Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අද (28) පස්වරුවේ කොළඹ ෂැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව තිබේ. අද දින සමාරම්භක සැසියට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වන අතර එහිදී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රි මහතා සමඟ තිරසාර ආර්ථික ප්‍රගතිය සඳහා රජයේ දැක්ම පිළිබඳ සුවිශේෂී සංවාදයකට ජනාධිපතිවරයා එක්වනු ඇත. ව්‍යාපාරික නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ශාස්ත්රඥයින් සහ ජ්‍යෙෂ්ඨ ආයතනික නියෝජනයන්ගෙන් පෙර නොවූ විරූවාර්තාගත සහභාගීත්වයක් මෙවර සමුළුව වෙත ලැබී ඇති අතර Shaping Sri Lanka’s Future: Transformational Growth with Sound Economic Policies යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙනු ඇත. එහි සමාරම්භක දේශනය ලංකා…
77 වන නිදහස් දිනය වෙනුවෙන් පෙරහුරු කටයුතු හෙට (29) දිනයේ සිට ආරම්භ කරන බව පොලීසිය පවසයි. ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට අදාළ පෙරහුරු කටයුතු ආරම්භ කිරීමට නියමිත ව තිබේ. “ජාතික පුනරුදයට පෙළගැසුමු” යන තේමාව යටතේ මෙවර නිදහස් දිනය සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. මේ සඳහා යුද, ගුවන්, නාවික, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම සිවිල් ආරක්ෂක බළකා පෙළපාලිද පැවැත්වීමට නියමිතය. ඒ අනුව මෙහි පෙරහුරු කටයුතු හෙට දිනයේ සිට එළැඹෙන 02 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද පොලීසිය සඳහන් කළේය. පෙරහුරු පැවැත්වෙන කාල සීමාව තුළ කුරුඳුවත්ත පොලිස් වසමේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්…
තලංගම තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවළකට ඩුබායි රාජ්‍යයේ සිට හා මෙරට සිට දුරකතන ඇමතුම් ලබා දෙමින් මරණ තර්ජන සිදු කරමින් රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාශ අපරාධ මර්දන මෙහෙයුම් ඒකකය පවසයි. එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7100 ක් පොලිස් භාරයට ගෙන ඇත ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුම් ලබාදී බිය වැද්දීම හේතුවෙන් විශාල කම්පනයකට හා භීතියකට පත්ව සිටි ඔහු වැඩ බලන පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට භාරදීමෙන් පසු පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත පරීක්ෂණ ආරම්භ කළ…
අලුත් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට යන බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත පෙම්වතිය විසින් පෙම්වතාගේ පපු ප්‍රදේශයට පිහියෙන් ඇනීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ පෙම්වතා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වැල්ලවාය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටියෙ පදිංචි සුජිත් ප්‍රදීප් කුමාර (31) නැමැති එක්දරු පියෙකි. මියගිය පුද්ගලයා විවාහක එක්දරු පියකු වන අතර ඔහුගේ බිරිය විදෙස්ගතවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මියගිය පුද්ගලයා සැකකාරිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර සැකකාරිය වැල්ලවාය, කොටවෙහෙර ප්‍රදේශයේ කුලී පදනම මත බෝඩිං කාමරයක රැඳී සිට ඇති බව පොලිසිය කියයි. මියගිය පුද්ගලයා අවස්ථා කීපයකදීම පෙම්වතියගේ බෝඩිං කාමරයට…
එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ දී සිදුවිය. මෙහි දී එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මෙරට ආර්ථික, සමාජීය හා දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණි. වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික ගැටලුවෙන් මිදීම සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇයගෙන් ඉල්ලා සිටියේය. එසේම එක්සත් රාජධානියේ සංචාරකයන් වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන කටයුතු සදහා සහයෝගය ලබා දෙන ලෙස ද විපක්ෂ නායකවරයා ඉල්ලීමක් කළේය. මේ අවස්ථාව සදහා එක්සත්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (27) ඒ මහතා වෙත භාර දුන්නේය. ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා ඉතිහාසයට එක් වෙයි. එළැඹෙන ජනවාරි 29 වන දා සිට බල පැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති අතර වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා ලබන 29 වන දා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතය. එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා වීර වික්‍රම…
මතට ලොල් වූ සොරුන් කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් වලට පැන වටිනා පාසල් උපකරණ සොරාගෙන යන බව කොලොන්නාව කොට්ඨාසයේ පාසල් වල ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකදී අනාවරණය විය. මෙම සාකච්ඡාව කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ විදුහල්පතිවරුන්ගේ සහ කොලොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සහභාගීත්වයෙන් කොලොන්නාව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ දී පැවැත්විණි. මේ සඳහා කොලොන්නාව කොට්ඨාසයේ පාසල් 18ක විදුහල්පතිවරුන් සහභාගී වී සිටි අත, ඔවුහු මෙහි දී සිය ගැටලු, අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ. කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්වල ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා පොලීසිය ඇතුළු ආරක්ෂාව සම්බන්ධ ආයතන සමඟ සාකච්ඡා කරන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා එහිදී සඳහන් කළේය. පාසල් මුරකරුවන්ගේ…
බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඉඩම ට්‍රැක්ටරයක් මගින් සුද්ධ කරමින් සිටියදි ඉඩමේ තිබු විදේශිය රටක නිෂ්පාදිත ඊයේ (27) සවස අත් බෝම්බයක් පුපුරා ගොස් ඇති බවත් පසුව එම ස්ථානයේ තිබි තවත් ජිව අත් බෝම්බ දෙකක් හමුවි ඇති බවත් දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. ට්රැක්ටරය විහාරස්ථානයට අයත් එකක් වන අතර විහාරාධිපති හිමියන්ගේ ඥාති පුතෙකු ට්‍රැක්ටරයේ පිටුපස තණකොල කපන උපකරණයක් සවිකරගෙන තණකොල කපමින් සිටියදි මෙම බෝම්බය පුපුරාගොස් ඇත. අක්කර පහක් පමණ විශාල ඉඩම වසරකට පමණ පසු සුද්ධ කරමින් සිටියදි බෝම්බය පුපුරාගොස් ඇති අතර එහිදි ට්රක්ටරයේ රියදුරුට තුවාල සිදුව නැත. පසුව කරණ ලද සෝදිසියකදි ඒ ආසන්නයේ තිබි තවත් ජිව අත් බෝම්බ දෙකක්…
දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවූ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙද සැලකට රුපියල් ලක්ෂ 10 ක දඩයක් පැනවීමට මහර අධිකරණය ඊයේ (27) නියෝග කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. එම සුපිරි වෙළඳසැල දේශීය සුදු කැකුළු කිලෝවක් රුපියල් 255 කට අලෙවි කිරීම සම්බන්ධව ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරිය නිලධාරීන් මහර අධිකරණයට කළ කරුණු දැක්වීමක් අනුව මෙම දඩය පැන වූ බවත් සහල් වැඩි මිලට අලෙවි කරන වෙලදුන්ට එරෙහිව පසුගිය දිනවල පවරණු ලැබූ නඩු සඳහා අධිකරණ රුපියල් මිලියන තුනකට වැඩි දඩ මුදල් නියම කර ඇති බවත් එම අධිකාරිය පවසයි. සහල් වැඩිමිවලට අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික අධිකාරිය පසුගිය දිනවල වැටලීම්…
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ නිරිතදිග කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇත. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
