Author: LANKA24X7

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකට අදාළව එම විශ්වවිද්‍යාලයේ සිසුන් 31 දෙනෙකුට විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ සිසුන් දෙපිරිසක් අතරයි මෙම ගැටුම ඇතිවී ඇත්තේ. ඒ අනුව ගැටුමට අදාළව එම පීඨයේ දෙවන වසරේ සිසුන් 16 දෙනෙකු සහ තෙවන වසරේ සිසුන් 15 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන්ට කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයට ඇතුළුවීම තහනම් කර තිබෙනවා. ගැටුමෙන් එක් සිසුවෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read More

සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ (04) පැවති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු 06ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 323ක්. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 78ක් රැස් කළා. දිමුත් කරුණාරත්න ලකුණු 52යි. ලකුණු 324ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 42 යි පන්දු01 කදී කඩුලු සියල්ල දැවී ලකුණු 191 ක් පමණක් ලබා ගැනීමට සමත් වුණා. එහිදී හෂ්මතුල්ලා ෂාහිඩි ලකුණු 57ක් රැස් කළ අතර ඊබ්‍රාහිම් සද්‍රාන් ලකුණු 54 ක් රැස් කළා. පන්දු යැවීමේදී ධනංජය සිල්වා කඩුලු 3 ක් සහ වනිදු හසරංග…

Read More

සංස්කෘතික සම්භවයක් සහිත වපසරියක් තුළ කථා නොකරන මාතෘකාවක් ලෙස ලිංගික සංසර්ගය හැඳින්විය හැකි බව අවිවාදිතව පිළිගතයුතු කරුණක්. බටහිර සම්භවයක් සහිත රටවලට මෙම මාතෘකාව සැහැල්ලු වූ තේමාවක් වෙද්දී ස්වීඩනය ලිංගික සංසර්ගය ක්‍රීඩාවක් බවට පත් කිරීමට සූදානම් වන පුවතක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. ලිංගිකත්වය බොහෝ දෙනා රහසිගතව පවත්වා ගන්නා කරුණක් වුවත් මෙම තරඟාවලිය ඔස්සේ එය සැමට විවෘත වන සේ පළමු යුරෝපීය සෙක්ස් තරගාවලිය ලෙස ජුනි මස 8 වැනිදා ස්වීඩනයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදනම් කොට තිබෙනවා. ස්වීඩන් සෙක්ස් පදනම විසින් මෙහෙයවනු ලබන ඒහි තරග ඉසව් අතර ලිංගික තරග දවසේ පැය හයක කාලයක් පුරාත්, එක් තරගයක් මිනිත්තු හතළිස්පහක කාලයකින් යුක්තවන බවයි වාර්තා වන්නේ. විවිධ…

Read More

ගායිකාවක් සහ නිරූපිකාවක් වන යොහානි ද සිල්වා හට ඩුබායි හි ගෞරවනීය ගෝල්ඩන් වීසා හිමි වී තිබෙනවා. ගෝල්ඩන් වීසා යනු කලා, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් පුද්ගලයින්ට ඩුබායි හි බලධාරීන් විසින් පිරිනමනු ලබන ගෞරවනීය ප්‍රදානයකි. යොහානි ද සිල්වා යනු ගායිකාවක් සහ නිරූපිකාවක් වන අතර ඇයගේ සිත් ඇදගන්නාසුළු රංගනයන් සහ සුවිශේෂී සංගීත ශෛලිය සඳහා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලනවා.

Read More

මදුරු මර්දන සහයකයන් ලෙස නිවසකට වෙස්වලා ගෙන පැමිණ පුද්ගලයන් තිදෙනෙකු එහි සිටි 73 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ අත් පා බැඳ දමා රන් භාණ්ඩ කොල්ලකා පලායෑමේ පුවතක් කැස්බෑව – බටුවන්දර ප්‍රදේශයෙන් වාර්තා වනවා. කොල්ලකරුවන් විසින් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා රන්භාණ්ඩ සහ ජංගම දුරකථනයක් මෙලෙස කොල්ල කා පලාගොස් ඇති බවටයි පොලිසිය සඳහන් කළේ. හොඳින් හැඳ පැළඳ අත ෆයිල් කවර සහ ලිපිලේඛන අතැතිව පැමිණ තිබූ මෙම කොල්ල කරුවන් තිදෙනා අසල්වාසීන්ට කිසිදු සැකයක් ඇති නොවන පරිදි තවත් නිවාස කිහිපයකට ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

Read More

යූරියා පොහොර මිටියක් උපරිම සිල්ලර මිලට වඩා වැඩිමිලට අලෙවිකරන වෙළදුන් සහ බෙදාහරින්නන් සොයා වෙළඳපළේ විශේෂ වැටලීමක් ආරම්භ කර තිබෙනවා. වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දුගේ උපදෙස් මතයි මෙම වැටලීම් ආරම්භ කර ඇත්තේ. යළ කන්නයේ යූරියා පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් අසූදහසක් වන අතර ඉන් විසිදහසක ප්‍රමාණයක් මේ වන විට ගොවීන් වෙත බෙදාහැර අවසන් කර තිබෙනවා.

Read More

රජය මෙවර මිහින්තලා පොසොන් ආලෝක පූජාව නොසලකා හැරියත් ජනතාවගෙන් ලද සහයෝගයෙන් ආලෝක පූජාව සාර්ථක කරගැනීමට හැකිවූ බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි පවසයි. මිහින්තලා ආලෝක පූජාව අවසන් කරමින් පැවති ඊයේ (04) සාකච්ඡාවකදී උන්වහන්සේ සවේදී ව ඒ සම්බන්ධයෙන් අදහස් පළකළා.

Read More

අද (05) බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වෙනවා. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ම්.මි. 75ක පමණ තරමක වැසි ද ඇති විය හැකි බවයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති වෙන අතර ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවත් සඳහන්. උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.ම්.. 40-45ක පමණ තද සුළං ඇති…

Read More

ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමත් සමඟ ලාෆ් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවේ ද යන්න සම්බන්ධයෙන් විධායක මණ්ඩලය අද (05) පස්වරුවේ රැස්වී සාකච්ඡා කරන බව එම සමාගම ප්‍රකාශ කළා. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (05) සිට රුපියල් 452කින් අඩු වන අතර ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 3,186ක් ලෙසයි. එමෙන්ම කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181කින් අඩු වන අතර එහි නව මිල රුපියල් 1,281ක්. කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 83කින් අඩු කර රුපියල් 598කට අලෙවි වෙනවා. මේ අතර ගෑස් මිල අඩු කළ ද බේකරි නිෂ්පාදනවල මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බව සමස්ත ලංකා බේකරි…

Read More

ඔට්ටමාවඩි ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේප්පුවකින් රුපියල් කෝටි 2 ක පමණ රන් භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනා මත එම බැංකුවේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පවසන්නේ ඒ අතර එහි නියෝජ්‍ය කළමනාකරු, මෙහෙයුම් කළමනාකරු සහ සේවා සහායකද සිටින බවය. ඔට්ටමාවඩි ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක රන් භාණ්ඩ සොරකම් කර ඇතැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට පසුගියදා පැමිණිල්ලක් ලැබී තිබුණි. විමර්ශන කණ්ඩායමක් ඒ අනුව එම ප්‍රදේශයට ගොස් කඩිනම් පරීක්ෂණ ආරම්භ කර තිබුණි. එහිදී හෙළිවී තිබුණේ පුද්ගලයෙක් පසුගිය වසරේ නොවැම්බර් මස දස වනදා උකස් තැබූ තම රන් භාණ්ඩ නැවත උකස් තැබීම සඳහා පැමිණි අවස්ථාවේදී ඒවා අස්ථානගතවී තිබීම හේතුවෙන් එම…

Read More