Author: LANKA24X7

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් පවතින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දකුණු,මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 1.00 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.

Read More

අපේ ජන බල පක්ෂයේ ලේකම් සමන් ප්‍රසන්න පෙරේරා මහතා ඇතුළු පස් දෙනකු බෙලිඅත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන එක් වෙඩික්කරුවකු බව කියන ඩබල් කැප් චූටි යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයා ඉන්දියාවට පලා ගොස් සිටියදී ඔහු ගේ ගෝලයින් යැයි කියන දෙදෙනකු සමග එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින බව ඉන්දියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම තිදෙනා පංච පුද්ගල ඝාතනය ඩුබායි සිට මෙහෙයවූ බවට සැලකෙන කොස්ගොඩ සුජී නැමැත්තා ගේ ගෝලයින් බව ද ඉන්දියා ආරංචි මාර්ග සඳහන් කරයි. ඩබල් කැප් චූටි නැමැත්තා කොස්ගොඩ සුජී ගේ වෙඩික්කරුවකු බවද කියති. මේ තිදෙනාගේ ඡායාරූපද සහිතව මෙම අත්අඩංගුවට…

Read More

නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 5 දෙනකු සහ තරුණයන් 17 දෙනකු පෙරේදා (12) අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල, කොළඹ, බදුල්ල, මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන තරුණ තරුණියන් බව එම අඩවි වන නිලධාරී කාර්යාලය කියයි. මෙම කණ්ඩායමේ විශ්ව විද්‍යාල සිසුන්, ආරක්ෂක අංශයට සම්බන්ධ යැයි කියන පුද්ගලයකු සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු පුද්ගලයන් ද සිටින බවට අනාවරණය වී තිබේ. මෙම කණ්ඩායමේ කිහිප දෙනකුගේ සම්බන්ධීකරණයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණියන් මෙම කූඩාරම් ගැසීමට සම්බන්ධවී නකල්ස් රක්ෂිතයට මෙසේ…

Read More

මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම ඩොනල්ඩ් ලූ මහතාගේ ඇගයීමට ලක් විය. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලි චංග්, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීන් ද මෙම…

Read More

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියා මාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පැවසීය. එසේම වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියලකින් හෝ ඉහළ දැමීමට නොහැකි බව මීට පෙර වතු සමාගම් පැවසුවත් රජය රුපියල් 1700ක දෛනික වැටුප නිවේදනය කිරීමත් සමඟ වතු කම්කරු මූලික වැටුප රුපියල් 200කින් ඉහළ දැමීමට වතු සමාගම් ඉදිරිපත් වූ බව සඳහන් කළ අමාත්‍යවරයා ඉන් පෙන්නුම් කරන්නේ වතු කම්කරු වැටුප් ඉහළ දැමීමේ හැකියාව සමාගම් සතු බව යැයි ද සඳහන් කළේය. ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන්…

Read More

බත්තරමුල්ල, පොල්දූව හන්දියේ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් පවත්වමින් සිටි උද්ඝෝෂණය විසුරුහැරීම පොලීසිය මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාරයක් එල්ල කළේය. ජල ප්‍රහාරයට ලක්වූ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ එම හන්දියෙන් ඉවත්ව මේ වන විට ඊට මීටර 100 පමණ දුරින් ස්ථානගත වී සිටිති.

Read More

අවංක අභියෝගයක් බාරගෙන පාර්ලිමේන්තුවෙන් ඉවත්වීම නිසා සොබා දහම විසින් නැවත තමාට අවස්ථාවක් ලබා දුන් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ෙඅවංකව නොපැමිණි නිසා ඩයනාට පාර්ලිමේන්තුවෙන් යන්න වූ බවද මන්ත්‍රීවරයා කීය. ඩයනා විදෙස් පුරවැසියෙක් කියා සජබ මුලදී දැනගෙන හිටියේ නැතැයි කී මන්ත්‍රීවරයා ඇය කොලේ වසා කටයුතු කර ඇතැයි යන කාරණය දැන ගත් වහාම ඒ බව අධිකරණයට දැනුම් දුන් බව පැවසීය. නමුත් ආණ්ඩුව එතුමිය ආරක්ෂා කළ බව කී මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයට පහර ගැසීම සඳහා ආණ්ඩුව විසින් ඩයනා අවභාවිතා කළ බව සඳහන් කළේය.

Read More

කුලියාපිටියේ සුසිත් ජයවංස නමැති තිස් හැවිරිදි තරුණයා අතුරුදන් කර ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු අතුරුදන්ව සිටි මෙම ඝාතන සිද්ධියේ සැකකරුවකු වන සිඟිති නමැත්තාගේ දියණිය එම තරුණයාගේ ඝාතන සිද්ධියෙන් දින 20ක කාලයකට පසු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. මීගමුව ප්‍රදේශයේ පිහිටි ඇයගේ ඥාති නිවෙසක සිටින බවට ලැබුණු තොරතුරක් මත කරන ලද දැනුම් දීමක් අනුව මෙම තරුණිය ඇයගේ ඥාතියකු සමග ඊයේ කුලියාපිටිය මූලස්ථාන පොලිසියට පැමිණ ඇතැයි පැවැසීය. මෙම තරුණිය ගේ සහෝදරයන් දෙදෙනා මීගමුව නිවෙසේ රැඳී සිටින බවට ද පොලිසිය තහවුරු කරගෙන තිබේ. තම නිවෙසට සුසිත් නමැත්තා ගෙන්වා ගැනීමෙන් පසු තමා කිරිඅම්මා ගේ නිවෙසට කැඳවාගෙන ගිය බව එම තරුණිය පොලිසියට පවසා…

Read More

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට නාය යාමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ හපුතලේ, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර සහ උඩුනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දෙහිඕවිට, ගලිගමුව, වරකාපොළ සහ කෑගල්ල , කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, රත්නපුර සහ බලංගොඩ යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ මෙම නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ. අද(13) පස්වරු 3.00 දක්වා බලපැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ සිදු වන ගව ඝාතනයන්ට එරෙහිව යාපනය නගරයේදී විරෝධතාවක් පැවැත්විණි. එහිදී තම ආගමේ පුජනිය සත්වයෙකු වන ගවයා හින්දු භක්තිකයින් බහුලව වෙසෙන යාපනේ දිස්තිර්ක්කයේ නිත්‍යනුකූලව හා නීති විරෝධිව ඝාතනය කරන බැවින් එය නවත්වන ලෙස එම විරෝධතාකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. මෙම විරෝධතාවය සදහා බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහයද හිමිව තිබු අතර ගව ඝාතන නතර කරන ලෙස දැක්වෙන පාඨ සහිත බැනර් ප්‍රදර්ශනය කරමින් මෙම පිරිස විරෝධතාවයේ නියැලුණ අතර ශිව සේනා සංවිධානයේ ආගමික නායකයින් මෙය සංවිධානය කර තිබිණි.

Read More