Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
උපරිමාධිකරණයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග අවධාරණය කරමින් ඒ සඳහා වූ විවාදයක් පැවැත්වීම සඳහා අවසර ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් යෝජනාවක් කථානායකවරයා වෙත අද (26) ලබා දී තිබේ. මේ වන විට උපරිමාධිකරණයේ පුරප්පාඩු 8කට වැඩි සංඛ්‍යාවක් මාස 6කට වැඩි කාලයක් පුරවා නොතිබීම තුළ නීතියේ ආධිපත්‍යයට ඇති බලපෑම සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් හා යුක්තියට ප්‍රවේශය කෙරෙහි ඇති ප්‍රතිවිපාක පිළිබඳව පාර්ලිමේන්තුව සතු වගකීම සහ වගවීම අවධාරණය කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම ලිපිය කථානායකවරයා වෙත භාර දී ඇත.
අල්ලස් සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ සමගි ජන බලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ. එමෙන්ම ඒ මහතා විසින් මෙතෙක් දැරූ සියලු තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටද පක්ෂය තීරණය කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කර ඇත්තේ 2023 වසර වන විට ඔහු පක්ෂයේ සාමාජිකයෙකු ලෙස හෝ සංවිධායකවරයෙකු ලෙස හෝ කටයුතු කර නොමැති අතර චරිත් අබේසිංහ මහතා එවකට සමගි ජනබලවේගයේ කිසිදු තනතුරක් ද නොදැරූ අයෙකු බවය. කෙසේ නමුත් සමගි ජනබලවේගය කිසිදු විටෙක දූෂණයන්ට හෝ නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්ට අදාළව නීතිය…
ඇෆ්ගනිස්තානයේ සිවිල් සේවකයින්ට ස්මාර්ට්ෆෝන් භාවිතය රට පුරා තහනම් කිරීමට තලේබාන් පාලනය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විනිසුරුවන් ඇතුළු හමුදා සහ සිවිල් ආයතනවල සියලුම නිලධාරීන්ට ජූනි 16 වනදා සිට ජංගම දුරකථන භාවිතය තහනම් කර ඇති අතර, නියෝගය උල්ලංඝනය කරන පුද්ගලයින්ගේ දුරකථන විනාශ කර නීතිය යටතේ දඬුවම් ලබාදෙන බව සඳහන් වේ. රජයේ නිලධාරීන් පවසන්නේ බොහෝ රාජකාරී කටයුතු ජංගම දුරකථන, වට්ස්ඇප් සහ විද්‍යුත් තැපෑල හරහා සිදුකළ බැවින් මෙම තහනම හේතුවෙන් පරිපාලන ක්‍රියාවලීන් දැඩි ලෙස අඩාල වී ඇති බවයි. පන්ජ්ෂීර් පළාත් ආණ්ඩුකාරවරයා සියලු රාජ්‍ය කාර්යාල තුළ මෙම තහනම වහාම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබේ. මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ස්මාර්ට්ෆෝන්…
අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමාත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බව කියන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා” නැමති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු මැලේසියාවේ රැඳීසිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්තාවේදීය. අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කන්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගිය බව පොලීසිය පැවසීය. සැකකරු වයස අවුරුදු 42 වන කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ද…
2025(2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (25) සිට ජූලි 08වනදා දක්වා සිදුකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව, පාසල් සහ පෞද්ගලික සියලුම අයදුම්කරුවන් තමන් විසින්ම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර වෙනත් ක්‍රමයක් හරහා අයදුම්පත් භාර නොගන්නා බවද සඳහන් වේ. අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස අපගේ සේවා ” යටතේ ඇති “Exam Information Centre” මත Click කිරීම හරහා අයදුම් කළ යුතු වේ. පද්ධතියට පිවිසීමේදී පරිශීලක ගිණුමක් ඇති අය තම විභාග අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතු අතර, නව පරිශීලකයින් ජාතික හැඳුනුම්පත් අංකය සහ ජංගම දුරකථන අංකය භාවිතයෙන්…
ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව, මහ බැංකුව විසින් අද (25) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.3416ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 342.0372ක් ලෙස සටහන් වී ඇත. ඊයේ (24) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව ගැනුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 330.3515ක් ලෙස වන අතර විකුණුම් මිල ලෙස රුපියල් 340.0685ක් ලෙස සටහන්ව තිබුණි.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය එළඹෙන ජුලි මස පළමු වන දින සිට සිදුකරන ලෙස පුද්ගලික බස් සංගම් විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඊයේ (24) දිනයේ දී එම ඉල්ලීම ලිඛිතව සිදුකළ බව ඒ මහතා පැවසීය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ඉදිරි දින පහ තුළ ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමට ද අපේක්ෂා කරන බවය. “අපි බලාපොරොත්තු වෙනදා 15% ත් 20%ත් අතර පරාසයක වැඩිවීමක්. පහුගිය දින කිහිපයම අපි පාඩුවට දිව්වේ. ඩොලර් එක සහ අනිත් පිරිවැය සියල්ල වැඩි වෙලා තියෙනවා. බස් කාර්මාන්තය බරපතළ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත මීට සුළු මොහොතකට පෙර පැමිණියේය. ඒ එම කාර්යාංශය විසින් සිදුකරන ලබන විමර්ශනයකට අදාළවය.
අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතුරට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් බසය පාලනයෙන් ගිලිහී යෑමෙන් අද (24) උදෑසන 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇත. කොළඹ කොටුව සිට අම්පාර බලා ධාවනයේ යෙදුණු මෙම බස් රථය අනතුරට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය අඹගහ හන්දිය ප්‍රදේශයේදීය. බස් රථයට විශාල හානි සිදුවී ඇති අතර බස් රථයේ රියදුරු කඩිනමින් රෝහල්ගත කර ඇති අතර, ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
කඩවත බස් නැවතුම්පොළ අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. බස් රථයක් කඩවත බස් නැවතුම්පළතුළට ධාවනය කරන අවස්ථාවේ දී පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. අනතුරින් තුවාල ලැබූ 49 හැවිරිදි පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන් වෙයි. මරණකරු රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
