Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංවර්ධන පනත උල්ලංඝනය කරමින් බව උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ සභාපති පී බී දිසානායක මහතා පැවසීය. එම ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක් ඉදි කරන බව ද චෝදනා කරයි. ගොවි ජන සංවර්ධන පනතේ අංක 46 නැවත 2011 සංශෝධිත අංක 46 පනත මගින් කුඹුරු ඉඩමක් ගොඩ කිරීම සඳහා ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට ලබා දිය හැක්කේ ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවේ සහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ අනුමැතිය මත බව පැහැදිලිව සඳහන්ව ඇතැයි දිසානායක මහතා පෙන්වා දෙයි. එවැනි පසුබිමක තමන්ම තහනම් කරන ලද මේ භූමිය…
එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම කර ඇත. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (01)පස්වරුවේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණු අතර එහිදී මෙම පත් කිරීම නිල වශයෙන් නිවේදනය කෙරිණි.
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව මැතිවරණය පැවැත්විමේ කටයුතු ඉදිරියට කරගෙන යෑමෙන් 03 වැනි දින තෙක් වළකින ලෙස දැනුම් දෙන්නැයි අභියාචනාධිකරණය අදාළ තේරීම් භාර නිලධාරීන්ට අද නියෝග කළේය. කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවකට ඉදිරිපත් කෙරුණු නාම යෝජනා පත‍්‍ර ප්රතික්ෂේප කිරීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය, සර්ව ජන බලය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු පාර්ශව ගණනාවක් මේ වන විට අභියාචනාදීකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් 30 කට ආසන්න සංඛ්‍යාවක් කැඳවු අවස්ථාවේදී අධිකරණය එලෙස නියම කළේය. නාම යෝජනා පත‍්‍ර ප්රතික්ෂේප කිරීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය, සර්ව ජන බලය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු පාර්ශව ගණනාවක් ගොනු කර ඇති පෙත්සම්වල…
දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකැයි. මධ්‍යම, වයඹ සහ උතුරු – මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වඩා වැඩි තද වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,උතුරු – මැද සහ ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් පවතී.
වත්තල හේකිත්ත පාරේ කාමර කුලියට ලබාදෙන නවාතැන්පොළක නාන කාමරයක් තුළ සිහි මුර්ජා වී වැටී සිටි කාන්තාවක් සිහිගන්වා පරික්ෂාකර ප්‍රශ්න කිරීමේදී විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ඇයට ලබා දුන් ටි 56 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ තොගයක් සහ අයිස්මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවූ බව වත්තල පොලිසිය කියයි. එම ගිනි අවිය සන්තකයේ තබාගෙන සිටි ඇයගේ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයෙක්ද පොලිස් අඩංගුවට ගෙන ඇත. එම සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයා සතුව තබා තිබී ටි 56 වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ 113 ක් මැගසින් 4 ක්, සොයාගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි. වත්තල හේකිත්ත පාරේ නවාතැන් පොලක් තුළ කාන්තාවක්…
පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් ලුහුබැඳ ගොස් මිනුවන්ගොඩ ප්‍රභාගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගනිද්දී එහි එක් සැකකරුවකු කලහාකාරි ලෙස හැසිරී පොලිස් නිලධාරීයකු අත තිබූ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කරද්දී තවත් නිලධාරියකු සැකකරුගේ පාදයට වෙඩි තබා මෙල්ල කළ බව පොලිසිය කියයි. තුවාල ලැබූ සැකකරු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් සතුව තිබූ මත් කුඩු ග්‍රෑම් හයක් පොලිස් බාරයට ගෙන ඇත.
පළාත් පාලන ඡන්ද විමසීම්වලට අදාළව මේ වන විට නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙන පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම හෙට (02) දින තෙක් අත්හිටුවන ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. එම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය. සිය නාමයෝජනා පත්‍ර ප්රතික්ෂේප කිරීමට එරෙහිව කොළඹ මහ නගර සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු විවිධ පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම්…
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. ඒ අනුව උත්සව කාලය සඳහා ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් රථ 500ක් යෙදවීමට සැලසුම් කර ඇති බව ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේය. අදියර දෙකක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර එහි පළමු අදියර ලබන 9වනදා සිට 13 වෙනිදා ක්‍රියාත්මක කෙරේ. අවුරුදු අවසන් වීමෙන් පසු ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණිමට අප්‍රේල් මස 16 වනදින සිටි 20 වන දින දක්වා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව…
තර්ජන පවතින බන්ධනාගාර නිලධාරීන්ගේ වාර්තාවක් වැඩබලන පොලිස්පතිවරයා වෙත භාර දී තිබේ. එම වාර්තාව බුද්ධි අංශ වෙතද යොමු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය. තර්ජන පවතින නිලධාරීන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ වාර්තාව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. කළුතර, ගාල්ල, බූස්ස සහ මාතර බන්ධනාගාරවලට අනුයුක්ත බන්ධනාගාර නිලධාරීන් ජීවිත තර්ජනවලට මුහුණ දී ඇති අතර මේ පිළිබඳ සලකා බලා අදාළ වාර්තාව ලබා දී ඇත. කෙසේ වෙතත් තර්ජන පවතින නිලධාරීන් සංඛ්‍යාත්මකව හඳුනාගෙන නොමැති බව සඳහන් වේ. අක්මීමන තලගහ ප්‍රදේශයේදී හිටපු බන්ධනාගාර නිලධාරීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය. කෙසේ…
ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති, ලලිත් ධර්මසේකර මහතා අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩාත් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීමට රජය මැදිහත් විය යුතු බවය. “පෙට්‍රල් ලීටරයෙන්ම රු 10යි අඩුවෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලීටරයෙන් කිලෝමීටර් 20ක් වගේ ධාවනය කරන්නේ. එතකොට ශත 5ක් අපි තියාගන්නේ නැතුව රු 10 ම දුන්නත් කිලෝමීටරයකට ශත 50යි අඩු කරන්න පුළුවන්. ඕක ප්‍රායෝගික නෑනේ. මේ වෙද්දිත් ගාස්තු නිර්ණයක් නැතුව හිතූ හිතූ ගණන් අයකරන ත්‍රිරෝද රථ ලංකාව පුරාම…
