Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පවතින රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී සත්ත්ව ඖෂධ තොගයක් විනාශ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී නිසි ප්‍රමිතියෙන් තොර නීතිවිරෝධී සත්ත්ව ඖෂධ කිලෝ ග්‍රෑම් 1090ක් සොයාගෙන තිබුණි. අනතුරුව කෙරවළපිටිය සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමේ පරිශ්‍රයේදී අදාළ ඖෂධ තොගය විනාශ කිරීමට කටයුතු කර ඇත. අදාළ ඖෂධ විනාශ කිරීම සඳහා වැය වූ සම්පූර්ණ පිරිවැය ද එම ඖෂධ නිෂ්පාදකයාගෙන් අයකරගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
ඕමානයට බෝම්බ හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනයත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) යළිත් ඉහළ ගියේය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා ගොස්, එය 91.24ක් ලෙස සටහන්වී ඇත. එමෙන්ම මර්බන් වර්ගයේ බොරතෙල් ඩොලර් 97.70ක් ලෙසත්, WTI බොරතෙල් ඩොලර් 85ක් ලෙසත් ඉහළගොස් තිබේ. ඉරානය සමග හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡාවලට බාධා කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆොක්ස් නිව්ස් මාධ්‍යවේදීන් සමග ඊයේ (17) පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය පාලනය කිරීම පිළිබඳ ඉරානය සහ ඕමානය අතර මේ වනවිට වෙනම සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර, අමෙරිකාවද…
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක පස්වරු 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
අ.ඩො.බිලියනයක් නීතිවිරෝධීව රටින් පිටකිරීමේ සිද්ධියට බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු FCID අත්අඩංගුවට
අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිදුවීමට ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි. ඔවුන් සිව්දෙනාම අදාළ පෞද්ගලික බැංකු තුළදීම අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මෙවැනි අත්අඩංගුවට ගැනීමක් ශ්‍රී ලංකාව තුළ සිදුවූ පළමු අවස්ථාව මෙය බවෙ පොලීසිය සඳහන් කළේය. අදාළ නිලධාරීන් හතරදෙනාට මෙම ජාවාරම් සිදුකළ ප්‍රධාන පුද්ගලයා විසින් සතිපතා මුදල් ලබාදීම් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඒ අනුව එක් අයෙකුට සතියකට රුපියල් 30,000, 50,000 සහ ලක්ෂය බැගින් මුදල් ලබාදී ඇති බවත් වාර්තා වේ. අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ…
වනජීවී ක්ෂේත්‍රයේ පශු වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු කඩිනමින් විසඳා ඔවුන්ට නිසි ස්ථානයක් ලබාදිය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් 33 දෙනෙකු සිටිය යුතු වුවද මේ වන විට සේවයේ නිරතව සිටින්නේ 17 දෙනෙකු පමණක් බවත්, එය දශක ගණනාවක් පුරා පවතින ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. අලි–මිනිස් ගැටුම ඇතුළු මිනිසා සහ වන සතුන් අතර ඇතිවන ගැටුම්වලදී මෙම පශු වෛද්‍යවරුන් විශිෂ්ට සේවාවක් ඉටු කරන බවද ඔහු පැවසීය. එහෙත් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ඔවුන්ට අවශ්‍ය නෛතික බලතල නොමැති අතර, ඔවුන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිසි සේවා ව්‍යුහයට ඇතුළත් කර නොමැති බවද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. පසුගියදා…
පසුගිය පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කල්පිටිය, කන්දකුලිය අතුරු කුඩාව ප්‍රදේශයේදී කල්පිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ එහි ගමන් කළ කුඩා දරුවා කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 06ක කුඩා දරුවෙකු සහ 40 හැවිරිදි පුද්ගලයෙකි. එමෙන්ම කොළඹ – පුත්තලම මාර්ගයේ ලුණුවිල හන්දිය අසලදී මාර්ගය හරහා ගමන් කළ පාපැදිකරුවෙකු පුත්තලම දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් ද අනතුරක් සිදුව තිබේ. අනතුරින්…
ඉන්දුනීසියාවේ ඇතිවූ භූ කම්පන මාලාවෙන් පසු අද (17) දිනයේදී යළිත් භූ කම්පන තත්ත්වයක් ඇතිව තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ එරට ෆ්ලොරෙස් ප්‍රදේශයට අද අලුයම රික්ටර් මාපකයේ 5.9ක අගයකින් යුත් භූ කම්පයක් හට ගෙන ඇති බවය. ඉන්දුනීසියාවට පසුගිය 15 වැනිදා රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූ කම්පයක් සිදුවූ අතර එම භූකම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක්ද සිදුවිය. ඉන් පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා රෝහල් ගත කිරීමටද පියවර ගෙන තිබූ අතර ආපදාවට ලක්වූ පුද්ගලයින් සඳහා ඉදි කෙරුණු ආරක්ෂිත මධ්‍යස්ථානවල පුද්ගලයින් 9,200කට අධික පිරිසක් නවාතැන් ගෙන තිබුණි. භූකම්පන තත්ත්වයෙන් පසු එරට සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව සීමා…
රුසියාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තිබේ. එමෙන්ම මෙම ප්‍රහාර හමුවේ තවත් පුද්ගලයින් 10දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පැවසුවේ රුසියාව විසින් සිය යටිතල පහසුකම් ඉලක්කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවය. යුක්‍රේනය වෙත ඩ්‍රෝන ප්‍රහාර 600ක් පමණ එල්ල කළ ද බවද මොස්කව් නගරාධිපතිවරයා පැවසීය. මෑත සති කිහිපයක සිට රුසියාව විසින් යුක්‍රේනය වෙත එල්ල කරන ගුවන් ප්‍රහාර තීව්‍ර කර තිබේ.
සංශෝධිත එකතු කළ අගය මත බදු හෙවත් වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් 01වනදා සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව වාර්තා වේ. අදාළ ඉන්වොයිස් ආකෘතිය නිකුත් කිරීම ජුලි මස 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද ව්‍යාපාරික ප්‍රජාවට සහ බදු ගෙවන්නන්ට පද්ධති සූදානම් කර ගැනීමට සහන කාලයක් ලබා දීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කර ඇත්තේ පසුගිය අගොස්තු 13 වන දින වනවිට සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,436,926ක් ලෙස වාර්තා වී ඇති බවත් ඒ අතුරින් 358,608ක් ඉන්දීය සංචාරකයින් බවය. මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 140,892ක්, චීනයෙන් සංචාරකයින් 94,890ක්, ජර්මනියෙන් සංචාරකයින් 83,965ක් මෙරටට වැඩිම සංචාරකයින් පැමිණි රටවල් ලෙස සටහන් වී ඇත. මේ අතර අගොස්තු මාසයේ ගතවු දින 13ක කාලය තුළ සංචාරකයින් 93,511ක් දිවයිනට පැමිණ තිබේ. ඒ අනුව අගෝස්තු මාසයේදී පළමු සතිය තුළ සංචාරකයින් 49,759ක් සහ දෙවැනි සතියේ දින 6ක් තුළ සංචාරකයින් 43,752ක් මෙරටට පැමිණ ඇත. එම සංචාරකයින් අතුරින් වැඩිම…
