Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මැදපෙරදිග යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හිදී අද (11) ආරම්භවීමට නියමිතය. මේ සඳහා අමෙරිකාව වෙනුවෙන් එරට උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඇතුළු පිරිසක්ද, ඉරානය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරාග්චි ඇතුළු පිරිසක්ද මේ වනවිට පාකිස්තානය වෙත පැමිණ සිටියි. කෙසේ නමුත් සාකච්ඡා ආරම්භවීමට හෝරා කිහිපයකට පෙර ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් විසින් සාකච්ඡා ඇරඹීමට පෙර කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව විදේශ බැංකුවල ඇති ඉරාන රියාල් බිලියන ගණනක වත්කම් වහාම නිදහස් කරන ලෙසත්, ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයට එරෙහි ප්‍රහාර නවත්වන ලෙසත් ඔහු පවසා ඇති බව වාර්තාවේ. ඉරානයට…
මතභේදයට තුඩු දී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්කිරීම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම්, විභාගයට ගැනීමට අවසර දෙනවාද, නැත්ද? යන නියෝගය මැයි මස 08 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කර තිබේ. සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරු දෙදෙනෙකු විසින් ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අද (10) මෙම නියෝගය නිකුත් කර ඇත.
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබීම සම්බන්ධව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 13 සහ 14 දෙදින යෙදී ඇති සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් එම දිනයන් දෙකෙහි දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා දන්වා තිබේ. මෙම කාල සීමාව තුළ සිදුව සුරා අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත ක්ෂණික ඇතුම් අංකය වන 1913 දුරකථන අංකය භාවිත කරන ලෙසත් අදාළ නිවේදනය මගින් දන්වා තිබේ.
මෙරට උද්ධමනය 2025 වසරේ පැවැති -0.5 මට්ටමේ සිට 2026 වසරේදී 5.2%ක් දක්වා ඉහළ යා හැකි බව ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබේ. එම බැංකුව විසින් අද (10) දින ප්‍රකාශයට පත් කරන ලද Asian Development Outlook (ADO) April 2026 වාර්තාවේ මේ බව සඳහන් කර ඇත. පවතින මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම උද්ධමනය ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපානු ඇති බවත් එම බැංකුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. මීට අමතරව විදෙස් ප්‍රේෂණ පැමිණීම අඩුවීම, වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරයට ඇති වන බාධා ද උද්ධමනය ඉහළ යාමට බලපානු ඇති බවත් මේ හේතුවෙන් ගෘහස්ථ ආදායම් සහ බාහිර ආරක්ෂණ මත බර පැටවෙනු ඇති…
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි සිදුකරන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. අද (10) පෙරවරුවේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ බස් නැවතුම්පළට හානි කිරීම සංවිධානාත්මක පාර්ශ්වයන්ගේ ක්‍රියාවක් වන බවත් ඒ සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙන්ම දැඩි ආරක්ෂක පියවරන් ගැනීමටද කටයුතු කරන බවය. අමාත්‍යවරයා මෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසුව අදහස් දක්වමින් පැවසුවේ කාන්තා වැසිකිළිවල සවිකර තිබූ කරාම පළවෙනි දින ගලවා තිබීමෙන් පසු නැවත සවි කළ පසු දෙවැනි දිනටත් ඊයේ (09) රාත්‍රියේදී එම කරාම ගලවා ඇති බවත් පෙන්වා දුන්නේය. ඒ අනුව මෙය සංවිධානාත්මක…
මෙරට තුළ කිසිසේත්ම ඉන්ධන අර්බුදයක් ඇතිවීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෑංග් හොංග් පවසයි. තානාපතිවරයා මේ බව සඳහන් කළේ, මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 350කට වියළි ආහාර බෙදාදීමේ අවස්ථාවට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. චීනය සෑම අවස්ථාවකදීම උදව් සහ සහයෝගය ලබාදී ඇති බවත් ඈත අතීතයේ සිටම දෙරට අතර පවතින මිතුදහම ඊට ප්‍රධාන හේතුව බවත් ඔහු කියා සිටියේය. මේ වන විට මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලෝකයේ ඇතැම් රටවල් පීඩාවට ලක්ව ඇති බැවින් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා අවශ්‍ය සියලුම ආකාරයේ සහාය ලබාදීමට චීනය ඉදිරිපත් වනු ඇත. එහිදී තනාපතිවරයා අවධාරණය කළේ, යම් හේතුවක්…
හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් 5දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක දී පුද්ගලයෙකු මියගොස් සිටින බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය. අදාළ හෝටලයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් ඊයේ (09) රාත්‍රී පවත්වනු ලැබූ සාදයක් අතරතුරදී බහින්බස්වීමක් මත සිදුවූ පහරදීමකින් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව තිබේ. අදාළ පහරදීම සිදුකළ බවට සැකපිට එම විශ්වවිද්‍යලයේම සිසුන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය. සිද්ධිය සම්බන්ධයෙන් හොමාගම පෙලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. සමගි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ද විපක්ෂය විසින් අදාළ යෝජනාව පසුගියදා කථානායකවරයා වෙත ඉදිරිපත් කරණු ලැබීය. බලශක්ති කලමනාකරණය පිළිබඳ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල පැහැරහැරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්කර තිබේ.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව NDB බැංකුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව පිළිබඳ ශ්‍රී ලංකා මහබැංකුවෙන් කරුණු විමසීමක් සිදු කර තිබේ. ඒ, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් මස 07 වෙනිදා රැස්වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා මහ බැංකුව නෛතික අවශ්‍යතා අනුව මාස හතරකට වරක් පාර්ලිමේන්තුවේ පෙනි සිටිය යුතුය. ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ. එහිදී NDB බැංකුවේ සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචාව පිළිබඳ මෙහිදී කාරක සභාවේ අවධානය යොමු වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම…
අවුරුදු සමයේ රුධිරයේ සීනී මට්ටම පාලනය කරගැනීමට පියවර ගන්නා ලෙසට වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා මෙම ඉල්ලීම සිදු කළේය. “අපි දන්නවා සාම්ප්‍රදායික ලෙස කිරිබත්, කැවුම්, කොකිස්, අලුවා නැතිව අවුරුද්දක් නැහැ. නමුත් යම් සීමාවක් ඇතිව එක කැවිලි ජාතියක් පමණක් ගන්න එක වේලකට. කැවුම් වෙනුවට අලුවා කෑල්ලක්. කිරිබත් කෑල්ලක් ගන්න. කිරි තේ එකක් බොන්නේ නැතිව සීනි නැතිව ප්ලෙන්ටී එකක් බොන්න. නෑගම් ගියත්, දැන් කාලා ආවේ කියලා කෝකිස් එකක් අලුවා කෑල්ලක් තෝරගෙන මම කැමැති මේවාට කියලා මේ වගේ සුළු වෙනස්කම් කිරීමෙන් ඔබට පුළුවන් රුධිරයේ සීනි මට්ටම යම් ප්‍රමාණයකට සමනය කරගන්න.”
