Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මාස දෙකකට අධික කාලයක් බලංගොඩ ප්‍රදේශය පුරා පැවති දැඩි නියඟය නිමා කරමින් අද දින සවස 5.00 ට පමණ බලංගොඩ සහ අවට ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබුණු බව ප්‍රාදේශවාසීහු කියති. මෙම වර්ෂාවත් සමඟ අයිස් කැට ද බිමට පතිත වු බව ප්‍රාදේශවාසීහු වැඩි දුරටත් පවසති. බලංගොඩ කිරිමැටිතැන්න, යහලවෙල, තොටුපලතැන්න, හපුගහකුබුර, කහටපිටිය, බල්ලපානතැන්න, කැකිල්ල, බටුගමිමන ආදි ප්‍රදේශවලට මෙම වර්ෂාව ලැබි තිබේ. පැය දෙකකට අධික කාලයක් මෙම වර්ෂාව එක දිගට පතිත වු බව ගම්වාසීහු කියති. මෙම වර්ෂාවත් සමඟ එම ප්‍රදේශවල විදුලිය ද විසන්ධි වි ගිය අතර පසුව එය යථා තත්වයට පත් වු බව ප්‍රාදේශවාසීහු කියති .
වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි කියන ‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ සහ ඔහුගේ සහෝදරයාට පැනවූ දැඩි ඇප කොන්දේසිවල මුදල් ඇපය ලිහිල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද(06) නියෝග කළේය. රුපියල් කෝටි තුනක් ලෙස නියම කළ මුදල් ඇපය රුපියල් කෝටි දෙක දක්වාද ,දෙවන සැකකාර සහෝදරයාට නියම කළ රුපියල් ලක්ෂ පනහක මුදල් ඇපය රුපියල් ලක්ෂ විස්ස දක්වාද අඩු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ අධිකරණ භාරයේ තැබිය යුතු ඇප මුදල් සංශෝධනය කළේය. තුප්පෙහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් සහ තුප්පෙහි ආරච්චිලාගේ රන් දෙව් සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කර…
හුංගම කහදමෝදර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ අද (06) උදෑසන කාලයේදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ 39 හැවිරිදි පුද්ගලයා රන්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට මාරුකර යැවීමේදී මියගොස් ඇත. ගල්කටස් වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි. කාන්තාවක් සමග පැවැති අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මරණකරු සහ සැකකරු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. හුංගම පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවය. මියගිය පුද්ගලයා ධීවර යාත්‍රාවක ස්කීපර්වරයෙක් වන අතර තිදරු…
රන්න කහදමෝදර ප්‍රදේශයේදී අද (6) පෙරවරු 10.45 ට පමණ පුද්ගලයෙකුට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි. වෙඩි වැදුණු පුද්ගලයා බරපතල තත්ත්වයෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල කරු කහදමෝදර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි . ඔහු බහුදින ධීවර යාත්‍රාවක ස්කිපර්වරයෙකු ලෙස රැකියාව කරන අයෙකු බව පොලිසිය පවසයි . සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු ටී කටස් වර්ගයේ ගිණිඅවියකින් තුවාල කරුගේ හිසට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි. පුද්ගලික ආරවුලක් නිසා වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සැකකරන බව පොලිසිය පවසයි. හුංගම පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .
ඉපැරණි සෙල් ලිපි තුනක් අම්පාර දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති බව කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි. පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බක්මිටියාව – තිඹිරිගොල්ල රක්ෂිතයේ රොටවැව ජලාශයට ආසන්නයේ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකමක් සහිත ඉපැරණි බෞද්ධාරාමයක නෂ්ඨාවශේෂ විසිරී ඇති බවට හදුනාගෙන ඇති ස්ථානයක පැරණි සෙල්ලිපි හතරක් සම්බන්දයෙන් අධ්‍යයනයක් කිරීම සදහා මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පිරිසක් පසුගිය දා එම ස්ථානයට පැමිණ සිටියහ. ඒ මහතා සමග කැළණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යන අංශයේ පස්චාත් උපාධි පාඨමාලාවක් හදාරන පිරිසක් පැමිණ සිටි අතර, මෙම ස්ථානයේ පිහිටි සෙල් ලිපි පිටපත් කර, එම සෙල්ලිපි වලින් කියවෙන දේ තේරුම්කර, මෙම ස්ථානයට ඓතිහාසික වටිනාකමක්…
ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram සහ Messenger ජාල බිඳවැටී ඇති බව වාර්තා වෙයි. එම තත්ත්වය ලොව රටවල් රැසකින් වාර්තා වී ඇත. එයට නිශ්චිත හේතුවක් මේ වනවිට හෙළිවී නොමැත.
කදාන ප්‍රදේශයේදී කප්පම් ඉල්ලා මස්කඩ හිමියෙකුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ ගිනි අවිය කදාන පමුණුගම ප්‍රදේශයේ නිවෙසක බෆලයක් තුළ සගවා තිබිය දී අද (5) සොයාගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සැකකාරියන් තිදෙනකු සහ සැකකරුවන් 6 දෙනකු ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 45 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි සැඟව සිටින රසික නොහොත් චූටි මල්ලී ගේ මෙහෙයවීම යටතේ මෙම අපරාධය සිදු කර ඇතැයි පැවැසේ.
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීමේ වැඩසටහන අද (05) දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාතංශය පෙන්වා දෙයි. මෙම පුහුණු වැඩසටහන දිවයින පුරා මධ්‍යස්ථාන 300ක් යොදා ගනිමින් සිදු කිරීමට නියමිතව ඇත. මේ සදහා ලියාපදිංචි වු සිසුන්ට පස්වරු 2ට පෙර තමන්ට අදාළ මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස සිසුනිට අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලීමක් කරයි. උසස් පෙළ ඉංග්‍රීසි භාෂාව, මාර්ගෝපදේශනය හෝ තමන් කැමති වෘත්තීය විෂයක් නොමිලේ හැදෑරීමට මෙමගින් අවසථාව සලසා දී ඇත. මීට අමතරව දරුවන් දැනුමෙන් ආකල්ප සහ කුසලතාවලින් පරිපූර්ණ කරවීමට යෝජනා කළ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
අනුරාධපුර තන්තිරිමලේ ගම්මාන රැසක නිවාසවල විදුලිබිල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ විදුලිය විසන්ධි වීමෙන් එම නිවෙස්වල පාසල් දරුවන්, සිඟිති දරුවන් සහ වැඩිහිටියන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ගම්වාසීහු පවසති. විදුලිබිල ඉහළ යෑමත් ස්ථීර ආදායම් මාර්ග නොමැති වීමත් නිසා තමන්ට විදුලි බිල් ගෙවා ගැනීමට නොහැකි වී ඇතැයි ද ගම්වාසීහු පවසති. තමන් මුහුණ බී ඇති ආර්ථික දරිද්‍රතාවය නිසා නැවත විදුලිය ලබා ගැනීම සිහිනයක් යැයි එම නිවෙස් හිමියෝ පවසති. තන්තිරිමලේ, ඉහළ ගෝනෑව, තම්බියාව, සඳමල්එළිය ඇතුළු ගම්මාන රැසක පදිංචිකරුවන් සෘජුව මෙම ගැටළුව බලපා ඇති බව අප කළ සංචාරයේදී දැකගත හැකි විය. දවල්ට සහ රෑට එකවේලාක් ආහාරයට ගන්නා මෙම පිරිස වල් අලින්ගෙන් ද දැඩි බලපෑම්…
වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු එහි ප්‍රධානීහු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට අද(5) උදේ කැඳවෙති. මහ බැංකුවේ ප්‍රධානීන් පක්ෂ නායකයන් හමුවට කැඳවෙන්නේ අද උදේ 10.30ය. ඉන් අනතුරුව මහ බැංකු ප්‍රධානීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට උදේ 11.30 ට කැඳවෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. මහා බැංකු ප්‍රධානීන් මුදල් කාරක සභා රැස්වීමට කැඳවීමට පෙර පක්ෂ නායකයන්ගේ රැස්වීමට කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප්…