ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.
ඒ අනුව බොරතෙල් මිල මෙම වසරේ මැයි මාසයෙන් පසු පළමුවරට ඩොලර් 100 ඉක්මවමින් වාර්තා කරමින් ඇතැයිද එහි සඳහන් වේ.
මෙහිදී WTI බොරතෙල් බැරලයක් 1.55%කින් ඉහළ ගොස් ඇති අතර එහි මිල සටහන්ව ඇත්තේ ඩොලර් 101.0ක් ලෙසය.
එමෙන්ම BRENT බොරතෙල් බැරලයක මිල 1.25%කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල ලෙස මේ වනවිට සටහන්ව ඇත්තේ අමෙරිකානු ඩොලර් 114.6කි.
MERBAN වර්ගයේ බොරතෙල් මිලද ඉහළ ගොස් ඇති අතර ඒ අනුව එහි නව මිල ලෙස සටහන්ව ඇත්තේ 114.4කින් වන අතර එය 3.81%කින් ඉහළ ගොස් ඇති බවත් සඳහන් වේ.
විදෙස් මාධ්ය වාර්තා කර ඇත්තේ මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වයන් හමුවේ මෙලෙස බොරතෙල් මිල ඉහළ යාම් වාර්තා වී ඇති බවය.
