Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
2019 වසෙර් පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන අතර 2017 සිට සිදුකරන ලද කුමන්ත්‍රණයක් බවට මේ වනවිට සිදු කරන ලද විමර්ශන ඔස්සේ අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
නිරිත දිග මෝසම් කාලයේදී එල්-නිනෝ තත්ත්වයක් ඇතිවුවහොත් එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වාම නියං කාලයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකදී අදහස් දක්වමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා පැවසුවේ මෙම තත්ත්වය හමුවේ පානීය ජලය මෙන්ම සියලු වාරි මාර්ග කටයුතුවල ජල කළමනාකරණය සිදුකළ යුතු බවය. එමෙන් මෙම පවතින උණුසුම් තත්ත්වය මෙම මස පුරාවටමත් බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය. “අපි බලාපොරොත්තු වෙනවා මේ පවතින උණුසුම් තත්ත්වය මේ මාසය පුරාවටමත් අඩු වැඩි වෙවි ලබන මාසයේ සති 2ක් 3ක් පමණ පවතී කියලා. 20න් විතර පස්සේ නිරිත දිග මෝසම පටන් ගන්නවා.…
තුටුපඬුරු ලබා නොගැනීම සහ අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබාදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බොහෝ පොලිස් ස්ථානවල අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු සිදුකිරීම සඳහා නිලධාරීන්ගෙන් මුදල් එකතු කිරීමට සූදානම් වන බවට සහ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ලබාගනිමින් අලුත් අවුරුදු සාද පැවැත්වීමට සූදානම් වන බවට ලැබී තිබු තොරතුරු හේතුවෙන් මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇති බව වාර්තා වේ. විශේෂයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින්ට සුබ පැතීමේ අංගයක් වශයෙන් පිරිනමනු ලබන හැම්පර්ස්, තෑගි වවුචර් පත් පිරිනැමීම ද සිදුනොකළ යුතු අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එවැනි දෑ භාරගැනීම ද සිදුනොකළ යුතු බව…
උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද සිට යාපනය, කන්කසන්තුරය දක්වා යළි දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව යාපනය නගරාන්තර දුම්රිය සහ යාපනය රාත්‍රී තැපැල් දුම්රිය අද සිටත්, යාල්දේවී දුම්රිය හෙට දින සිටත් දෛනිකව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පසුගියදා දිවයිනට බලපෑ “දිට්වා“ සුළි කුණාටුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන 14 හානී වී තිබු අතර එම ස්ථාන තාවකාලිකව පිළිසකර කිරීම්වලින් පසු පසුගිය වසරේ දෙසැම්බර් 24 වන දින සිට වේග සීමා යටතේ දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කටයුතු සිදුවුව ද ජනවාරි 19 දින සිට යළි දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටවනු ලැබීය. කෙසේවෙතත් හානියට පත් උතුරු…
ඉරාන යුද්ධය ආරම්භයේ සිට අමෙරිකාව සතු වූ “සෑම අරමුණක්ම” සාර්ථකව ඉටු කරගෙන ඇති බව ධවල මන්දිරය යළිත් තහවුරු කර තිබේ. සමාජ මාධ්‍ය සටහනක් තබමින් ධවල මන්දිරය සඳහන් කර ඇත්තේ, ඉරාන නාවික හමුදාව විනාශ කර ඇති බවත්, ටෙහෙරානයේ ආරක්ෂක කාර්මික පදනම සහමුලින්ම අතුගා දමා ඇති බවත්ය. එමෙන්ම ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් ද ව්‍යර්ථ කර ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ. ධවල මන්දිරය නිකුත් කළ ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ. “කළාපයට තර්ජනයක් වීමට ඉරානයට තිබූ හැකියාව ක්‍රමානුකූලව සහ සම්පූර්ණයෙන්ම බිඳ දමා ඇත.”
ඊශ්‍රායලය විසින් සිදුකරනු ලබන සටන් විරාම උල්ලංඝනය කිරීම්වලට ප්‍රතිචාරයක් ලෙස උතුරු ඊශ්‍රායලයේ මනාරා ජනාවාස වෙත අද (09) අලුයම රොකට් ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි. ටෙලිග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර ඇත්තේ, “අපේ රටට සහ අපේ ජනතාවට එරෙහිව එල්ල වන ඊශ්‍රායල- අමෙරිකානු ආක්‍රමණ නතර වන තුරු මෙම ප්‍රතිචාර දැක්වීම් දිගටම ක්‍රියාත්මක වනු ඇත” යනුවෙනි. මේ අතර, ලෙබනනයේ සිට එල්ල කරන ලද එක් රොකට් ප්‍රහාරයක් ගුවනේදීම විනාශ කර දැමීමට සමත් වූ බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කිරීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකඟ වූ කොන්දේසී උල්ලංඝණය කරමින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙකුට ඔවුන්ගේ නව පත්වීම් සේවා ස්ථාන ඊයේ (08) ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ඔවුන් අද සිට ලබන 11 දක්වා තමන් අනුයුක්ත කර ඇති රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත සේවයට වාර්තා කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත. කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම ක්‍රියාකලාපයත්…
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍යවරු 436 දෙනාට ඔවුන්ගේ නව පත්වීම් හා සේවා ස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අද (08) ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව මෙම වෛද්‍යවරු හෙට (9) සිට එළැඹෙන 11වැනිදා දක්වා වූ කාලය තුළ තමන් අනුයුක්ත කර ඇති දිවයින පුරා රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත වාර්ථාකල යුතුව ඇත. මෙම නවක වෛද්‍යවරු සිය පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති ආකාරය සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය (Merit List) පදනම් කර ගනිමින් විනිවිදභාවයකින්, විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ දිවයින පුරා පවතින අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සිය නිවේදනයෙන් දන්වා සිටී.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (9) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. සීමාවාසික පත්වීම් ලබාදීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය තම සංගමය සමග එකඟ වූ කොන්දේසි කඩකරමින් අදාළ පත්වීම් ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සංගමය පැවසීය. මේ සම්බන්ධයෙන් ‘GMOA’ නිකුත්කළ නිවේදනය, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය දේශපාලනීකරණයට ලක්කිරීමේ උත්සාහයන් හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කරන ලදී. ඒ අනුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. එහිදී එකඟතාවය වූයේ අදාල සාකච්ඡාව අවසන් වනතුරු ප්‍රශ්නගත පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ…
ඉරානයට අවි සපයන ඕනෑම රටකට 50%ක තීරු බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (8) නිවේදනය කළේය. සිය ‘Truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, ඉරානයට ආයුධ සපයන ඕනෑම රටක් ‘වහාම බද්දට යටත් වන බවත්, කිසිදු බැහැර කිරීමක් හෝ නිදහස් කිරීමක්’ නොමැති බවත්ය. ඉරානය සමග සති දෙකක සටන් විරාමයකට එකඟවීමත් සමග ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව පැවසීම සුවිශේෂීය.
