Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජාතික පශු සම්පත් සංවර්ධනය මණ්ඩලය විකිණීමට පසුගිය රජය තීරණය කර තිබුණද වත්මන් රජය යටතේ එය කිසි ලෙසකින් විකුණන්නේ නැතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය. මෙහිදී අමාත්‍යවරයා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වර්තමාන තත්ත්වය, ආයතනය වල අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කළේය. වර්තමාන රජයේ ඉදිරි ජාතික වැඩපිළිවෙල අනුව පශු සම්පත් ක්ෂේත්‍රයේ ළඟා කරගැනීමට අපේක්ෂිත ඉලක්ක සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් ලබා ගත හැකි දායකත්වය පිළිබඳව ද සාකච්ඡා කළ අතර, ජාතික අවශ්‍යතාවයට සරිලන කිරි ඉදිරි වසර පහ තුළ දේශීයව නිෂ්පාදනය…
ගල්කිස්ස බඩෝවිට සිරිපාල මාවතේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර පලා ගොස් සැඟව සිටි වෙඩික්කරු දින 6 කට පසු බියගම මල්වාන ප්‍රදීපගම පාරේ බෝඩිම් කාමරයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි අත්අඩංගුවට ගත් සැකකරු 2008 වසරේ සිට හමුදා සෙබලෙකු ලෙස සේවය කර වසර 4 කට පසු සේවයෙන් ඉවත් වූ අයෙක් බව පොලිසිය සඳහන් කරයි සැකකරු සන්තකයේ ඝාතනයේ සැලසුම් කිරීමට යොදාගත් “ෆැංගි සුදුමල්ලී” නැමැති මෘදුකාංගය (app එක) අඩංගුව තිබූ ජංගම දුරකථනය , බැංකු පොතක් සහ ඒ.ටී.එම් කාඩ් පතක් සිම්පතක් මෙන්න ඝාතනය සිදුවූ දින සෙබලා හැඳ සිටින්න ඇඳුම් පැළඳුම් ද පොලිස් භාරයට ගෙන ඇත එම වෙඩි…
ගිරිබාව පොලිසියේ සැරයන්වරයෙකු රුපියල් 20000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (24) දහවල් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි ගිරිබාව ප්‍රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත පැමිණිලිකරු සමග විවාහ වී සිටින දැනට ඔහුව අතහැර ගොස් සිටින බිරිඳට විරුද්ධව පැමිණිලිකරු විසින් පවරන ලද වන්දි නඩුවට අදාලව බිරිඳට විරුද්ධව ඇති වරෙන්තුව ක්‍රියාත්මක කර බිරිඳ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරදීම මගින් හිඟ වන්දි මුදල් මුදල් ලබා ගැනීමට උදව් කර දීම වෙනුවෙන් එකී මුදල ඉල්ලා තිබූ බව පොලිසිය කියයි අත්අඩංගුවට ගස් සැකකරු ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව…
ඌව සහ දකුණු පළාත්වල අම්පාර, මඩකළපුව,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් හෝ රාත්‍රී කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ බස්නාහිර පළාතේ උදෑන කාලයේ දී ද වැසි ඇති විය හැකියි. ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව,නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
පොල් වගාකිරීමේ මණ්ඩලය වෙත ගිවිසුම් නොමැතිව බදු පදනම මත ලබාදී ඇති ඉඩම් අක්කර 1 ,539 ක් වෙනුවෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත රුපියල් 354,658,614 ක හිඟ බදු අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය විගණන වාර්තාවකින් අනාවරණය කරයි. එමෙන්ම මෙලෙස බදු දුන් තවත් ඉඩම් අක්කර 1588 ක් වෙනුවෙන් අයකළ යුතු බදු මුදල කොතෙක්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැතැයිද විගණන කාර්යාලය විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් 2023 ට අදාළව නොබෝදා නිකුත් කර ඇති මෙම විගණන වාර්තාවේ සඳහන් වේ. මේ සම්බන්ධයෙන් 2024.07.05 දින පැවැති රැස්වීමකදී හිඟ බදු මුදල් ගෙවීමට හා ඉදිරියේදී බදු නියමානුකූල කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විසින්…
වතුකරයේ ජනතාව හැදුන්වීමට සියවස් දෙකක කාලයක සිට භාවිත කළ වතු යන නාමය වෙනුවට උඩරට (මලෛගම්) යන නාමය භාවිතා කිරීමට රජය තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පැවසුවේය. රත්නපුර කරපිංච ශාන්ත ජෝකිම් දෙමළ මහා විද්‍යාලයේ පැවති 2025 සබරගමු පළාත් තෛපොන්ගල් උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ. ලංකාවේ කදුකර ප්‍රදේශවල තේ වගා කටයුතු සදහා ඉන්දියාවෙන් මීට වසර දෙසිකට පමණ පෙර පැමිණි දෙමළ භාෂාව කතා කරන ජනතාව වතු ජනතාව ලෙස හදුන්වනු ලබයි. අධිරාජ්‍යවාදීන් මේ ජනතාවට පොදු පහසුකම් ලබාදුන්නේ ඉතාම අවම වශයෙනි. උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සමග ඔවුන් එකතුවීමට කැමැත්තක් නැත. වසර ගණනාවක සිට තමන් වතු…
රටේ අහිංසක මිනිසුන්ගෙන් කාලා බීලා ඉන්න ලැජ්ජාවක් නැද්දැයි ප්‍රශ්න කරන බවත් ජනතාවට බරක් නොවී කරුණාකර ඔය සුපිරි නිවෙස් වලින් යන්නැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරුන්ගේ ඉල්ලා සිටින බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. මහින්ද රාජපක්ෂ මහතාගේ මහ මන්දිරය වෙනුවෙන් පෙනී සිටින අයට වගේම ඒ නිවසේ සිටින අයටද ලැජ්ජාවක් නැති බව පැවසු අමාත්‍යවරයා උස මහත දරුවන් තිදෙනෙකුට තමන්ගේ අම්මා තාත්තා රැක බලා ගැනීමට හැකියාවක් තිබිය යුතු බවද ප්‍රකාශ කළේය. නාවික හමුදාවේ දරුවකු සේම හඳට රොකට් යවන දරුවකුද සිටින බව ඔහු පෙන්වා දුන්නේය. හිටපු ජනාධිපති මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග…
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවාගැනීමේ දි වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහායක ශිල්පියකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම එක්ව අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන්කර ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට්පත් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන්ට උකු වෙල මහනුවර සහ මාතලේ පදිංචි වයස අවුරුදු 34-44 පසුවන්නන්ය.
රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇපමත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළේය. නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගන්නා ලද ඉඩමකට අදාළ වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබුණි.
රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි. දේශපාලන හිතවත්කම් සහ ඥාති සබඳතා මත තානාපති සේවයට නිලධාරීන් පත් කිරීමේ ක්‍රමවේදය අවසන් කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2025 වර්ෂය සඳහා වන ආධුනික කණ්ඩායම බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමින් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා මෙම අදහස් පළ කළේය.
