Author: LANKA24X7

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන සංවිධානාත්මක අපරාධකරුවන් 23දෙනෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම සියලු ජාවාරම්කරුවන් මේ වන විට විදෙස් රටවල සැඟව සිටින බවය. ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය නිරන්තරයෙන් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම මෙම සංවිධානාත්මක අපරාධකරුවන්ට දේශපාලනඥයින් විසින් දිගින් දිගටම දායකත්ව ලබා දුන් අතර එය සියල්ලන්ම දන්නා ප්‍රසිද්ධ රහසක් වන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, ”අපි වැටලීම් දිගින් දිගටම කරනවා… සංවිධානාත්මක අපරාධකරුවන්ට දිගින් දිගටම දායකත්වය ලබා දුන්නේ දේශපාලනඥයින්.. ඒක ප්‍රසිද්ධ රහසක් ඒක කවුරුත් දන්නවා..මත්ද්‍රව්‍ය ජාවාරමේ…

Read More

අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ. ලබන 9 වන දින සිට එම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය. දුර පළාත් සඳහා දෛනිකව අමතර බස් රථ 250ක් පමණ ධාවනයට එක්කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේය. ඊට අමතරව මගී අව්‍යශ්‍යතාවය අනුව තවත් බස් රථ ධාවනයේ යෙදවීම සඳහා සූදානම් කර ඇති බව සඳහන්ය. අප්‍රේල් මස 9 වන දින සිට 13 වන දින දක්වා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කරන අතර ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අප්‍රේල් මස 17 වනදා…

Read More

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉහළ යන අතර ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි. ලබන සතියේ ගෝලීය මූල්‍ය ආයතනය විසින් නිකුත් කිරීමට නියමිත ලෝක ආර්ථික පුරෝකථනයට පෙර ඇය මෙම අදහස් දැක්වීම සිදු කර තිබේ. ලෝකයේ තෙල් සහ ගෑස් අවශ්‍යතාවයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය, ඉරානය විසින් අවහිර කිරීම හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට මෙතෙක් සිදු වූ දරුණුතම බාධාව සිදුව ඇති බවද ඇය සඳහන් කළාය. අප්‍රේල් 14 වැනිදා නිකුත් කිරීමට නියමිත ලෝක ආර්ථික දර්ශකය (World Economic Outlook) හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධ ආර්ථික තත්ත්වයන් පිළිබඳ පුරෝකථනයන් ඉදිරිපත් කිරීමට නියමිතය.…

Read More

2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ, ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ලියාපදිංචි නොකළ සමාගමකින් සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් මිලියන 75 ක මුදලක් රජයට ගෙවිය යුතු බවට අදාළ නඩු තීන්දුව මඟින් සඳහන් කර තිබෙනවා. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවක ලේකම් ජනක චන්ද්‍රගුප්ත විසින් රුපියල් මිලියන 50 ක මුදලක් ද, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න විසින් රුපියල් මිලියන 50 ක මුදලක් ද රජයට ගෙවිය යුතු බවයි නියෝගයේ සඳහන් වෙන්නේ. ජාතික…

Read More

ආසියානු වෙළෙඳපොළේ අද (27) පෙරවරුව වන විට බොරතෙල් මිලෙහි සුළු පහළ යෑමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.2%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 106.76ක් ලෙස සටහන් වී ඇති අතර, අමෙරිකානු බොරතෙල් (WTI) මිලද 1.1%කින් පහළ ගොස් ඩොලර් 93.41ක් ලෙස වාර්තා වේ. මෙම මිල පහළ යෑම සිදුව ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමකට දී තිබූ තාවකාලික විරාමය දින 5 සිට සති 2 දක්වා දීර්ඝ කිරීමෙන් අනතුරුවය. එසේම, මර්බන් (Murban) බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර එය ඩොලර් 111.81ක් ලෙස…

Read More

අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කර ඇති යුද්ධය මධ්‍යයේ රුසියාවේ තෙල් සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. එම වාර්තා පෙන්වා දුන්නේ, රුසියාව අවම වශයෙන් දිනකට අමෙරිකානු ඩොලර් මිලියන 760කට (ආසන්න වශයෙන් ශ්‍රී.රු. කෝටි 23,800ක්) අධික ආදායමක් උපයන බවය. ඒ අනුව රුසියාව මාර්තු මාසය අවසන් වනවිට ඩොලර් බිලියන 3.3 සිට 4.9 දක්වා අගයකින් අතිරික්ත ලාබයක් උපයනු ඇතැයි සඳහන්. ඉරානයට එරෙහි යුද්ධය අතරතුර ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් රුසියානු ඛනිජ තෙල් මිලදීගැනීම සඳහා අමෙරිකාව විසින් පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ ආදායම් මෙලෙස ඉහළගොස් ඇත. මුහුදේ යාත්‍රා කරන නෞකාවල පවතින රුසියානු…

Read More

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවය. මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල, වව්නියාව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අප්‍රේල් 6 දක්වා තවත් දින 10කින් දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. සිය ‘truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරානය සමග සාකච්ජා අඛණ්ඩව පවත්වන බැවින් මෙම තීරණය ගෙන ඇති බවය. පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාරවලට ප්‍රහාර එල්ලකරන බවට ජනපති ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා ඉරානයට තර්ජනය කර තිබුණි. එවන් පසුබිමක එම කාලසීමාව ඔහු දෙවරක් මෙලෙස දීර්ඝ කර ඇත.

Read More

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ මෙරට බේකරි නිෂ්පාදකයින් හා එම කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් අද (26) පවත්වා තිබේ. එහිදී මැදපෙරදිග කලාපීය යුද ගැටුම් හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය තුළ මෙරට බේකරි නිෂ්පාදකයින් හා එම කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත. ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කටයුතු කළ අතර එම මිල ඉහළ දැමීමට බලපෑ කරුණු සම්බන්ධයෙන් ඔවුන් සමඟ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කරයි. බේකරි ආහාර නිෂ්පාදනය සඳහා උඳුන් භාවිතයේදී ඩීසල් යොදා ගන්නා අතර…

Read More

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යළිත් වරක් බිඳවැටී තිබේ. ඒ හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ඇතුළු සියලුම සේවාවන් සිදු නොකෙරෙන බව වාර්තා වෙයි.

Read More