Author: LANKA24X7

ඩෙල්ෆ් දූපත ආසන්නයේ මෙරට මුහුදු සීමාවේ දී සිදුවු අනතුරකින් ඉන්දීය ධීවරයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔවුන් ගමන්ගත් යාත්‍රාව පෙරළී මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරෙන් ධීවරයින් සිව්දෙනෙකු මුහුදට වැටී ඇති අතර ඉන් තිදෙනෙකු බේරාගෙන පුන්කුඩතිව් රෝහලට ඇතුළත් කිරීමේ දී එක් අයෙකු මියගොස් තිබේ. අනෙක් ධීවරයා සෙවීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බව නාවික හමුදාව සඳහන් කළේය.

Read More

පොළොන්නරුව පොලිස් වසමේ සේවාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමකින් රෝහල්ගත කර තිබේ. එම පුද්ගලයාව රෝහල්ගත කළ බවට ලද තොරතුරක් අනුව පොළොන්නරුව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 46ක් වූ සේවාගම, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාලකරු වඳුරන් පැන්නීමට තම බලපත්‍ර සහිත බෝර 12 ගිනිඅවිය රැගෙන ඉඩමේ යමින් සිටිය දී පය පැටලී ගිනිඅවිය ක්‍රියාත්මක වී වෙඩිවැදීම සිදුව ඇති බවට බිරිඳ විසින් ප්‍රකාශයක් ලබාදී තිබේ. තුවාලකරු ව්‍යාපාරික ණය හේතුවෙන් දැඩි මානසික පීඩනයකින් පසුවු බවට අනාවරණය වී ඇති අතර, මේ හේතුවෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති ද යන්න සම්බන්ධයෙන් ද පොලීසිය සැකකරනු ලබයි. පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන…

Read More

රට බංකොලොත් කළ අපේක්ෂකයෙක් තනිවම ඉදිරිපත් කරන්න පොහොට්ටුව ගත්ත තීරණය රටට ඉතාම සුබ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. එම අපේක්ෂකයාට ජනතාව මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදීව සැලකිය යුතු බවද රණවක මහතා කීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේ මොහොතේ තවදුරටත් රාජපක්ෂ පවුලට ගැතිකම් කරමින් සිටිනවා දැයි දෙවරක් සිතා බැලිය යුතු බව ද රණවක මහතා සඳහන් කළේය. එක්සත් ජනරජ පෙරමුණේ පන්නිපිටිය ඇරැව්වල ජනහමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

Read More

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාලයන්ගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවට බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ගය කියයි. අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ද බුද්ධි අංශ වාර්තාවක් මගින් දැනුම්දී ඇති බවත් එම ආරංචි මාර්ග කියයි. පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා දිගින් දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදීමත් ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමත් අමත්‍යවරයාට පාතාල තර්ජනය එල්ලවීමට හේතුවී ඇතැයි එම ආරංචි මාර්ග කියයි. කොපමණ පාතාල තර්ජන පැමිණිය ද මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනය නොනවත්වන බව ඉකුත් දා අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා තිබුණි.

Read More

පොහොට්ටුවේ ඉතිරි වී සිටින සුළු පිරිසෙන් තවත් කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා එක්වන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය. පොහොට්ටුවේ බහුතර මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ගත් මෙම තීරණය පාක්ෂිකයන් හා රට ගැන සිතා ගත් තීරණයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. අමාත්‍යවරයා මේ බව කීවේ “එක්ව ජයගමු” තේමාව යටතේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවට ඊ (31) දින සහභාගී වෙමිනි. බම්බලපිටිය ලොරිස් මාවතේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මාධ්‍ය මධ්‍යස්ථානයේදී මෙය පැවැත්විණි.

Read More

මාරවිල පහල වලහපිටියේදී දෙපිරිසක් ඇතිවු ගැටුමක් අතරතුරදී එල්ලවු තියුණු කඩු පහරකින් ගැටුමට මැදිවු තරුණයකුගේ අතක් මැණික් කටුව අසළින් වෙන්වි ඇති බවත්, අතෙහි එම කොටසද ගැටුම වු ස්ථානයේ දමා තුවාලකරු පැන ගොස් ඇතැයි මාරවිල පොලිසිය කියයි. කලක සිට පැවති පුද්ගලික ආරවුල දුරදිග යාමේන් පසු සැකකාර එක් තරුණයකු අනෙක් තරුණයාට කඩු ප්‍රහාරයක් එල්ල කර ඇති බව කියයි. මෙම ගැටුමෙන් කඩු පහරට ලක්වි අත මැණික් කටුව අසළින් වෙන්වි ඇත්තේ පහල වලහපිටිය ප්‍රදේයේ පදිංචි 23 හැවිරිදි තරුණයකුගේ බව කියයි පොලිසිය කියයි. මාරවිල රෝහලට ඇතුලත් කල අත කැපි ගිය තරුණයාගේ තත්වය බරපතල විමත් සමග ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බව කියයි.…

Read More

පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොලිස්පති මහජන සහන දිනය නොවැලැක්විය හේතුවක් හේතුවක් මත හෙට (2) නොපැවැත්වෙන බව පොලිස් මූලස්‌ථානය ජනතාවට දැනුම් දෙයි. පොලිස්පති මහජන සහන දිනය සතියේ සෑම සිකුරාදා දිනයකම මීට පෙර පැවැත්විණ. පොලිසියට අදාළ මහජනතාවගේ ගැටලු පිළිබඳව කරුණු විමසා බැලීම පොලිස්පති මහජන සහන දිනයෙන් සිදුකෙරිණ. පොලිස්පති ධූරය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පොලිස්පති මහජන සහන දිනය මෙසේ කල් ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

Read More

ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 3ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුවක්, ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමේ කමිටුවක් සහ එම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන ඇත. ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා ජනාධිපති කාර්ය මණ්ඩල…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වේ. බදුල්ල , අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55ක පමණ තද සුළං ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද…

Read More

යළි අරගලයක් ඇතිවීමට ජනාධිපතිවරණයේ ප්‍රථිපල බලපාන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රචාරයන්හි කිසිදු පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ජනාධිපති මාධය කේන්ද්‍රෙය් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. ප්‍රශ්නය – ලංකාවේ යම් පිරිස් කියලා තියෙනවා ඔවුන් අපේක්ෂිත ඡන්ද ප්‍රතිඵල ලැබුණේ නැත්නම් ලංකාවේ සමහරවිට දෙවැනි අරගලයක් වෙන්න පුළුවන් කියන එක. නැවත එවැනි දෙයක් වළක්වා ගැනීම සඳහා ලංකාවේ ආරක්ෂක අංශ මීට වඩා දිරිගැන්විලා ද ඉන්නේ ? “ඒ වෙලාවේ ඇති වුණ තත්ත්වය ඉතාම හදිසියේ ඇතිවුණ තත්ත්වයක්. නමුත් අපි සියලුදේ අධ්‍යයනය කළා ඇයි මෙහෙම වුණේ? කොහොම ද මෙහෙම වුණේ ? කවුද මේකට වගකිව යුත්තේ කියන හැමදේම හොයලා…

Read More