යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව අයිස් මත්ද්රව්ය සමග සැකකරුවෙකු පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලද බුද්ධි තොරතුර අනුව යුද හමුදාව සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඒකාබද්ධව පානදුර පිංවත්ත ප්රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සතුව තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 56 මිලිග්රෑම් 490ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
යුද හමුදාව පැවසුවේ නිලධාරීන් භාරයට ගෙන ඇති මත්ද්රව්ය තොගයේ වටිනාකම රුපියල් 480,000ක් පමණ වන බවය.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධව ඉදිරි විමර්ශන පානදුර පොලිසිය මගින් සිදුකරති.

