Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ආර්ජන්ටිනාව සමත් විය. ඊයේ (03) ඕස්ට්‍රේලියාව සමග පැවති තරගයේදී ගෝල 2ට එකක් ලෙස ජය ගනිමින් ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලාන බලාපොරොත්තු අතරට එක් කිරීමට මූලිකව ක්‍රියාකළ ක්‍රීඩකයා ලෙස ලයනල් මෙසී සැලකේ. ඔහු විසින් ඊයේ ගෝලයක් වාර්තා කළ අතර ලෝක කුසලාන තරගාවලියක දී ඔහු වාර්තා කළ 09 වන ගෝලය එය වෙයි.
අද (04) දිනයේ උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කීපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
විපක්ෂ නායකතුමාගේ වීදුරු ගේ විනාශවීමට ගලක් ළඟදීම ගසන බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. පක්ෂය ලබාදී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක කළේ තමා බව පැවසූ ගමගේ මහත්මිය කෙළෙහි ගුණයක් නැති එතුමා අද වීදුරු ගෙයක සිට හතර වටේට ගල් ගසමින් සිටින බවද කීවාය. “මම ඔය වීදුරු ගේ විනාශ වෙන්න ගහන්න ඕන එක ගලයි” යැයිද ඇය ප්‍රකාශ කළාය. ඩයනා ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයා පදිංචි වැලිපැන්න , බොන්දුපිටිය, කුරුන්ද පාරේ නිවසට ඊයේ දහවල් යතුරුපැදි වලින් කඩාවැදුණ සන්නද්ධ පිරිසක් නිවසේ තිබූ ජංගම දුරකථන 2 ක් , රන් ආභරණ කොල්ලකා පලාගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි . සන්නද්ධ සාමාජිකයින් කඩාවදින මොහොතේ පොලිස් පරීක්ෂක වරයා නිවසේ සිට නැති බවත් සන්නද්ධ සාමාජිකයින් ගේ ප්‍රහාරයට ලක්ව පොලිස් පරීක්ෂක වරයාගේ බිරිඳ තුවාල ලබා ඇති බවත් පොලිසිය සදහන් කරයි. සන්නද්ධ සාමාජිකයින් ටී 56 ගිනි අවියක් රැගෙන ආ බවත්, රන් මාලයක් සහ මුදුවක් කොල්ලකා පලාගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණවලදී හෙළිව ඇතැයි ද සදහන් වේ. කළුතර සහකාර පොලිස් අධිකාරී දුම්න්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් වැලිපැන්න ස්ථානාධිපති පොලිස්…
අසමාරා ක්වෙස්ට්‘‘ නම් මගී ප්‍රවාහන නෞකාවක් කොළඹ වරායට ඊයේ සවස සේන්දු විය. සංචාරකයන් 600 ක් සහ නෞකාවේ කාර්ය මණ්ඩලය 408 ක් වන අතර සංචාරකයන් 686 දෙනෙකුට පහසුකම් සැලසීමේ හැකියාව පවතී. අසමාරා ක්වෙස්ට් එළෙඹෙන 5 වැනිදා හම්බන්තොට වරායට සේන්දු වීමට නියමිත අතර හම්බන්තොට වාරයේ නැංගුරම් දමනා දෙවන මගී ප්‍රවාහන නෞකාව වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට නීති වෘත්තිකයින් විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ දේශපාලන හා විවිධ ක්ෂේත්‍රවල නියුතු නීතිඥවරු දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. සැමරුම් උත්සවයට සහභාගීවීමට පැමිණි ජනාධිපතිවරයා නීතිඥවරුන් විසින් ඉතා හරසරින් පිළිගනු ලැබීය. ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා, තිලක් මාරපන, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් උත්සව සභාව ඇමතූ අතර ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පිළිගැනීමේ කතාව සිදු කළේය. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරු ප්‍රමුඛ මැති ඇමතිවරු මීට…
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර පිහිටා ඇති යුක්‍රේන තානාපති කාර්යාලය වෙත සත්ත්ව ඇස් බහාලූ පාර්සලයක් ලැබී තිබේ. ඒ සමග තානාපති කාර්යාල පරිශ්‍රයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට අමතරව නෙදර්ලන්තය, පෝලන්තය, ක්‍රොඒෂියාව, ඉතාලිය ඇතුළු රටවල් 6ක යුක්‍රේන තානාපති කාර්යාල වෙත මෙවැනිම පාර්සල් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රාජ්‍ය ව්‍යවසායන්හි විශ්‍රාම යන නිලධාරීන්ට නිල වාහනවල හිමිකාරීත්වය පැවරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය බැංකු සභාපතිවරුන් සහ සමාගම්, ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් ලිඛිතව දැනුවත් කර ඇති බව වාර්තා වෙයි.
සංචාරක වීසා මත ශ්‍රමිකයින් විදෙස්ගත කර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබානොදුන් රැකියා නියෝජිතායතන 400 ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ (03) පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේය. “විදේශ රැකියා නියෝජිතායතනවල හිමියකරුවන් නියාමනය කිරීම අපි ඉතාම හොඳින් සිදුකරනවා. මේ වනවිට විසිට් වීසාවලින් යවලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා නොදීපු ආයතනවලින් 400ක් මේ වනවිට තහනම් කරලා තියෙනවා. ඒ වගේම ලංකාවට ඩොලර් විදියට ගෙන්නේ නැතුව උන්ඩියල් ක්‍රමයට තමන්ගේ කමිෂන් මුදල් ලංකාවට ගෙනපු නියෝජිතායතනවලට තාවකාලික තහනම් තියෙනවා. අවසරපත් ලබාදීමේ ක්‍රමවේදයක් හදලා දීලා තිබෙනවා.…
ඕමානයේ සිදුවන මිනිස් වෙළෙඳාම් සහ කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරයන් පිළිබඳව මාධ්‍ය පසුගිය දිනවල දිගින් දිගටම අනාවරණය කළේය. එවැනි පසුබිමක ඩුබායි සුද්දා නොහොත් නිශාන්ත ප්‍රියදර්ශන ඊයේ (03) මාධ්‍ය හමුවක් පවත්වමින් ඕමානයේදී ලිංගික අතරවයට ලක්වූ තරුණියන් පිළිබඳව මාධ්‍යට ඉදිරිපත් කළේ වීඩියෝ සාක්ෂි ද සහිතවය. එම වීඩියෝ පටයේ සඳහන් වූ තරුණිය පැවසුවේ තමන් සේවය කරන නිවසේ සිටින ගෘහ මුලිකයා මෙන්ම අවුරුදු 16ක් වැයසැති ඔහුගේ පිරිමි දරුවා අතින් ද නිරන්තරයෙන් ලිංගික අපයෝජනයට ලක්වෙන බවය. “මං ඉන්න ගෙදර අපේ බාබාගේ වයස අවුරුදු 16 කොල්ලෙක් ඉන්නවා. ඒ දෙන්නගෙන් පුදුමාකාර විදිහයට ලිංගික අපයෝජනයට ලක්වෙනවා. මගේ ශරීරයෙන් අල්ලනවා.බදාගන්නවා. මං හැමදාම මමාට කියනවා මට මෙහෙම දෙයක් තියෙනවා කියලා. නෑ…