Author: LANKA24X7

යක්කලමුල්ල විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් රජයේ පාලන මිලට වඩා රුපියල් 299ක මුදලකට අලෙවි කරමින් සිටියදි කොටුකර ගැනිමට හැකිවු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් රජයේ පාලන මිලට අනුව රුපියල් 220ක මුදලකට අලෙවි කළ යුතුවේ. මෙකි විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් ආනයනික රතු කැකුළු සහල් රාක්කවල අලෙවි කිරිමට නොතබා ගබඩාවෙන් රැගෙනවිත් පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිලධාරිහු පවසති. විවිධසේවා සමුපාකාර සමිතියක් විසින් මේ අයුරින් ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් ඉතා විශාල මුදලකට පාරිභෝගිකයින්ට අලෙවිකිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද පාරිභෝගික අධිකාරියේ විමර්ශන…

Read More

පොළොන්නරුව හා මනම්පිටිය අතර තාවකාලිකව ආරම්භ කළ දුම්රිය සේවාව අද (21) උදේ සිට නතර කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. පොළොන්නරුව හා මනම්පිටිය අතර මහ මාර්ගය ජලයෙන් යටවීම නිසා මාර්ගයේ බස් රථ ඇතුළු වාහන ගමනාගමනය අත්හිටුවීම හේතුවෙන් ජනතාවගේ ගමන් පහසුව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය 19 දා සිට පොළොන්නරුව හා මනම්පිටිය අතර දුම්රිය සේවාව තාවකාලිකව ආරම්භ කෙරිණි. ජලය බැසයාම හේතුවෙන් පොලිසිය පොළොන්නරුව හා මනම්පිටිය මාර්ගය රථ වාහන ධාවනය සදහා අද උදේ සිට විවෘත කිරීම නිසා පොළොන්නරුව මනම්පිටිය දුම්රිය සේවාව නතර කිරීමට පියවර ගත් බව දෙපාර්තමේන්තු නිලධාරියකු පැවසීය.

Read More

වී කිලෝවක් සඳහා රුපියල් 130ත් 140ත් අතර ‘සහතික’ මිලක් ලැබිය යුතු යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඊයේ (20) පැවසීය. වී පොහොර බෑගයකට යන තේ වන වියදම ලෙස රුපියල් 116.93 ක මිලක් ඉදිරිපත් කර ඇති බවත් එම රුපියල් 116.93 ට ලාභය ලෙස සියයට 25 ක් එකතු කළ විට රුපියල් 146.10 ක මිලක් ලැබුණු බවත් ඒ මහතා කීය. එම මිලෙන් රුපියල් 6.10 ක් ද අඩු කර වී කිලෝවක් සඳහා රුපියල් 140 ක සහතික මිලක් ලැබිය යුතු බව කියන අනුරාධ තෙන්නකෝන් මහතා වී කිලොවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර පරායක සාධාරණ සහතික මිලක් දියයුතු බව ද සඳහන් කළේය.

Read More

මහින්ද රාජපක්‍ෂ මහතා නිල නිවසින් ඕනෑම වෙලාවක ඉවත්ව යෑමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඊයේ (20) පැවසීය. එතුමා මහින්ද රාජපක්‍ෂ වීම නිසා නිල නිවසින් ඉවත් යෑමට සූදානම් බවත් වර්තමාන ජනාධිපතිතුමාට එම නිවස කාට හෝ විකුණාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ මහත්මයා ඉවත්කිරීමට අවශ්‍ය නම් එය ලිඛිතව දැන්විය හැකි බවත් නාමල් රාජපක්‍ෂ මහතා කීය. එම නිවස ඉල්ලා ගත් දෙයක් නොවන අතර එය ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිවරයාට ලැබුණු දෙයක් බව ද නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Read More

ගල්පාත පාතකඩ අරඹ කන්දවත්ත ගල් මෝලක ගල මුදුනේ ක්‍රියාත්මක වෙමින් තිබූ ස්කැවරේටර් යන්ත්‍රයක් හා පස් කණ්ඩියක් අතර සිරවීමෙන් දින 6 කට ඉහතදී සේවයට පැමිණි පුද්ගලයකු බරපතල තුවාල ලබා අද මිය ගොස් ඇතැයි තෙබුවන පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ මොනරාගල සිරිගල සිරිගල පහළ කොටස පදිංචිව සිටි මංගල දිනේෂ් 43 විවාහක පුද්ගලයෙකි. ස්කැවරේටර් රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

හිටපු ජනාධිපතිවරුන් පාවිච්චි කරන නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර ඇත. මෙයට අමතරව ජනාධිපති නිල නිවාස සහ හිටපු ඇමතිවරුන්ගේ නිල නිවාස සම්බන්ධයෙන්ද තක්සේරු වාර්තා ගැනීමට මේදිනවල කටයුතු කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ලවා පසුගිය සතියේ දී තක්සේරුවක් කරගෙන ඇති බවත් එම තක්සේරුවට අනුව එහි මාසික කුලිය ලක්ෂ 46 ක් බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු ජනාධිපතිවරුන්ට හිටපු ඇමතිවරුන්ට මින් ඉදිරියට නිල නිවාස නොදීමට රජය තීරණයක් ගෙන ඇත. එසේම ජනාධිපතිවරයාද නිල නිවාස ලබා නොගැනීමට තීරණය කර අැත මෙම තක්සේරු කිරීම අාරම්භ…

Read More

නැගෙනහිර,උතුරුමැද සහ ඌව පළාත්වලත් මාතලේ,හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවෙත් වැසි වාර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. උතුරු පළාතේත් වැසි ස්වල්පයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇති වේ.

Read More

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබේ. නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළා යැයි අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) පෙරවරුවේ ඉදිරිපත් කෙරුණි. විනාඩි 30ක දීර්ඝ කරුණු දැක්වීමකින් පසු රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත ඔහු නිදහස් කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා නඩුව ලබන මස 06 වැනි දින නැවත කැඳවීමටද නියෝග කළේය.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අලුතින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 07 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (20) එස්. තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොමැති බැවින් අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 07 වනදා කැඳවන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය. ගම්පොළ ප්‍රදේශයේ පදිංචි ගිහාන් ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත්…

Read More

දකුණු කොරියාවේ කෘෂි හා ධීවර කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් සැපයීමේ ඊ 8 විසා ගිවිසුම සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට අදාළව , හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට (21)හෙට දිනයේදී ප්‍රකාශයක් ලබා දිය හැකි බව ජනාධිපතිනීතිඥ සාලිය පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේ කරුණු දක්වමින් අද(20) පැවසීය. දෙරට ඇති අතර ඇතිකරගත් ගිවිසුම ප්‍රකාරව සේවකයින් විදේශගත කිරීමේදී විදෙස් සේවා නියුක්ති කාර්යංශ පනත හෝ දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව අපරාධයක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව රහස් පොලිසිය හා තැනැත්තන් වෙළඳාම් කිරීමේ හා ජාවාරම් කිරීමේ ඒකකය මගින් සිදු කරන විමර්ශනයන්හි සැකකාරයකු ලෙස නානායක්කාර මහතා මෙතෙක් නම් කොට නොමැති…

Read More