Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදිරිය විවෘත කිරීමට තැත් කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසියය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල් වරයෙකි. සැකකාර කොස්තාපල්වරයා සිර මැදිරිය විවෘත කිරීමට යාමේදී උපසේවක ලෙස කටයුතු කළ නිලධාරියා එය වැළැක්වීමට යාමේදී ඔහු සමග පොර බැඳීමක්ද සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 19 සහ 24 වියැති පුද්ගලයින් බව පොලිසිය කීය. සැකකරුවන් කුලී ගමනක් සඳහා මෝටර් රථයක් අවශ්‍ය බව දුරකථන ඇමතුමක් දී එය වාද්දුව ප්‍රදේශයට ගෙන්වා පානදුර ඉන්ද්‍රජෝති මාවතේ පාළු ප්‍රදේශයකදී රියදුරුවූ විශ්‍රාමික යුද හමුදා සෙබළාට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා රියදුරු සතුව තිබූ රන් මුද්දක්ද කොල්ලකා රියදුරු පන්නා දමා මෙම මෝටර් රථය පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය කීය.
නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ රියදුරා තුවාල ලබා ලක්ෂපාන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පැවසීය. අද (22) මෙම අනතුර සිදු වි ඇත්තේ නල්ලතන්නිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ නෝර්ටන්බ්‍රිජ් එඩිට් ප්‍රදේශයේදිය. ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන මෝටර් රථය ප්‍රපාතයට පෙරලී ඇත.
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 25 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මීට පෙර අප්‍රේල් 17 වෙනිදා පෙරවරු 9.30ට අල්ලස් කොමිසමේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබූ අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු නිවාඩු සමයේ තමා කොළඹ නැති හෙයින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබිණි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ලබන 25 වැනිදා රනිල්…
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපදෙස් ලබාදී ඇත. ඉතිරි 3000 ක නිලධාරීන් දෙසැම්බර් මාසයේදී බදවා ගැනීමටත් සැලසුම් කර ඇති බව එම අමාත්‍යංශය පවසයි. පොලිස් ස්ථානාධීපතිවරුන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් සදහා ඔන්ලයින් ඔස්සේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ පොලිස් නිලධාරින් සදහා වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරිමටත් අවධානය යොමුවී ඇති බවය.
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙදෙනකු අත්ඩංගුවට ගත් බව අඩම්පන් පොලිසිය පවසයි. පොලිසිය සන්තකයේ තිබූ රාජකාරී ගිනි අවියෙන් ටිපරයේ රෝදවලට වෙඩි ප්‍රහාර 4 ක් පමණ තබා ඇති බව පොලිසිය කියයි. සැකකරුවන් කොටිකටුවිආරු රක්ෂිතයේ ඉඩමක නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව වැලි කැණීම් සිදුකර ඇති බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අඩම්පන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී ඊයේ 6 වන වරටත් රැස් විය. ආහාර කමිටුව රැස්වූයේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරු ද අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්ළි බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඊයේ (21) පැවසීය. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිටිහි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ(21) පැවති මාධ්‍ය හමුවේදී ඉන්දික අනුරුද්ධ මහතා එසේ පැවසීය. පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු අප්‍රේල් 21 වැනිදාට කළින් හෙළිකරන්නේ යැයි ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවත් එම ප්‍රකාශය මත ජනාධිපතිවරයා විශේෂ හෙළිදර්වක් කරමින් ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටුකරනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කළ බවත් අනුරුද්ධ මහතා කීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‘පාස්කු’ ප්‍රහාරය හරහා බලය ගත් බවට ද වර්තමාන…
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල ජන රැළියේදී පැවසීය. එම අවුරුදු පහ මාර ඇතුළත ගොඩක් දේවල් යට ගහන්නත් හංගන්නත් පුළුවන් කම තිබූ බව කී ජනාධිපතිවරයා දැන් මාලිමා ආණ්ඩුව යටතේ අරඹා ඇති පාස්කු විමර්ශන වලින් සාර්ථක ප්‍රතිඵල අත්පත් වෙමින් තිබෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර තිබෙන්නේ යැයිද කීය. පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැළිය පැවැත්විණි.
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ. ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත සහ ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය එම ලියවිලි වේ. මෙම පිළිගත් ලියවිලි අතරින් ඕනෑම එකක් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව ද එම කොමමිසම සදඟන් කරයි.
