Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඉන්ධන වංචාවක් සම්බන්දයෙන් චෝදනා ලැබූ ඇල්ල ප්‍රාදේශීය සභාවේ සේවකයන් 6 දෙනකුගේ වැඩ තහනම් කර, අනියම් කොන්ත්‍රාත් පදනම මත බදවා ගත් සේවකයන් පස්දෙනකුගෙ වැඩ අවසන් කළ බව ඌව පලාත් අධ්‍යාපන හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා පැවසීය. මෙසේ වැඩතහනමට ලක්ව ඇත්තේ ඇල්ල ප්‍රාදේශීය සභාවට අනියුක්තව සේවය කළ රියැදුරුන් සිව්දෙනකු සහ ක්ෂේත්‍ර නිළධාරින් දෙදෙනකුගෙ වන අතර අනියම් කොන්ත්‍රාත් පදනම මත බදවා ගත් සේවකයන් පස්දෙනකුගේ සේවය අවසන් කළ බවද හෙතෙම කීය . දිට්වා සුලි කුණාටුව නිසාවෙන් ඇල්ල ප්‍රාදේශීය සභාවේ සේවා කටයුතු සදහා රියැදුරු බලපත්‍ර හිමි මෙම පිරිස අත්‍යාවශ්‍ය සේවා කටයුතු සදහා බදවා ගෙන ඇති බවත් ඔවුන් විසින් අදාල රථවාහන සදහා ඉන්ධන…
ජනවාරි 23 වැනි දා සිට පවතින වියලි කාලගුණික තත්වයේ වෙනසක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියලි කාලගුණික තත්වයක් පවතී. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින ඇති විමේ හැකියාව පවතී. බස්නාහිර,සබරගමුව, මධ්‍යම,වයඹ,උතුරු – මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකියි.
චිලී රාජ්‍යයේ පැතිර යන දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. පැතිර යන ගින්න හේතුවෙන් චිලී රාජ්‍යයේ ජනාධිපති ගේබ්‍රියෙල් බොරික් එරට දකුණු පළාතේ කලාප දෙකක ව්‍යසනකාරී තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති අතර එම ප්‍රදේශ ආශ්‍රිතව පුද්ගලයින් 20,000ක් පමණ ඉවත් කිරීමටද පියවර ගෙන තිබේ. එරට වණ සංරක්ෂණ ඒජන්සියට අනුව ඊයේ (19) උදෑසන වන විටත් එරට ගිනි නිවන සේවකයින් මෙම දරුණු ලැව්ගිනි මැඩපැවැත්වීමේ කටයුතුවල නිරතව ඇති අතර එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ විශාලතම ලැව්ගිනි ඇතිව ඇත්තේ රජය විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති උබල් සහ බියෝ ප්‍රදේශවල බවය. මෙම කලාප එරට…
තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නැගෙනහිර පළාතේ රජයේ රොහල්වල වෛද්‍ය වර්ජනය අද (19) යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ අනුව අද පෙ.ව. 8.00 සිට නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල මෙම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ ඉල්ලීම්වලට රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් නැවත මෙසේ වැඩ වර්ජනය ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පැවසීය.
පුද්ගලයින් 11 දෙනෙකු සමගින් අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියානු බලධාරීන් විසින් සොයාගෙන තිබේ. ඒ අනුව මෙම යානයේ සුන්බුන් ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි හි බුලුසරවුන් කන්දේ තිබී එම බලධාරීන් විසින් සොයාගෙන ඇත. යානයේ සුන්බුන් හමුවූ නමුත් එහි සිටි පුද්ගලයින් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර එම පිරිස සොයා ඉන්දුනීසියානු බලධාරීන් විශේෂ සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර තිබේ. මෙම යානය ඉන්දුනීසියානු සමුද්‍ර කටයුතු සහ ධීවර අමාත්‍යාංශයට අයත් බවට තොරතුරු අනාවරණය විය. ATR 42-500 වර්ගයේ ගුවන් යානාවක් වූ මෙම යානය ඊයේ (17) දිනයේදී අතුරුදන් වූ අතර අතුරුදන් වන අවස්ථාවේ එම යානයේ පුද්ගලයින් 11 දෙනෙකු සිට තිබුණි. ඉන්දුනීසියාවේ මැකස්සාර් නගරයට ආසන්න ප්‍රදේශයකදී මෙම…
කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක් හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදී පෙරළී ගොස් තිබේ. අනතුරින් බස් රථයේ රියදුරුවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ. එම ප්‍රදේශයේදී බස් රථයේ රියදුරු අසුන පිහිටි දොර විවෘතව ඇති බවත් ඒ අවස්ථාවේදී රියදුරු එම දොර වැසීමට තැත් කර තිබේ. එහිදී බස් රථය පාලනය කරගත නොහැකිව අසල තිබූ පස් කණ්ඩියක ගැටී බස් රථය මාර්ගයේ පෙරළී ගොස් ඇති බවත් සඳහන් වේ. අනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එම පිරිස අතර බස් රථයේ කොන්දොස්තරවරයා, කුඩා ළමයෙකු සහ කාන්තාවක්ද සිටින බව පොලීසිය සඳහන් කළේය. එමෙන්ම අනතුරින් පසු මාර්ගයේ එක් මන්තීරුවක් අවහිර වී ඇති අතර එම…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
රථ වාහන නීති උල්ලංඝනය කරන රියදුරන් සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය එළැඹෙන ජුලි මාසයේ අග භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි. කෑගල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති වැඩමුළුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය. ගව්පේ (GovPay) ඔස්සේ දඩ මුදල් ගෙවීමේ ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමත් සමඟ මෙම අකුසලතා ලකුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔහු පැහැදිලි කළේය. එමෙන්ම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවනයේ යෙදුණු රියදුරන් සම්බන්ධයෙන් මේ 2026 වසරේ වනවිට නඩු 300කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කර ඇති බවද…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනස සිදු කිරීමෙන් අඩියක්වත් පිටුපසට ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පුත්තලම කලාපයේ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් සමඟ අද (17) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කළේ, දියත් කළ සැලසුම් ඒ ලෙසටම ක්‍රියාත්මක කරන බවය. ”මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් දීර්ඝකාලීන ක්‍රියාවලියක් තුළ සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කර ඇති ඒවා, ඒ සඳහා වන යටිතල පහසුකම් සංවර්ධනය, ගුරු-විදුහල්පති බඳවා ගැනීම්, ඩිජිටල් තාක්ෂණික උපකරණ බෙදාදීම් අඛණ්ඩව සිදුකරමින් පවතිනවා. මෙවැනි බරපතළ ක්‍රියාවලියකදී සුළුතර කණ්ඩායම් ඔවුන්ගේ පටු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරිපත් කරන විරෝධතා නොතකා, රජය හා නිලධාරීන් අතර ඇති අන්‍යෝන්‍ය විශ්වාසය ඉදිරියටත් පවත්වාගත යුතුයි. මෙය දරුවන්ගේ අනාගතය හැඩගස්වන,…
2026 වසර ආරම්භ වූ පළමු 15 දින තුළ සංචාරකයින් 131,898 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එම කාලසීමාව තුළ එක් දින වැඩිම සංචාරක පැමිණීම 15 ජනවාරි දින වාර්තා වී ඇති අතර, එදින මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,483ක් බවද අධිකාරිය පවසයි. මේ දින 15 තුළ වැඩිම සංචාරක පැමිණීම් ඇති රට ඉන්දියාව වන අතර එම සංඛ්‍යාව 23,786ක් වාර්තා වේ. ඊට අමතරව, රුසියාවෙන් 14,785 දෙනකු, එක්සත් රාජධානියෙන් 12,166 දෙනකු සහ ජර්මනියෙන් 9,260 දෙනකු මෙරටට පැමිණි බවද සඳහන් වේ.
