Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
තම දියණියට උසුළු විසිළු කිරිම නිසා කෝපයට පත් වි තරුණයෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් සොයමින් සිටි සැකකරුවකු ඊයේ (28) ග්‍රෑන්ඩ්පාස් පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සිදුවීමෙන් මිය ගියේ ග්‍රෑන්ඩ්පාස් දෙවැනි නවගම්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 21ක් වන තරුණයෙක්. මෙම ඝාතනය සිදු කළ පුද්ගලයා තිදරු පියකු වන අතර ඔහු දෙවැනි නවගම්පුර ප්‍රදේශයට කුලී පදනම මත පදිංචිව සිටි පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ. කෙසේ වෙතත් මේ වන විට ඝාතනය සඳහා යොදාගත් උල් පිහිය මෙන්ම සැකකරුට නවාතැන් දුන් මිතුරා ද පොලිසිය මගින් අත්අඩංගුවට ඇති බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තුව ආරම්භයේ මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වෙනුවෙන් වෙන් කරන පැයක කාලය නිසි ප්‍රයෝජනයට නොගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කිරීමෙන් ජනතා මුදල් නිකරුනේ විනාශ වන බවත් එය වැලැක්වීමට මැදිහත් වන ලෙසත් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා තිබේ. ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ ඇමති මණ්ඩල රැස්වීමෙන් පසු ජනාධිපති කාර්යාලයේදීය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී දොලවත්ත, මධුර විතානගේ, ජගත් සමරවික්‍රම මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සමඟ පැමිණ මෙම ඉල්ලීම කර තිබේ. විපක්ෂ නායක සජිත්…
මිනුවන්ගොඩ , බොරගොඩවත්ත ශ්‍රී සම්බුද්ධ ජයන්ති පිරිවෙනෙහි අධ්‍යාපනය ලබමින් සිටි කුඩා මෙහෙණින් වහන්සේ තිදෙනෙකුට සහ පැවිදිවීමේ අපේක්ෂාවෙන් එම මෙහෙණි ආරාමයේ සිටි කාන්තාවකට බැන තර්ජනය කිරිම, පහරදීම සහ සාපරාධී බලහත්කාරය පා අඩත්තේට්ටම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු එම පිරිවෙනෙහි සහ මෙහෙණි ආරාමයේ ප්‍රධාන මෙහෙනින් වහන්සේ එළඹෙන මස 11 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී .තේනබදු මහත්මිය ඊයේ (28) පස්වරුවේ දී නියම කළාය. පලාපත්වල ප්‍රෙද්ශයේ පදිංචිව සිටි ප්‍රධාන මෙහෙනින් වහන්සේ නමක මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි . මෙහෙනින් වහන්සේලා ලෙස සිට සිවුරු හැර දමා ගිය දැරියන් තිදෙනාව සහ මහණ වීමේ අපේක්ෂාවෙන් සිටි කාන්තාව ඇතුළු සිව්…
අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවමින් කරමින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා ඇති තහනම රෛ්දා (27) සිට ඉවත් කළ බව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ලේකම්වරයා ඊයේ (28) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලිඛිතව දැනුම් දී තිබේ.
ජංගම දුරකථනයක් කනේ තබාගෙන දුම්රිය මාර්ගයේ ගමන්කළ කාන්තාවක ඊයේ පස්වරුවේ දුම්රියක ගැටී බරපතළ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. කළු පැහැති ඩෙනිම් කලිසමක් සහ මල් සහිත කහ පැහැති හැට්ටටයක් ඇද සිටි 22 වියේ පමණ පසුවන ඇයගේ අනන්‍යතාවය මෙතෙක් හදුනාගෙන නොමැති බවද දුම්රිය ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය . මරදාන සිට අළුත්ගම බලා ධාවනයවූ දුම්රිය පානදුර දුම්රිය ස්ථානයේ සිට පින්වත්ත දක්වා ගමන් කිරීමේදී රාත්‍රි 7.00 ට ආසන්නව අනතුර සිදුව ඇති බව සදහන් වේ. මියගිය කාන්තාව එම දුම්රියෙන්ම වාද්දුව දුම්රිය ස්ථානයට රැගෙන ගොස් ඇති බවත්, 1990 සුවසැරියෙන් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවත් වාද්දුව දුම්රිය ප්‍රකාශකයෙක්…
අවුරුදු සියයක් ආයු වළඳා අපවත් වී වදාළ දිප්පිටිය මල් පහ රාජගිරි රජ මහා විහාරස්ථානයේ වැඩ වාසය කළ කෙහෙල්වල සංඝානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අරණායක, දිප්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ සවස සිදු කරනු ලැබූහ. අපවත් වී වදාළ සංඝානන්ද හිමියන්ගේ දේහය විල්වල ජුම්මා මුස්ලිම් පල්ලියේ බැතිමතුන්ගේ කරමත තබාගෙන අවමංගල්‍යය පෙරහරේ ගමන් කිරීම ද විශේෂ සිද්ධියක් ලෙස සැලකිය හැකිය. මෙම අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාව රුපියල් 60,000ක මුදල් පරිත්‍යාගයක්ද දායක සභාවේ භාණ්ඩාගාරිකවරයාට පරිත්‍යාග කළ බව එම දායක සභාවේ සමන් තිලක් නවරත්න මහතා ලංකාදීපයට පැවැසීය. ප්‍රදේශයේ වූ ජාතික හා ආගමික සහජීවනය වෙනුවෙන් අපවත් වී වදාළ සංඝානන්ද හිමියෝ සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනු ලැබූහ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇති වේ. ඌව පළාතෙත්, අම්පාර, මඩකළපුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි තරමක තද සුළංද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේ දී, අගෝස්තු මස 28 වන් දින් සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. අද දින (29) දහවල් 12:11ට පෙවි (කිලිනොච්චි දිස්තික්කය) සහ චගෙයි (මුලතිව් දිස්තික්කය) ප්‍රදේශවලට හිරු…
මාර්ගගත ක්‍රම මඟින් සිදුකරනු ලබන වංචාවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ, වෙහෙස වී උපයා ගත් ධනය තමන්ට අහිමිව යෑමට ඉඩ ඇති බැවින් මෙවැනි වංචාවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසය. යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එම ගැටලු cbslgen@cbsl.lk යන ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බව ද මහ බැංකුව දැනුම්දෙයි. එපමණක් නොව ඇතැම් වංචාකරුවන් ඔවුන්ගේ ප්‍රචාරණ වැඩසටහන් සිදුකරන ආකාරය පිළිබඳව ද මහ බැංකුව ජනතාව දැනුවත් කර තිබේ. ඒ පිළිබඳ සම්පුර්ණ විස්තරය පහතින් දැක්වේ.
සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාට නිෂ්චය කළ ඉන්ධන දීමනාව වෙනත් පාර්ශවයක් වෙත ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සබරගමුව පළාත් සභාව් ප්‍රධාන ලේකම්වරයාගෙන් අද (28) දිනයේ කරුණු විමසීමට නියමිතව තිබේ. සබරගමුව පළාත් සභාවේ කටයුතු පිළිබඳව පසුගිය දා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරුණු අතර එහිදි සබරගමුව පළාත් සභාවේ 2019, 2020 සහ 2021 යන වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ විශේෂ අවදානයක් යොමුව තිබුණි. එහිදි එක් අයෙකුට හිමි ඉන්ධන දීමනාව තවත් අයෙකුට ලබාදීමට රජය විසින් ප්‍රතිපාදන සලසා නොතිබියදී පළාත් ආණ්ඩුකාරවරයා දිවයිනෙන් බැහැරව සිටි කාලය තුළ ඔහුට නිෂ්චය කළ ඉන්ධන දීමනාව පෞද්ගලික ලේකම්වරියක් වෙත ලබාදීම සම්බන්ධයෙන් කරණු අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් අද දිනයේ…
යාපනය රෝහලේදී පසුගියදා තුන් නිවුන් දරු උපතක් සිදුව ඇති අතර, දරුවන් නිරෝගී තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ශ්‍රීදරන් අප්පුදුරෙයි මහතා ඇතුළු වෛද්‍ය හා හෙද කණ්ඩායමක් විසින් අදාළ තුන් නිවුන් දරු උපත සාර්ථකව සිදුකර තිබේ. දරුවන් හා මව යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.