරි 28 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 556,655කි. ඒ අතරින් සංචාරකයින් 99,740ක් ඉන්දියාවෙන්, 50,233ක් රුසියාවෙන් සහ 60,328ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක…

Read More

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් යුක්‍රේනයට ගුවන් ආරක්ෂක මිසයිල සොයා ගැනීමට අපහසු විය හැකි බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අනතුරු අඟවා තිබේ. පවතින මෙම මැදපෙරදිග ගැටුම් හේතුවෙන් යුක්‍රේනයේ මිත්‍ර පාක්ෂිකයින්ගේ අවධානය වෙනතකට යොමු විය හැකි අවදානමක් මතුව ඇති බවත් එය රුසියාවේ පූර්ණ ආක්‍රමණයට එරෙහිව තම රට ආරක්ෂා කිරීම අමතක විය හැකි බවත් ඔහු පවසා ඇත. ඉතාලි පුවත්පතක් වෙත අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ සිය රටෙහි අහස ආරක්ෂා කර ගැනීම සඳහා මිසයිල සහ ආයුධ ලබා ගැනීමේ දුෂ්කරතා ඇති විය හැකි බවය. එමෙන්ම ඉරාන අර්බුදය සීමිත මෙහෙයුමක් ලෙස පවතිනු ඇති බවත් එය දිගු යුද්ධයක් කරා ගමන් නොකරනු ඇතැයි තමන් අපේක්ෂා කරනු ඇති බවත්…

Read More

බොලිවියාවේ මුදල් නෝට්ටු රැගෙන ගමන්ගත් ගුවන්යානයක් අනතුරකට ලක්ව තිබේ. එරට ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අවම වශයෙන් එහි සිටි පුද්ගලයින් 15ක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව එරට බලධාරීන් පවසයි. ගුවන්යානය සැන්ටා කෲස් නගරයේ සිට එල් ඇල්ටෝ ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. ගුවන්යානය ගොඩබැස්සවීමේදී ධාවන පථයෙන් ඉවතට ලිස්සාගොස් අසල වාහනවල ගැටී ඇති බව වාර්තා වේ. බොලිවියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ මෙම අනතුරට ලක්වූ ගුවන්යානයෙන් එරට මහ බැංකුවට මුදල් නෝට්ටු රැගෙන ගිය බවය. ඒ හේතුවෙන් විසිරී ගිය මුදල් නෝට්ටු ලබාගැනීමට ජනතාව ඒකාරාශී වී ඇති අතර, ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු…

Read More