Author: LANKA24X7

එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. මේ සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහත්වරුන් පත්කර තිබේ.

Read More

බස් ගාස්තු ලබන ජූනි මාසයේ අනිවාර්යෙන්ම සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බාස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (2) පෙරවරුවේ පැවසීය. බස් රථවලට වැට් බදු ආදේශය කර ඇති අතර ඒ හේතුවෙන් බස් රථ මිල ඉහල යෑමෙන් සියලුම පිරිවැය ඉහළ ගොස් ඇති බවත් මෙම තත්ත්වය නිසා වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී ගාස්තු ඉහළ දැරීමට සිදුවන බවත් ඒ මහතා කීය.

Read More

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කළේය. අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් අද (02) යළි සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය. උප්පැන්න සහතිකවල මුල් පිටපත් සහිත නාම යෝජනා පත්‍ර යළි භාරගැනීමට සම්බන්ධයෙන් අධිකරණය හමුවේ එකඟතාවයක් ඇති වීමෙන් අනතුරුව නියෝගය නිකුත් කෙරුණි.

Read More

නෙළුක්කුලම සහ මොරටුව පොලිස් වසම්වලින් නාඳුනන මෘත ශරීරයක් දෙකක් හමුව තිබේ. ඊයේ (01) එම සිරුරු සොයාගත් බව පොලීසිය පැවසීය. නෙළුක්කුලම පොලිස් වසමේ තම්පනෙයි පුලියන්කුලම් වැව ආසන්නයේ පාළු ඉඩමක නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් තිබී සොයාගෙන ඇත. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත. මෘත ශරීරය මුලතිව් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර නෙළුක්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. මේ අතර මොරටුව පොලිස් වසමේ කොරලවැල්ල පොල්වත්ත ප්‍රදේශයේ මුහුදු තීරයේ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් තිබී හමුව ඇත. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

Read More

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව එළැඹෙන 8 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පැවසීය. අද (02) පාර්ලිමේන්තුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී කථානායකවරයා මේ බව දැනුම්දී ඇත.

Read More

උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් .එම් රංජිත් මහතාට සහ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රෙස්නට වසර 16ක බරපතල වැඩ සහිතව සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු අධිත්‍ය පටබැඳිගේ මහතා අද(02) නියම කළේය. 2012 -2014 කාල වකවානුවේදී උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500 ක මුදලක් ලබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයකට මෙම නඩුව පවරා තිබිණි. අල්ලස් කොමිසම මගින් ගොනු කර තිබූ මෙම නඩුව දීර්ඝ විභාගයකින් පසු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීමෙන් මෙම දඩුවම් නියම කෙරිණි.

Read More

ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට වග කියනු ලබන අනුකාරක සභා තුනක් ස්ථාපිත කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අදාල අනුකාරක සභා පිහිටුවා ඇත. අවිධිමත් ප්‍රවාහන කර්මාන්තය හා සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තිය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වන අනු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස චන්දන සූරියආරච්චි (සභාපති), ජගත් විතාන, දිනිඳු සමන් සහ දේවානන්ද සුරවීර මන්ත්‍රීවරුන් පත් කර තිබේ. ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතීමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වන අනුකාරක සභාවට නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර (සභාපති), සුගත් වසන්ත ද සිල්වා, තනුර දිසානායක සහ සුජීව දිසානායක මන්ත්‍රීවරු පත්ව සිටිති. ප්‍රවාහන කර්මාන්තය හා…

Read More

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) විසින් සංවිධානය කරන ලද කථානායකවරයා ඇතුළු මුලසුන දැරීම සඳහා නම් කරන ලද මන්ත්‍රීවරයන්ට (සභාපති නාමාවලියේ සඳහන් මන්ත්‍රීවරයන්ට) අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩමුළුවක් පැවැත්විණි. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙම වැඩසටහනට සහභාගී වූහ. එක්සත් රාජධානිය නියෝජනය කරමින් එරට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ජුඩිත් කමින්ස් (Ms. Judith Cummins), එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කථානායක ඩෝන් ප්‍රිමරොලෝ (Ms. Dawn Primarolo), සහ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ හිටපු සභාපතිවරයෙක් වූ කෙනත් ඩොනල්ඩ් මැකින්ටොෂ් (Mr. Kenneth Donald…

Read More

ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. මෙසේ රෝහල් ගත කර ඇත්තේ එම විදුහලේ 7ඩී.ශ්‍රේණියේ 11 හැවිරිදි සිසුවෙකි. මෙම සිසුවාගේ පියා රෝගාතුරව රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් කියයි. සිසුවා අද දිනයේදී සෞඛ්‍ය පොත ගෙනැවිත් නොමැති බව පවසා පහරදිම සිදුකර ඇති බවත් එහිදි සිසුවාගේ කණට බර පතල හානි සිදුව ඇති බවත් පොලිසිය පවසයි.

Read More

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැලැස්ස” ආපන ශාලාවේදී ඊයේ අරැඹිණි. ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබා ගනිමින් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. මේ අනුව රුපියල් දෙසීයක් වැනි අඩු මිලකට පෝෂණයෙන් සපිරි විශේෂ ආහාර වේලක් භුක්ති විඳීමට ජනතාවට අවස්ථාව ලැබෙයි. මෙම පෝෂ්‍යදායී සමබල ආහාර වේල ඇතුළත් වට්ටෝරුව ඉදිරියේදී රජයේ සහ පෞද්ගලික සියලු ආපනශාලා වෙත හඳුන්වාදීමට නියමිතය. ඇසුරුම් කළ දේශීය ආහාර වර්ග මෙන්ම පෝෂ්‍යදායී කෙටි ආහාර වර්ගද, මෙහිදී පහසු මිලට…

Read More