Author: LANKA24X7

මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් ලක්ෂ 7කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව ජනවාරි පළමු දින සිට මාර්තු 22 දක්වා කාලය තුළ සංචාරකයින් 692,744ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය. ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 135,070ක් වේ. එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ. මේ අතර මාර්තු මස පළමු දින සිට 22 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 136,089 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

Read More

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ඉරාන පාර්ලිමේන්තුව පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ඉරාන පාර්ලිමේන්තුවේ සිවිල් කටයුතු පිළිබඳ කමිටුවේ සභාපතිවරයා උපුටා දක්වමින් එම වාර්තා පවසන්නේ, මේ වන විට අදාළ පනත් කෙටුම්පත සකස් කර ඇති අතර එය ඉතා ඉක්මනින් ව්‍යවස්ථාදායකයේ නීති අංශය විසින් අවසන් කරනු ඇති බවටය. “මෙම සැලසුමට අනුව, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඉරානය ගාස්තු අය කළ යුතුයි,” යනුවෙන් එම නිලධාරියා ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ. ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙය ඉතා සාමාන්‍ය ක්‍රියාවලියක් බවයෙ. “වෙනත් ඕනෑම ප්‍රවාහන මාවතකදී මෙන්ම,…

Read More

ඉරානයේ හමුදා ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර සඳහා USS ඒබ්‍රහම් ලින්කන් (Abraham Lincoln) ගුවන් යානා ප්‍රවාහන නෞකාව කලාපීය මුහුදු සීමාවේ සිට අඛණ්ඩව සිය ගුවන් මෙහෙයුම් සිදු කරන බව අමෙරිකාව ප්‍රකාශ කරයි. ඉරාන හමුදාව විසින් අදාළ නෞකාව ඉලක්ක කර ගනිමින් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, ඒ හේතුවෙන් නෞකාවේ පිහිටීම වෙනස් කිරීමට සිදු වූ බවත් ඉරානය කළ ප්‍රකාශයකින් පසුව අමෙරිකාව මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත. කෙසේ වෙතත්, අමෙරිකානු බලධාරීන් පවසන්නේ තම මෙහෙයුම්වලට බාධාවක් වී නොමැති බවත්, නෞකාව සැලසුම් කළ පරිදි ඉරාන ඉලක්ක වෙත ප්‍රහාරාත්මක මෙහෙයුම් දියත් කරමින් පවතින බවත්ය.

Read More

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි එරට ජනතාව තුළ තිබෙන ජනප්‍රියතාව ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව අමෙරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව ඔහුට තිබූ ජනප්‍රියතාව 36%කින් පහළ බැස ඇති බව අදාළ වාර්තාවන්හි දැක්වේ. ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති සහ ඉරානයට එරෙහිව දියත්කර ඇති යුද්ධය මීට හේතුවී ඇති බව සඳහන්ය.

Read More

ඉරාන ජාතිකයන්ට සංචාරක වීසා මත සියරටට ඇතුළු වීම තාවකාලිකව තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අද මෙම නිවේදනය නිකුත් කර කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම තීරණයට හේතුව ලෙස අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉරානයේ සිට පැමිණෙන තාවකාලික අමුත්තන් ඔවුන්ගේ වීසා කාලය අවසන් වූ පසු නැවතත් සිය රට බලා යාමට “නොහැකි හෝ අකමැති වීමේ” වැඩි ප්‍රවණතාවක් පවතින බවය. මෙම තහනම හෙට සිට ක්‍රියාත්මක වන අතර එය ඉදිරි මාස හයක කාලය සඳහා බලපැවැත්වේ. ඔස්ට්‍රේලියාවේ පදිංචි දරුවන් සිටින ඉරාන ජාතිකයන්ට සහ දිගුකාලීන වීසා හිමියන්ට තවදුරටත් මෙරටට පැමිණීමට අවස්ථාව හිමි වේ. මේ වන විට ඉරාන ජාතිකයන් 7,000ක් පමණ…

Read More

මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ‘දුර්ලභ සහ හදිසි’ විවාදයක් මේ වනවිට ජිනීවාහිදී පැවැත්වෙයි. ඒ, ඉරානය විසින් සිය පොදු ගොඩනැගිලි සහ ප්‍රධාන බලශක්ති යටිතල පහසුකම්වලට සිදුකරන ප්‍රහාර හෙළා දකිමින් බහරේන් සහ ගල්ෆ් රාජ්‍යයන් සිදු කළ ඉල්ලීමට අනුවය. අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අදට (25) දින 26කි. මෙවන් පසුබිමක ඊශ්‍රාලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට ද ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එමෙන්ම අමෙරිකාව විසින් හමුදා භටයින් 2,000ක් පමණ මැදපෙරදිග කලාපය වෙත යොමු කර ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි. අමෙරිකාව සහ ඊශ්‍රාලය විසින් එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය විසින්…

Read More

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ. අද (25) වනවිට ලෝක රන් මිල අවුන්සයක් ඩොලර් 4,569 දක්වා ඉහළ ‍ගොස් ඇත. ඒ අනුව, කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද උදෑසන නිකුත්කළ නවතම දත්ත අනුව රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 8,000ක් බව සඳහන්ය. ඒ අනුව අද දිනයේ “කැරට් 22” රන් පවුමක් මිල රු. 361,500ක් ලෙස දැක්වුණි. මේ අතර ඊයේ දිනයේ දී රු. 385,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 393,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

මෙරට ඉන්ධන අවශ්‍යතාවයට වඩා සියයට 10කට වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කළේ, හදිසි ගබඩා කිරීම් නොකරන්නේ නම් රට තුළ අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන පවතිනු ඇති බවය. මැයි මාසයේ මැද දක්වා මෙරටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව දෙරණ බිග්ෆොකස් වැඩසටහන සමඟ අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කළේය. “මෙතැන තියෙන ප්‍රශ්නය තෙල් නැතිකම නෙවෙයි. මෙට්‍රික් ටොන් 40,000ක නැවක එනවා නම් අපි 40,000ක ගැප් එකක් ඇති කරනවා. නැව එද්දී හිස් කරනවා නෙවෙයි. පසුගිය කාලයේ ඩීසල් සියයට 150ක රේට් එකේ ගියා. එතකොට 40 වෙනුවට 60ක් යනවා. ඕක තව පොඩ්ඩක් වැඩිවුණොත් එහෙම ලංකාව…

Read More

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව මානසික රෝගීන් වෙත ලබා දෙනු ලබන ඖෂධ පෙති තරුණයන්ට අලෙවි කළ හැටන් නගරයේ ඔසුසැල් හිමියෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසිනි. සැකකරු විසින් තරුණ ප්‍රජාව ඉලක්ක කරමින් ඉතා අධික මිලකට මෙම ඖෂධ අලෙවි කරන බවට තොරතුරක් ලැබී තිබුණි. ඒ අනුව හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් පොලිස් උපාය දුතයෙකු යොදා ගනිමින් මොහුව අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී අලෙවි කිරිමට සූදානම් කර තිබූ මත් පෙති 1400කට ආසන්න සංඛ්‍යාවක් පොලිසිය භාරයට ගත් බව සඳහන්ය. සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වැටලීම සිදු කළ හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා…

Read More

ඉරානයේ බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම වාර්තා මේ බව සඳහන් කරයි. අදාළ ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදුව නොමැති බව ද ඉරානය විසින් එම ඒජන්සිය දැනුවත් කර ඇත.

Read More