Author: LANKA24X7

ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (5) පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දිනයට සමගාමීව “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ එම ජාතික සැමරුම පැවැත්වුණු අතර ඒ හා සමගාමීව ඔක්තෝබර් 01-05 දක්වා ජනාවාස සතියක්ද ප්‍රකාශයට පත්කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබිණි. නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් 4000කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නිවාස ඉදිකර දීම වෙනුවෙන්, නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති වැඩසටහන යටතේ දිවයින පුරා වැඩ නිම කළ නිවාස දහසක් ජනතා අයිතියට පවරා දීමද මෙහිදී විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිවරයා අතින් සිදු විය. UN Habitat ශ්‍රී ලංකා…

Read More

මහල් නිවාසයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනුකර ඇති නඩුව එළඹෙන නොවැම්බර් මස 28වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා තීරණය කළේය. එහිදී චූදිත පාර්ශ්වයේ තර්කය වී තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්වචනයන්ට පටහැනිව යන බැවින් හිටපු කැබිනට අමාත්‍යවරියකුට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු පැවරිය නොහැකි බවයි. මහාධිකරණය චූදිත පාර්ශ්වයේ විරෝධය ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාග කිරීම සඳහා දින නියම කළේය. මහල් නිවාසයක් මිලදී ගැනීමට අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් සමාගමක් සමාගමක් විසින් රුපියල් කෝටියකට වැඩි මුදලක් ගෙවීමක් කරනු ලැබ තිබීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා…

Read More

බෞද්ධ ජනයා කඨින චීවරය ප්‍රදානය කරනු ලබන පුණ්‍යෝත්සවය වස් පොහෝ දිනයෙන් ආරම්භවේ. වෙසක්, පොසොන්, ඇසළ පුර පසළොස්වක ථෙරවාද සම්ප්‍රදාය අනුගමනය කරන රටවල,බෞද්ධයන්ට වප්පුර පසළොස්වක පොහෝ දිනය විශේෂ වැදගත්කමක් ඇත. වර්ෂයකට එක් වරක් එක විහාරස්ථානයක පමණක් කළ හැකි දුර්ලභ ගණයේ පින්කමක් වන මෙම පිංකමට සැදැහැති බෞද්ධයන්ගේ ආරාධනයෙන් ඇසළ පුන් පොහෝ දින සිට මාස තුනක් විනයානුකූලව පෙර වස් විසූ භික්ෂූන් වහන්සේ නමකට පමණක් කඨින චීවරය පූජා කළ හැකිය. එසේ නොවන්නට කඨින පින්කමක් කළ නො හැකිය. කෙනෙකුට ඇසිය හැකි ප්‍රශ්නයක් නම් කඨින චීවරයක හා වෙනත් චීවරයක පෙනෙන්නට ඇති වෙනසක් නොමැති නිසා මෙය දුර්ලභ ගණයේ පින්කමක් වන්නේ කෙසේ ද යන්නයි. ඒ පිළිබඳව ශාස්ත්‍රපති බම්බලපිටිය…

Read More

ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හිතකර වායු ගෝලිය තත්වයක් සවස් කලයේ බොහෝ ප්‍රදේශවල පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරු – මැද, නැගෙනහිර, මධ්‍යම, සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදි වැසි ස්වල්පයක් ඇති විය හැකියි. තද සුළං සහ ප්‍රබල අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි ජනතාවට දැනුම් දෙයි.

Read More

2020 වසරට සාපේක්ෂව 2024 වසරේ මෙරට උපත් සංඛ්‍යාව 80,945 කින් අඩුවී ඇති බව රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. ඉකුත් 2024 වසරේ වැඩිම උපත් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර අවම උපත් සංඛ්‍යාව වශයෙන් 846 ක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තාවී තිබුණි. 2020 වසරේ උපත් සංඛ්‍යාව 301,706 ක් වන අතර ඉකුත් 2024 වසරේ උපත් සංඛ්‍යාව 220,761 කි. 2021 වසරේ උපත් 284,848 ක්ද, 2022 වසරේ 275,321 ක්ද, 2023 වසරේ 247,900 ක්ද ලෙස උපත් සංඛ්‍යාව වාර්තාවී තිබුණි. රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2021 වසරේ සිට 2024 වසර දක්වා මරණ සංඛ්‍යාවද සැලකියයුතු පරිදි වැඩිවී ඇත. ඒ අනුව 2020 වසරේ මරණ සංඛ්‍යාව 132,371 ක්ද, 2021 වසරේ මරණ 163,936…

Read More

රුපියල් කෝටියකට අධික වටිනා හෂිෂ් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි. එම පුද්ගලයා සන්තකයේ තිබී හෂිෂ් කිලෝ ගෑම් 1 ක් උපයා ගත් බවට සැක කරන මුදල් රුපියල් 18000 ක් පොලිස් භාරයට ගෙන ඇත. පුද්ගලයකු මත්ද්‍රව්‍ය රැගෙන හිරන ඒජන්ත වංගුව ප්‍රදේශයට පැමිණෙන බවට හිරන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර සිල්වා මහතාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු මීට මාස දෙකකට පමණ ඉහතදී එම ප්‍රදේශයේ නිවසකට ගල්කිස්ස ප්‍රදේශයේ සිට කුලී පදනම මත පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා එන සතියේ හමුවේ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක නිලධාරීන් පාවිච්චි කළ සියලුම වාහන රජය ලබා ගැනීමෙන් ඔහුට ආරක්ෂාව ලබාදීමට බරපතළ ගැටලුකාරී තත්වයක් පැන නැගී ඇති හෙයින් මෙම තීරණයට පැමිණි බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ ගමගේ මහතා පැවසීය. හිටපු ජනාධිපතිවරයාට ලබා දී තිබූ වෙඩි නොවදින රථය සහ තවත් වාහන දෙකක් රජයේ දැනුම් දීම අනුව පසුගියදා බාරදෙනු ලැබීය. මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන්ට ගමන් කිරීමට මේ වන විට එකම වාහනයක් හෝ නොමැති ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Read More

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (05) රාත්‍රී 11 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Read More

තැපැල් සේවාවේ නිරත නිලධාරීන්ගේ වංචනික සහ අකාර්යක්ෂම ක්‍රියාකලාපය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ තැපැල් දිනයට සමගාමීව හපුතලේ තැපැල් කාර්යාලයේ පැවති උත්සවයකකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තැපැල්පති රුවන් සත්කුමාර මහතා, “කෝටි ගාණක් ඇඟිලි සළකුණු තියන්නේ නැතිව හොරට OT අරන් තියෙනවා. එහෙම තියෙනකොට අපි මේකට උත්තරයක් දෙන්න ඕනේ නැද්ද? අපේ තියෙනවා වර්ක්ෂොප් එකක්. ඒකේ වාහන හදනවා.. මං දන්නේ නෑ හදනවාද නැද්ද කියලා.. එකේ ඉරිදාට වාහන සර්විස් කරනවා. ඒ කරන්නේ OT එකට සර්විස් කරන්න දෙන්නෙක් ඉන්නවා එතනින් එහාට තව 10 දෙනෙක් විතර ඉන්නවා වාහනේ සර්විස් කරන්න.. වාහනයක් සර්විස් කරන්න පැය…

Read More

පවතින අධික වර්ෂාපතනය හමුවේ ඊයේ (04) දිස්ත්‍රික්ක කිහිපයකට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම සංවිධානය පැවසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි දින කිහිපය තුළද වැසි අපේක්ෂා කළ හැකි බව මේ වන විට දැනුම්දී ඇති බවය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ දිනයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, ඇල්ල, බදුල්ල, පස්සර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, බිබිල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනය…

Read More