Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් ගොනුකර තිබෙන පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ජනවාරි මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. එම පෙත්සම් අද (16) ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුනි.
කිලෝ 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් සමග ධීවර යාත්‍රා 2ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ. දකුණු මුහුදු තීරයේදී මෙම යාත්‍රා 2 නාවික හමුදා භාරයට ගෙන ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තා වෙයි. මෙහිදී අදාළ යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් පිරිසක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තළිණි ප්‍රියමාලි දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.
කළුතර පාසල් සිසුන් පරීක්ෂා කිරීම අද උදැසන කළුතර උතුර පොලිසිය විසින් සිදුකරන ලදී . මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂ පුහුණුවක් ලත් පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඩාලී නිළ සුනඛයාද පරීක්ෂා කිරීම් සදහා කැදවා තිබුණි, පාසල් සිසුන් අයිස් මත්ද්‍රව්‍යවලට පොළඹ වන බවට ලැබී ඇති තොරතුරු අනුව දිවයිනපුරා පාසල්වල මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත. දිවයින පුරා බොහෝ පාසල් අසල අද දිනයේ පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේය.
සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ආනයනික බොරතෙල් නොමැතිවීම මත පිරිපහදුවේ කටයුතු නවතා දැමීමට පසුගියදා පියවර ගෙන තිබුණි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ආනයනික බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති අතර ඊට අවශ්‍ය ගෙවීම් මේ වන විට සිදුකර අවසන් බවය. එමෙන්ම පිරිපහදුවේ ටැංකි සංකීර්ණය වෙත අදාළ බොරතෙල් ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබේ. ඉදිරියේ දී පිරිපහදු නිෂ්පාදන කටයුතු ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් ආනයනය කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු අවසන් කර ඇති බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේය. ඒ අනුව පූර්ණ…
දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් හෙට (17) සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ අද දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙරට ආර්ථිකය නැවත තිබූ තත්වයට පත් වන තෙක් සහ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුමක් ලැබෙන තෙක් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්හි සේවකයන්ට හෝ රාජ්‍ය සේවකයන්ට අතිකාල දීමනා, පඩි වැඩිවීම්, ප්‍රසාද දීමනා ලබා නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත. පසුගියදා පැවති තැපැල් සේවකයන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳ අදහස් දක්වමින් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර ඇත. තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් 6 න් 3ක්ම තිබෙන්නේ අතිකාල දීමනා සහ පඩි වැඩිවීම් ගැන බව එහිදී ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත. රට අර්බුදයකට මුහුණ පා තිබෙන මේ අවස්ථාවේ ඔවුන්ගේ ඉල්ලීම් කිසිසේත් ලබා දිය නොහැකි බවත් මිලියන ගණනක ජනතාවක්…
sinhala.adaderana.lk Logo ENGLISH தமிழ் බ්‍රිතාන්‍ය සහ චීනය යළි පැටලෙයිසයුරෙන් එතෙර බ්‍රිතාන්‍ය සහ චීනය යළි පැටලෙයි December 15, 2022 06:51 pm බ්‍රිතාන්‍යයේ පිහිටි චීන කොන්සල් කාර්යාලයට අනුයුක්තව සිටි චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 06 දෙනෙකු චීනය සිය රට වෙත යළි කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ පොලිස් ප්‍රශ්න කිරීමක් සඳහා අදාළ නිලධාරීන්ගේ රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ඉවත් කරන ලෙස බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති පසුබිමක් තුළය. ඉකුත් ඔක්තෝබර් 16 වනදා පුද්ගල කණ්ඩායමක් විසින් හොංකොං විරෝධතාකරුවෙකුව මැන්චෙස්ටර්හි පිහිටි චීන කොන්සල් කාර්යාල පරිශ්‍රය තුළට ඇදගෙන විත් පහර දී තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් චීන නියෝජිතයෙකු ගෙන්වා ඒ සම්බන්ධයෙන් විමසීමට බ්‍රිතාන්‍ය විදේශ…
ලංකාවේ ද්වි පාර්ශ්වික ණය හිමියන්ගේ තෙවැනි සාකච්ඡා වටය ඊයේ (15) පවත්වා තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඒ බව තහවුරු කළේය. ඔහු පවසන්නේ සියලු පාර්ශ්වයන්ට සමානව සහ විනිවිදභාවයෙන් යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව බැඳීසිටින බවය.
අයිස් මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ පාසල් සිසුන් 81 දෙනෙකු මේ වනවිට පුනුරුත්ථාපනය සඳහා යොමුකර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. “මේ ගැන හංගන්න දෙයක් නැහැ. අපි නිකන් හිටියේ නැහැ.. දැන් මාසෙකට දෙකකට කලින් ඉඳන් කොළඹ කලාපය මුල් කරගෙන වැඩසටහනක් හැදුවා. දැන් අපි ඒක පුළුල් කරනවා මුළු දිවයිනටම. ජනවාරි සිට පටන් ගන්නවා. මීට මාසයකට විතර කලින් අයිස් මත්ද්‍රව්‍ය නිසා පුනුරුත්ථාපනය සඳහා 81 දෙනෙක් යවලා තිබෙනවා.” මේ අතර පාසල් පද්ධතිය තුළට පැමිණ ඇති අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සොයා ඊයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සෝදිසි මෙහෙයුම් දියත් කර තිබුණි. දිස්ත්‍රික්ක කිහිපයක පාසල් ද ඒ යටතේ සෝදිසි කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුණි.
