Author: LANKA24X7

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම රූපලාවණ්‍යාගාරයේ සේවිකාව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය අද (18) නියෝග කළාය . මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ එම රූපලාවණ්‍යාගාරයේ සේවිකාවක් ලෙස කටයුතු කළ බව කියන කලවාන මිනුවන්ගොඩ සඳුනි හංසිකා පියුමාලි නමැති අයවලුන්ය . මෙහිදී අගතියට පත් පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරල කරුණාරත්න මහතා මෙම කාන්තාවගේ හිස කෙස් යථා තත්ත්වයට පත් වෙයිද කියා ස්ථිර ලෙස කිව නොහැකි බව වෛද්‍යවරුන් පවසන බවත් සිදුවී…

Read More

අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතාට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් ඇතුළු වාහන තුනක් සහ අක්කර 05ක් විශාල ඉඩම් දෙකක් තහනම් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (18) නියම කළේය. හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ගේ මාර්ගයෙන් අයථා ලෙස උපයා ගත් මුදල් වලින් මෙම වාහන සහ ඉඩම් මිලදී ගෙන් ඇද්ද? යන්න සම්බන්ධයෙන් විමර්ශන කරන බව දැනුම් දෙමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා මාස 03ක කාලයක් සඳහා වාහන තුන සහ ඉඩම් දෙක තහනම් කිරීමට නියම කළේය. අල්ලස් හෝ…

Read More

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . මෙසේ මරා දමා ඇත්තේ දේශාන් එරන්ද නමැති 33 හැවිරිදි ගව හිමියකු බව පොලිසිය කියයි . අවිවාහකයකු වූ ඔහු තංගල්ල නලගම පදිංචි කරුවෙකි. ගවයින් බැදීමට ගිය තරුණයා නිවසට නොපැමිණීම නිසා පවුලේ අය සොයා බැලීමේදී වෙඩි තබා ඝාතනය කළ ඔහුගේ සිරුර හමුවී ඇතැයි පොලිසිය පැවසීය . මළසිරුර තංගල්ල මූලික රෝහලට රැගෙන විත් ඇත. තංගල්ල පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

Read More

වත්තේගම , පොල්ගොල්ල, වත්තේගෙදර ප්‍රදේශයේ නිවසක පිටුපස කසල ගොඩක් පුළුස්සමින් සිටියදී එහි ඇතිවූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලිසිය කියයි . තුවාලකරු මූලික ප්‍රතිකාර සඳහා කටුගස්තොට රෝහලට ඇතුළත් කොට ඇති අතර එසේ තුවාල ලබා ඇත්තේ 24 හැවිරිදි පුද්ගලයකි . පිපිරීමෙන් ඔහුගේ මුහුණ ප්‍රදේශයට තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි . තුවාලකරු සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් යමක් වසන් කරන බවට රෝහල් බලධාරීන්ට පෙනී ගොස් තිබූ බැවින් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දීමෙන් පසු වත්තේගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක.

Read More

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය පවසයි. එම වෙඩි තැබීම සදහා යොදා ගත් උණ්ඩවල කේපීඅයි KPI ලෙස සටහන් කිරීම සහ මෝටර් රථයකින් සැකකරුවන් රැදී සිටි අතුරුගිරිය ගල්පොත්ත පාර ප්‍රදේශයට ගොස් එම සැකකරුවන් ප්‍රවාහනය කර ඇත්තේ මෙම සැකකරු බවද පොලිසිය පවසයි. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අළුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි වෙළද සැලක අත් උදව්කරුවකු ලෙස කටයුතු කල අයෙකි.

Read More

ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ. ‘ස්පේස් එක්ස්’ යනු බිලියනපති ඉලොන් මස්ක්ට අයත් අභ්‍යවකාශ ගමන් බිමන්වල නියැලෙන පෞද්ගලික සමාගමකි. අතමිටසරු ඕනෑම අයකුට, ‘ස්පේස් එක්ස්’ සමාගම සමඟ එක් වී, ගගනගාමියකු ලෙස කෙටි පුහුණුවක් ලබා ගැනීමෙන් ද පසු, අභ්‍යවකාශය දක්වා සවාරියක් යෑමටත් ආපසු පැමිණීමටත් හැකියාව ඇත. ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරයට එක් වුණු ගගන සංචාරකයන් සිවුදෙනා පෘථිවි කක්ෂයේ කිලෝ මිටර් 1,400 කට වඩා වැඩි දුරක්, ඈතට ගොස්, දින කීපයක් ඈත පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින්, ඔවුන් ගමන් කළ ‘කෲ ඩ්‍රැගන්’ නමැති ගගන කැප්සියුලයෙන් පිටතට පැමිණ, අභ්‍යවකාශයේ පාවී (මෙය ගගන…

Read More

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද (17) පැවැත්වේ. නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය ( ඇන්ෆරල්) සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයන් මෙම සාකච්ඡාවට සහභාගී වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය. මේ අතර ඡන්ද විමසීමට අදාල සියලු කටයුතු සූදානම් කර ඇති බවත් රාජ්‍ය නිලධාරීන්ට දිය යුතු සියලුම උපදෙස්ද නිකුත් කර අවසන් ඇති බවත් සභාපතිවරයා කීවේය. මෙවර ජනාධිපතිවරණයේදී වෙනදාට වඩා ජනතාව උනන්දුවෙන් ඡන්දය පාවිච්චි කරනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවසූ රත්නායක මහතා උදෙන්ම ඡන්ද පොළට ගොස් සිය ඡන්දය පාවිච්චි කරන්නැයි සියලු ජනතාවගෙන්…

Read More

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට ආසන්න භූමි ප්‍රමාණයක කුඹුක්, බක්මී ඇතුළු වටිනා ගස් වර්ග කපා විශාල දැව සංහාරයක් සිදුකර ඇති බව පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීහු සඳහන් කරති. වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මෙන්ම ආරක්ෂක අංශවලට හොර රහසේ දිවා සහ රාත්‍රී කාලයේ දැව ජාවාරම වසර දහයක්, පහළොවක පමණ කාලයක්ක සිට සිදුකරන අතර මේ වනවිට ප්‍රදේශයේ විශාල භූමි ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර ඇති බවද පරිසරවේදීන් කියති. වැලිකන්ද කටුවන්විල, කුඩාපොකුණ ප්‍රදේශයේ දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින් මෙම ජාවාරම සිදුකරන අතර එම ජාවාරම සඳහා යන්ත්‍ර කියත් භාවිතා කර කපා ගන්නා දැව වාලච්චේන…

Read More

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ පුවතක් පන්නල පොලිසියෙන් වාර්තා වේ. ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පෙරේදා 15 රාත්‍රී 8.30 ට පමණ පෝස්ටර් අලවමින් සිටි දෙදෙනකු පරීක්ෂාවට ලක් කිරීමට යාමේදී පාප්ප බාල්දියෙන් පැනගොස් ඇත. ඒ අවස්ථාවේ පොලිස් නාලධාරින් පාප්ප පිටින්ම සැකකරුවන් පසුපස ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇලබඩගම සුහද ජනපදයේ සහ ඇලබඩගම පල්ලියවත්ත පදිංචි පුද්ගලයන් දෙදෙනකු බවත් පොලිසිය පවසයි.

Read More