Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මෙරට දිගු කාලීන ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමෙන් පසුව ඇමෙරිකාව පදනම් කරගත් ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් මෙරට රක්ෂණ සමාගම් 4 ක ජාතික රක්‍ෂක මූල්‍ය ශක්තිය ශ්‍රේණිගත කිරීම ඉහළ දමා ඇත. එසේම තවත් රක්ෂණ සමාගම් 3 ක ජාතික රක්‍ෂක මූල්‍ය ශක්තිය ශ්‍රේණිගත කිරීම ෆිච් රේටින්ග්ස් ආයතනය තහවුරු කර තිබේ. කොන්ටිනෙන්ටල් ඉන්ෂුරන්ස් ලංකා, පීපල්ස් ඉන්ෂුරන්ස්, එච්.එන්.බී ඇෂුරන්ස් සහ එච්.එන්.බී ජෙනරල් ඉන්ෂුරන්ස් එළෙස ශ්‍රේණිගත කිරීම ඉහළ දැමූ රක්ෂණ සමාගම් වේ. නැෂනල් ඉන්ෂුරන්ස් ට්‍රස්ට් ෆන්ඩ් බෝර්ඩ්, කෝපරෙටිව් ඉන්ෂුරන්ස් සහ කන්ස්ට්‍රක්ශන් ගැරන්ටි ෆන්ඩ් යන සමාගම් ෆිච් රේටින්ග්ස් ආයතන ශ්‍රේණිගත කිරීම තහවුරු කළ රක්ෂණ සමාගම් වේ.
කල් ඉකුත් වූ රට ඉඳි තොගයක් අළෙවියට සූදානම්කර තිබියදී පිටකොටුව පරනයොන්වීදියේ වෙළඳ සැලකින් පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (8) සිදු කළ වැටලීමකදී සොයා ගනු ලැබූ කිලෝ 220 ක් පමණ වන මෙම රට ඉඳි තොගයේ නිෂ්පාදිත වර්ෂය වෙනස් කර අළෙවියට සූදානම්කර තිබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි. මේ සම්බන්ධව එම ව්‍යාපාරික ස්ථානයේ අධ්‍යක්ෂ මණ්ඩලයට විරුද්ධව ලබන සතියේ මාලිගාකන්ද අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි ද අධිකාරිය සදහන් කරයි.
ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට මෙහෙයුම් කටයුතු නවතා දමා ඇති බව වාර්තා වේ. ඒ අනුව පසුගිය ජනවාරි මාසයේ සිටම අදාළ සමාගමේ මෙහෙයුම් කයුතු සිදුකර නොමැති බව සඳහන් ය. විදෙස් සමාගම් සඳහා මෙරට ඉන්ධන අලෙවි කටයුතු සිදු කිරීමට එවකට පැවැති රජය පියවර ගෙන තිබුණි. ඒ අනුව චීනයේ සයිනොපෙක් සමාගම, අමෙරිකාවේ ආර්. එම්. පාක්ස්. සහ ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබීය. එක් සමාගමට ඉන්ධන පිරවුම්හල් 150 බැගින් මෙරට තුළ ඉන්ධන පිරවුම්හල් 450ක මෙහෙයුම් කටයුතු ලබා දෙනු ලැබීය. මේ වන විට සයිනොපෙක් සමාගම සහ ආර්.එම් පාක්ස් සමාගම ගැටලුවකින් තොරව මෙරට තුළ ඉන්ධන අලෙවි කටයුතු සිදුකළද ඔස්ට්‍රේලියානු සමාගම සිය…
පැය 24 පුරා ක්‍රියාත්මක වෙමින් දෛනිකව විදෙස් ගමන්බලපත්‍ර 4000ක් නිකුත්කිරිමේ යෝජිත වැඩපිළිවෙළ තවත් දින 10කින් පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. එම සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පුහුණු නිලධාරින් බදවාගැනීම වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරින්ගේ නාමලේඛනයක් රාජ්‍යසේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා මේ වනවිට යොමුකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව එම කොමිෂන් සභාවේ අනුමැතිය ලද විගස පැය 24 පුරා ක්‍රියාත්මක විදෙස් ගමන්බලපත්‍ර නිකුත්කිරිමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මේ සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ද ඊයේ (7) පවත්වා…
පොළොන්නරුව දීපඋයන ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ත්‍රීරෝද රථයක් ගැටී අද (08) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, තිදෙනකු බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ, ත්‍රීරෝද රථයේ රියැදුරු වන සෝමපුර, සිරිමංගලපුර, පදිංචි සිටි 70 වියති, එච්.එම්. කරුණාරත්න යන අය වන අතර තුවාල ලැබූ තවත් තිදෙනෙක් රෝහලේ ප්‍රතිකාර ලබන බව පරීක්‍ෂණ සිදුකරන පොළොන්නරුව රෝහල් පොලිසිය පවසයි. මෙම අනතුර අද (08) උදෑසන හයයි තිහට පමණ සිදුව ඇති බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන පොළොන්නරුව පොලිසිය සඳහන් කරයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවආරච්චි මහතා අත්අඩංගුවට ගැනීමට සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් ලබන 14 වැනිදා තම අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා වෙත නොතීසි යැවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (7දා) නියෝග කළාය. 2015 වසරේ ජනාධිපතිවරණ සමයේදී තමන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී පාසල් අතර බෙදාදීම සඳහා ලංකා සතොස හරහා ආනයනය කරන ලද දාම් හා කැරම් ක්‍රීඩා උපකරණ තොගයක් අවභාවිතය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බැවින් තමන් අපේක්‍ෂිත ඇප මත මුදාහරින ලෙස ඉල්ලා නන්දසිරි මල්ලවආරච්චි මහතා ගොනුකර තිබූ ඉල්ලුම් පත්‍රයක්…
වී ඇළෙවි මණ්ඩලය වී මිලදීගැනීම ආරම්භ කර දින දෙකක් ගතවී තිබුණද ගොවින් එම මණ්ඩලයට වී අළෙවි කර නොමැති බව වී ඇළෙවි මණ්ඩලයේ සභාපති ඒ. එම්. යූ. පින්නලන්ද මහතා ඊයේ (7) පැවසීය. වී ගබඩා 40 කට අධික සංඛ්‍යාවක් වී මිලදීගැනීම සඳහා මේ වන විට සූදානම් කර ඇති බවත් අස්වැන්න නෙළීම ඉහළයත්ම රජයේ කොටස ගොවි ජනතාව ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පින්නලන්ද මහතා කීය. රජය ප්‍රමාණවත් වී ප්‍රමාණයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව ද කී ඒ මහතා වී සහ සහල් පිළිබඳ සියලුම අංශවලින් කළ අධ්‍යයනයකින් පසුව වී මිල තීරණය කිරීම හේතුවෙන් සහල් සඳහා රජය පනවා ඇති උපරිම සිල්ලර මිල වෙනස් කිරීමේ අවශ්‍යතාවයක්…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පස්වරුවේ සම්මත විය. මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක මහතා විසිනි. යෝජනාව පිළිබඳ විවාදයේදී මන්ත්‍රීවරු සිවු දෙනෙක් අදහස් දැක්වූහ. විවාදයේ පිළිතුරු කතාව කරනු ලැබුවේ අගමැතිනී හරිනි අමරසූරිය මෙනවිය විසිනි. අමරසූරිය මහත්මිය මෙසේද පැවසුවාය මේ යෝජනාව ආපු වෙලාවේ මම සතුටට පත්වුණා. මොකද විපක්ෂයේ අයත් අපි කතා කරන වෙනසත් ජනතාව ඉල්ලන වෙනසත් තේරුම් ගෙන ඒ භාෂාවම කතා කරන්න පටන් ගත්තු එකට. එහෙත් විපක්ෂයේ සමහර අය මේ වැදගත් යෝජනාවේ හරය තේරුම් නොගෙන මෙතන වෙන දේවල් කතා කළා. ඒ ගැන මම කණගාටු වෙනවා.…
සාකච්ඡාවට භාජනය වී ඇති ජල පිරිපහදුවට භාවිත කරන හුණු තොගය පවිත්‍රීකරණ ක්‍රියාවලියකට යොදාගෙන නොමැති බවත් විශාල පිරිවැයක් දරා සපයන ජලය පිළිබඳව කිසිඳු බියක් ඇති නොකරගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම හුණු තොගය ජල සම්පාදන මණ්ඩලයේ තොගවලට භාරගෙන නොමැති බවත් ඒ හේතුවෙන් එම හුණු පිළිබඳව කිසිඳු බියික් නොවිය යුතු බවත් එම මණ්ඩලය කියයි. සෞඛ්‍ය සම්පන්න ජාතිකයක් බිහිකිරීම සඳහා කැපවී සිටින ජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලය සෞඛ්‍යයට හානිවන කිසිඳු ද්‍රව්‍යයක් පිරිපහදුකරණයේදී භාවිත නොකරන බව කියන එම මණ්ඩලය එදිරියට ද එසේ ක්‍රියා කරන බවට සහතික වන බව ද වැඩිදුරටත් සඳහන් කරයි.
කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා බලාගිය රියදුරුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා ඊයේ (7) පස්වරුවේ පැවසීය. එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති බවත් එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල මත රියදුරු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් ඒ මහතා වැඩි දුරටත් කීය. මරදාන දුම්රිය ස්ථානයෙන් පසුගිය (6) පෙරවරුවේ ධාවනය ආරම්භ කළ අදාල රියදුරු අසනීප යැයි දැනුම්දී කොග්ගල දුම්රිය ස්ථානයේ දුම්රිය නවතා පළාගොස් ඇති අතර දුම්රියේ සිටි මගීන් 500 කට අධික සංඛ්‍යාවක් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර පසුව වෙනත් දුම්රියකින් ඔවුන් පිටත්කර හැර තිබේ.
