Author: LANKA24X7

අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2026) දෙවැනි වර කියවීමේ ඡන්දය අද(14) පස්වරුවේ පැවැත්වේ. අයවැය දෙවැනි වර කියවීමේ විවාදය අද දිනයේද පැවැත්වෙනු ඇත. මේ අනුව අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවති දින ගණන හයකි. අයවැය විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 7 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය. අයවැය තෙවැනි වර කියවීමේ විවාදය (කාරක සභා අවස්ථාවේ විවාදය) හෙට (15) උදේ 9.00 ට ආරම්භ වන අතර එම විවාදය දෙසැම්බර් මස 5 වැනිදා දක්වා පැවැත්වේ. අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ( අවසන් ඡන්දය) දෙසැම්බර් 5 වැනිදා පස්වරුවේ පැවැත්වේ. මෙය රජයේ දෙවැනි අයවැයයි. එසේම ශ්‍රී ලංකාවේ 80 වැනි අයවැය ලේඛනයයි.

Read More

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඒ හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද(14) විටින් විට වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කියයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරේ

Read More

යුද්ධය පැවති සමයේ විදේශගතව සිට යළි මෙරටට පැමිණීමට නියමිත අයෙකුගේ ඉඩමකට බලපත්‍රයක් සකස් කර දීම සඳහා රුපියල් ලක්ෂ 05ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයියනප් පිල්ලෙ මුබාරක් නමැත්තාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ අනුව අදාළ සැකකරු ලබන 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරලම මහතා නියෝග කර තිබේ. එහෙත් සැකකාර සභාපතිවරයාගේ රියදුරු වූ මොහොමුදු මුස්තාපා නමැත්තා රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර ඔහුට විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.

Read More

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (13) රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ද ඇති විය හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

රාජ්‍ය ව්‍යාපාර විකුණා දැමීම වෙනුවට ඒ ව්‍යාපාර නිසි ලෙස කළමනාකරණය කර ලාබ ලබන තත්ත්වයට පත් කරන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “මුලින්ම කියමන් දෙකක් උපුටා දක්වන්න කැමතියි.වස්කා නම් බලලා ඇහුම්කන් දෙයි.එහෙත් දිගටම කාගෙන යයි කියා එක කියමනක් තියෙනවා.බොරුවට නිදාගෙන ඉන්න අය නැගිට්ටුවන එක අමාරුයි.ඒකට උත්සාහ කරන්න එපා කියා තවත් කියමනක් තියෙනවා.ආණ්ඩුව බදු ගහලා භාණ්ඩාගාරේ උතුරන්න ආදායම එකතු කරගෙන තියෙනවා,හැබැයි ඒක ජනතාවට බෙදලා දෙන්නේ නැහැ කියලා විපක්ෂයේ චෝදනාවක් තියෙනවා. මන්ත්‍රීවරුන්ට වාහන ගන්නවා යැයි තවත් චෝදනාවක් තියෙනවා.වෘත්තිකයන්ගේ වාහන පර්මිට් නවත්තලා ජවිපෙ කාඩර්වරුන්ට වාහන අරන් දෙන්න යනවා යැයි පාර්ලිමේන්තුවෙන් එළියට විසිවෙච්ච කෙනෙක් පවසා තිබුණා.2027 දේපොළ බද්දක් එන්න…

Read More

මාලදිවයින් ආරක්ෂක අංශ විසින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 5දෙනා දින 30ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එරට ආරක්ෂක අංශ තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් මෙරටට රැගෙන ඒමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව පොලීසිය සඳහන් කළේය. පසුගිය නොවැම්බර් 7 වන දින අවිශ්ක පුතා නමැති බහුධින ධීවර යාත්‍රාව මාලදිවයින් මුහුදු සීමාවේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමග එරට ආරක්ෂක අංශ භාරයට ගනු ලැබීය. එහි අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 355කට අධික ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇති අතර එම යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනා ද අත්අඩංගුවට ගෙන තිබුණි. ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ මාලදිවයින් ආරක්ෂක බළකාය සහ එරට පොලීසිය එක්ව සිදුකළ…

Read More

ලොව සෑම මිලියන හයකින් එක් අයෙකුට පමණක් ඇති ඉතා ශුන්‍ය රුධිර වර්ගයක් පවතින බවට සොයාගෙන තිබේ. මෙම රුධිර වර්ගය පර්යේෂකයන් රසායනාගාරයන්හි නිපදවීමට උත්සාහ කරනු ලබන්නේ ජීවිත බේරාගැනීමට හැකිවේවා යැයි යන බලාපොරොත්තුවෙනි. පුද්ගලයෙකුට කිසියම් හෝ බරපතළ ශල්‍යකර්මයක් අවශ්‍ය නම්, අන් අය විසින් පරිත්‍යාග කරන ලද රුධිරය මඟින් ජීවිතාරක්ෂණය සිදුකරනු ලබයි. නමුත් දුර්ලභ රුධිර වර්ග ඇති පුද්ගලයින්ට තමන්ගේම රුධිරයට ගැලපෙන පරිත්‍යාග කරන ලද රුධිරය සොයාගැනීම අපහසු කාර්යයකි. මෙම (Rh)ශුන්‍ය රුධිර වර්ගය ලෝකයේ දන්නා පුද්ගලයින් 50 වැනි සුළු ප්‍රමාණයක් බව හඳුනා ගෙන ඇත. මෙම දුර්ලභ රුධිර වර්ගය වෛද්‍ය සහ පර්යේෂණ ප්‍රජාව “රන් රුධිරය” ලෙස හඳු

Read More

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ Youth Link Sri Lanka වැඩසටහනෙන් යාපනයට ගිය තරුණ තරුණියෝ ඊයේ (12) කණ්ඩායම් නැවතත් තම ගම්බිම් බලා අද (12) පිටත්ව ගියහ. මෙම වැඩසටහනේ සමාප්තියේ සනිටුහන් කරමින් යාපනයේ ඩෙල්ෆ්, කරෙයිනගර්, කයිට්ස්, යාපනය නගරය සහ වේලනයි හිදී සංස්කෘතිකාංග පසුගිය (11) රාත්‍රියේ දී පැවැත්විය. මෙම වැඩසටහනේ තවත් අදියරක් ලෙස උතුරේ තරුණ තරුණියන් දකුණේ දිස්ත්‍රික්ක වලට පැමිණීමට නියමිතය. එහිදී ද උතුරේ තරුණ තරුණියන් දකුණේ ගෙවල් වල නවාතැන් ගනිමින් එහි සංස්කෘතික අත්දැකීම් ලබා ගැනීමට නියමිතය. එම වැඩසටහන දෙසැම්බර් මස 6 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත. ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න මහතා පැවසුවේ ලබන වසරේ දී මෙම වැඩසටහන…

Read More

විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සුහඳව ගනුදෙනු කරන ආකාරය ගැන ජනාධිපතිතුමාගෙන් ඉගෙන ගන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පවසන බව පත් කළ මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. “වතු කම්කරු ප්‍රශ්නය පඩියට පමණක් සීමා කරන්න එපා.වතු ගෙවල් හය දාහක් දෙසැම්බරයට කලින් හදනවා කිව්වා. හදන්න බැරි වුනා.ප්‍රශ්නයක් නෑ.ලබන අවුරුද්දේ ඒක කරන්න.ගෙවල් දෙදාහක් හදනවා යැයි මේ අවුරුද්දේ කිව්වා.මේවා පරස්පරයි නේ.අනෙක වතුකරයේ තට්ටු නිවාස හදන්න එපා. ඒකට අප විරුද්ධයි.ජනාධිපතිතුමා මන්ත්‍රීවරු එක්ක මිත්‍රශීලීව කතා කරන්න,ගනුදෙනු කරන්න දන්නවා. ඒත් මන්ත්‍රීවරු ඒක දන්නෙ නෑ.ඒක නිසා ජනාධිපතිතුමාගෙන් ඒ සුහදතාවය ගැන ඉගෙන ගන්න” යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Read More

මහනුවර ජාතික රෝහලේ හෙදියක තම තෙවැනි දරුවා ප්‍රසූත කිරීමට යාමේදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. එසේ මියගොස් ඇත්තේ ඉසුරු නදීෂානි දිසානායක නැමැති 37 හෙදියකි. ඇය මියගිය ද ඇයගේ කුඩා දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. එම මව අනුරාධපුර රෝහලේ වසර ගණනාවක් සේවය කර ඇති පසුව ඇය මීට තෙමසකට පමණ පෙර මහනුවර ජාතික රෝහලේ ළමා රෝග පිළිබඳ සායනයේ රාජකාරී සඳහා එක්ව තිබේ. ඇයගේ තෙවැනි දරුවා පිළිසිඳ ගැනීමෙන් අනතුරුව ඇය කිසියම් අවදානම් තත්ත්වයක සිටින බවට වෛද්‍යවරුන් හඳුනාගෙන තිබී ඇති අතර සිදුකළ ස්කෑන් පරික්ෂාවේදී ඇයගේ වැදෑමහ පිහිටීමේ යම් අසාමාන්‍ය තත්ත්වයක් හේතුවෙන් ඇය…

Read More