Author: LANKA24X7

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව 2023 වර්ෂය වෙනුවෙන් නොබෝදා නිකුත් කළ විගණන වාර්තාවේ වත්කම් කළමනාකරණ විගණන නිරීක්ෂණ යටතේ මේ බව සඳහන් කර ඇත. අස්ථානගතව ඇති වාහන 141 ක් පිළිබඳව තොරතුරු මේ වන විට නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වීම නිසා දැනට මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයිද අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණන කාර්යාලය වෙත පිළිතුරු ලබාදී ඇත. මෙම වාහන නිවැරදිව හඳුනාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම හා අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම කලයුතු බව විගණන කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී…

Read More

මහ කන්නයේ (2024/2025) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රමය පසුගිය 3 වැනිදා ආරම්භ කළ බවත් එම ණය යෝජනා ක්‍රමය මැයි මස 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පැවසීය. උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙටි්‍රක්ටොන් 25 කට යටත් වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන්ට සහ සමූපකාර සමිතිවලට මෙම ණය යෝජනා ක්‍රමයෙන් ණය ලබාගත හැකි බවත් රාජ්‍ය ආයතනයක් නිකුත් කළ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය තිබීම අනිවාර්ය බවත් එම දෙපාර්තමේන්තුව කියයි. මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියෙක්ට සහ සමූපකාර සමිතියකට රුපියල්…

Read More

වාලච්චේන ප්‍රදේශයේ කාන්තාවක සහ පුද්ගලයකු අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බව පවසමින් ඔටමාවඩි ප්‍රදේශයේ පල්ලියකට බලෙන් රැගෙන ගොස් කාන්තාවට 50 වතාවක් සහ පුරුෂයාට 100 වතාවක් කෝටුවකින් පහර දුන් බව කියන මවුලවිවරයකු ඇතුළු 7 දෙනකු අත්අඩංගුවට ගත් බව වාලචේන පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාලච්චේන, බිරන්දරන සහ ඔටමාවඩි යන ප්‍රවේශවල පදිංචි අවුරුදු 19 – 39 ත් අතර පසුවන මවුලවිවරයකු ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකි. පැමිණිලිකාරිය විවාහයෙන් වෙන්වී තම දරුවා සමග ඔටමාවඩි ප්‍රදේශයේ පදිංචිව සිටින 28 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය අවශ්‍යතාවක් සඳහා එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සමග ඔහුගේ වෑන් රථයෙන් ඉකුත් දෙසැම්බර් 31 වැනිදා කුලී ගමනක් ගොස් ඒ සඳහා රුපියල් 5000 මුදලක්…

Read More

මාලදිවයිනේ උතුරු ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින වරාය ශ්‍රී ලංකා ආයෝජකයෙක් සමඟ එකතු වී සංවර්ධනය කර ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට සියයට 50 ක බදු සහනයක් දීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව මඟහැරිය නොහැකි මහගු අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා – මාලදිවයින් ව්‍යාපාරික සභාවේ සභාපති සුදේෂ් මෙන්ඩිස් මහතා පැවසීය. රජය මැදිහත්ව පෞද්ගලික අංශයත් සමඟ එකතුව මෙයට මැදිහත් වීම අනිවාර්යෙන්ම කළ යුතු බව ද ඒ මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා – මාලදිවයින් ව්‍යාපාරික සභාව මාලදිවයිනේ සංචාරය කළ සකස් කළ වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවේදී සුදේෂ් මෙන්ඩිස් මහතා එසේ සඳහන් කළේය. ශ්‍රී ලංකවේ පිහිටීම අනුව ගාල්ල වරායේ විදේශ වෙළෙදාමට සම්බන්ධ බෙහෝ දේවල් මේ වන විට සිදුවන…

Read More

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මකව පවතී. මේ වනවිට ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් සිය රථවලට එක්කර ඇති අනවශ්‍ය අමතර කොටස් ඉවත් කිරීමද සිදුකරන ආකාරය දක්නට ලැබේ. Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොලීසිය කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු රථවාහනවල අනාරක්ෂිත අයුරින් සවිකර ඇති උපාංග ඉවත් කිරීම පසුගියදා ආරම්භ කළ අතර, එම මෙහෙයුම් මගීන් අපහසුතාවයට පත්නොවන අයුරින් තවදුරටත් ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, වැඩබලන පොලිස්පතිවරයා සමග පෞද්ගලික බස් සංගම් ඊයේ (08) පැවති සාකච්ඡාවකින් අනතුරුව මගී ප්‍රවාහන රථවල අනවශ්‍ය අමතර කොටස් ඉවත්කිරීම සඳහා මාස 3 ක සහන කාලයක් ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා…

Read More

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඒකමතිකව ‍තේරී පත්වී තිබේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද (09) පස්වරු 2ට පාර්ලිමේන්තුවේදී රැස්වී තිබුණි.

Read More

ඊශ්‍රායල් රාජ්‍යයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2023 වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් තෝරා ගෙන ඇති අතර එහි පළමු කණ්ඩායම 2023 වසරේ දෙසැම්බර් මාසයේ ඊශ්‍රායලය වෙත පිටත්කර යවා තිබේ. එමෙන්ම දෙවන පිරිස 2024 වසරේ ජනවාරි මාසයේ පිටත්කර යවා ඇත. මේ ආකාරයෙන් තෝරාගත් තවත් 2,400ක පමණ වූ පිරිසක් සඳහා කාර්යාංශය විසින් උමන්දාව ඇතුළු ස්ථාන කිහිපයකදී ක්ෂේත්‍ර පුහුණුවක් ද ලබා දී ඇති අතර ඒ අතරින් 118 දෙනෙකු මේ වනවිටත් කාර්යාංශයට මුදල් ගෙවා ඊශ්‍රායල් රාජ්‍ය සමග ගිවිසුම්ද අත්සන් කර අවසන් බව සඳහන් වේ. එම පිරිසට මෙරටින් පිටත්ව යාමට නියමිතව තිබී ඇත්තේ…

Read More

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කළ මගී ප්‍රවාහන දුම්රියේ ගමන් කළ ඉන්දියානු ජාතිකයෙකුගේ අස්ථානගත වු ගමන් බෑගය පැය කිහිපයක් තුළ සොයා ගැනීමට හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා සහ වටවල පොලීසියේ නිලධාරීන් සමත් වී තිබේ. ඇල්ල දක්වා ගමන්ගත් 39 හැවිරදි සංචාරකයා වටවල සහ හැටන් දුම්රිය ස්ථාන අතරදී සිය බෑගය අස්ථානගත වී ඇති බව දැනගෙන වහාම හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර ඇත. ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති අතර, අස්ථානගතවූ ගමන් බෑගයට සමාන බෑගයක් අරගෙන දුම්රියට පැමිණි පුද්ගලයෙකු ගැන වටවල ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගමන් කළ බවට තහවුරු වී තිබුණි. පසුව ඒ සම්බන්ධයෙන් අදාළ ත්‍රිරෝද රථ රියදුරු සොයාගෙන…

Read More

සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ අවසරය හෙටින් (10) අවසන්වීමට නියමිතය. පවතින සහල් හිඟය මැඩපැවැත්වීම සඳහා සහල් ආනයන කිරීමට රජය විසින් 2025 ජනවාරි මස 10වනදා දක්වා අවසර ලබා දී තිබුණි. ඒ අනුව ඊයේ (08) දහවල් 12 වන විට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ථ සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 115,000 ඉක්මවා ඇති බව වාර්තා විය. මේ තොගය අතර කැකුලු සහල් ටොන් 45,000 ක් සහ තැම්බූ සහල් ටොන් 70,000 ක් ඇති බව සඳහන් වේ. කෙසේවෙතත් සහල් ආනයනය කිරීමට ලබා දී තිබෙන අවසරය නැවතත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.

Read More

ගුරු – විදුහල්පතිවරුන්ගේ උසස්වීම් ලබාදීම සඳහා අදාළ චක්‍රලේඛය දින තුනක් ඇතුළත නිකුත් නොකළොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ ඊයේ (08දා) පැවසූහ. ගුරු – විදුහල්පතිවරුන්ගේ ගැටලුවලට පිළියම් ලබාදෙන ලෙස ඉල්ලා ගුරු – විදුහල්පති ඒකාබද්ධ සන්ධානය නියෝජනය කරන වෘත්තීය සමිති 16ක නියෝජිතයන් ඊයේ පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් හමුවී සාකච්ඡා කළ බව උන්වහන්සේ කීහ. එහිදී ගුරු – විදුහල්පති උසස්වීම් ලබාදීම සඳහා කඩඉම් ලකුණු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවීම නිසා වසර ගණනාවකින් (20ක් 25ක්) ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට උසස්වීම් ලැබී නොමැති බවත් එය පසුව නිවැරදි කරගන්නාතෙක් ඔවුන්ට උසස්වීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා එකඟවූ බවත් උන්වහන්සේ…

Read More