Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මීට වසර 6කට පමණ ඉහත කොවිඩි සමයේදී ඝාතනය කර සඟවන ලද අඹුසැමි යුවළකගේ මෘතදේහ අද ගොඩගැනුණි. ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වැල්ලම්පිටිය, කම්බිකොටුව වත්ත ප්‍රදේශයේ ඇළ මාර්ගයක වළදමා තිබියදීය. 2020 වසරේදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වැල්ලම්පිටිය, කම්බිකොටුව වත්ත ප්‍රදේශයේ පදිංචි සුනිල් කුමාරසිංහ සහ කාමන්ද සිල්වා නම් 62 හැවිරිදි අඹුසැමි යුවළ අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ පවුලේ ඥාතීන් විසින් ග්‍රෑන්ඩ්පාස් පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි. එහිදී අදාළ යුවළ සම්බන්ධයෙන් කිසිවක් අනාවරණය නොවුණු පසුබිමක ඥාතීන් එසමයෙහිම ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ඒ පිළිබඳව දැනුම්දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිද්ධිය පිළිබඳ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරනු ලැබීය. ඒ අනුව එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි…
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් විනාශ කිරීමේ කාර්යය සඳහා ඇති නෛතික බාධා ඉවත් කිරීමට අදාළ නීති සංශෝධනය කිරීම වෙනුවෙන් පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සමාජ විශ්වාසය තහවුරු කිරීමේදී අත්අඩංගුවට පත් වන මත්ද්‍රව්‍ය තොග හැකි ඉක්මනින් විනාශ කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් විධිමත් ක්‍රියාවලියක් කඩිනමින් සකස් කළ යුතු බවද අවධාරණය කළේය. මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට නීති සංශෝධන කෙටුම්පතක් මේ වන විටත් සකස් කරනු ලැබ ඇති අතර එම කෙටුම්පතෙහි දක්වා ඇති ප්‍රතිපාදන අනුව අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය…
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් නීති විරෝධි ලෙස උපයාගත් මුදලින් මිලදී ගන්නා ලද රුපියල් කෝටි 03 කට අධික වටිනාකමින් යුත් දේපල ක්‍රියාවිරහිත කර තිබේ. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය විසින් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති කොළඹ 14 සහ ජා ඇල ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 514 කට අධික වටිනාකමකින් යුත් ඉඩමක්, කඩ කාමර 04 ක්, තෙමහල් නිවසක් සහ රුපියල් ලක්ෂ 59 ක වටිනාකමින් යුතු බැංකු ගිණුම් 06 ක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව මීගමුව සහ කොළඹ මහාධිකරණ මඟින් ක්‍රියාවිරහිත කිරීමේ නියෝග දීර්ඝ කර බලාත්මක කර ඇත. සැකකාරිය සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට කරුණු අනාවරණය වන වෙන්නවත්ත, වැල්ලම්පිටිය…
හලාවත – කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් කොක්කවිල හන්දියෙන් දකුණට හැරවීමට යාමේදී එම දිසාවටම පසුපසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකාරිය හා පසුපැදිකරුවා වූ ඇයගේ පුතා බරපතළ තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පැදිකාරිය මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක් වූ කරවිටිගාරය ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනතුරට සම්බන්ධයෙන් ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් අද (24) දිනයේ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය කාර්යාලවල අද දිනයේ මහජන සේවාවන් සිදුනොවන බවය. ඒ අනුව අද දිනයට ක්‍රියාත්මක වීමට නියමිතව තිබු හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම පොදු සේවාවන් ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1,820ක් සන්තකයේ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සේරුනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් වන සේරුනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සේරුනුවර පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (24) දින 25ක් ගතවී ඇත. ———————– Update 6.50AM මාසයකට අඩු කාලයකදී අමෙරිකාවේ පෙට්‍රල් මිල සියයට 75කින් පමණ ඉහළ යාමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වගකිව යුතු බව අමෙරිකානු සෙනෙට් සභාවේ සුළුතර පක්ෂ නායක චක් ෂූමර් පවසයි. ———————— Update 6.45AM ඉරාන ප්‍රහාර හේතුවෙන් සම්ප්‍රේෂණ මාර්ගවලට හානි වීමෙන් කුවේටයේ විදුලිය ඇනහිටීම් වාර්තා වී ඇත. ———————- Update 6.40AM ඉරානයට එරෙහිව අමෙරිකානු සහාය ඇතිව ඊශ්‍රායලය දියත් කරන යුද්ධයේ බලපෑම, 2022 වසරේ රුසියාවේ යුක්රේන ආක්‍රමණයේ බලපෑම අභිබවා යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ———————– Update 6.30AM ඉරාකයේ බටහිර Anbar පළාතේ පිහිටි හමුදා…
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සමනය කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ආරම්භ වී තිබුණද, ඉරාන පාලන තන්ත්‍රය මුළුමනින්ම පෙරළා දමන තෙක් යුද්ධය නතර නොකළ යුතු බව ඊශ්‍රායල විපක්ෂ නායක අවිග්ඩෝර් ලිබර්මන් අවධාරණය කරයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර දින පහකට අත්හිටුවීමට ගත් තීරණය හමුවේ ඊශ්‍රායල විපක්ෂ නායක අවිග්ඩෝර් ලිබර්මන් මෙම අදහස් පළ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔහු ඊශ්‍රායල රජය දැඩි ලෙස විවේචනය කරමින් පවසා ඇත්තේ ආරක්ෂක තර්ජන පවතින මොහොතක රජය අභ්‍යන්තර නීති සම්පාදනයන් පිළිබඳව පමණක් අවධානය යොමු කරන බවය. ඉරානය විසින් ඊශ්‍රායලයට සහ අමෙරිකානු කඳවුරු පවතින ජෝර්දානය, ඉරාකය වැනි රටවලට එල්ල කරන…
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් වැඩිකළ නව බස් ගාස්තුව මේ මොහොතේදී ප්‍රමාණවත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව හෙට (24) දිනයේ සිට සාමාන්‍ය පරිදි බස් ධාවන කටයුතු සිදුකරන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු මිල 12.19%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඒ අනුව රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනු ගොස් ඇති අතර, අවසන් ගාස්තුව ලෙස පැවති රු 2,159 බස් ගාස්තුව රු 2,422ක් දක්වා රු 263කින් ඉහළ ගොස් ඇත. මගීන්ගෙන් නියමිත බස් ගාස්තුව…
