Author: LANKA24X7

ආනයනික කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් කිරි තේ කෝප්පයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව පැවසීය. කිරිපිටි මිල සියයට 4.7කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් පසුගිය 18 වනදා තීරණය කළ බවත් ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ ගිය බවත් එම සංගමය සදහන් කළේය.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සිට ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අමිල සම්පත් නොහොත් ‘රොටුඹ අමිල’ රුසියාවේ දී අත්අඩංගුවට ගෙන ඇත. ඒ බව එරට ආරක්ෂ බලධාරීන් විසින් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

Read More

පේරාදෙණිය, ඒදඩුවාව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් පෙරළී යෑමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (30) රාත්‍රී 8ට පමණ අනතුර සිදුව තිබූ අතර, ත්‍රීරෝද රථය ක්‍රීඩා පිටියකට පෙරළී ගොස් තිබුණි. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බෝයගම හා හෙන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි සහ 53 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. ත්‍රීරෝද රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව බෑවුමකට පෙරළී අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ දී රියදුරු ඇතුළුව පුද්ගලයින් සිව්දෙනෙකු රථයේ සිට ඇත. අනතුරින් මියගොස් ඇත්තේ පිටුපස අසුනේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකි. පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වන අතර දේහයන් පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹදී පැවැත්විය. එහිදි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මී සිල්වා මහතා තේරී පත්වූ බව දැනුම් දී තිබේ. ශම්මී සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස මෙලෙස තේරී පත්වුයේ අඛණ්ඩව සිව්වැනි වාතාවටය.

Read More

යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මුරුංගන් පොලිසීය සමඟ එක්ව සිදුකල මෙහෙයුමකදී මුරුංගන් හි ඉසමලතාවුල් ප්‍රදේශයේ සිට මාවනැල්ල දක්වා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 11 ක් පමණ වටිනා බීඩි කොළ කිලෝග්‍රෑම් 1200 ක් පමණ (පාර්සල් 40) සහ 23 හැවරිදි දම්පිල්ලෑව, කල්එළිය ප්‍ර‍දේශයේ පදිංචි තරුණයෙකු හා ලොරි රථයක් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර් තාවේ. මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු මුරුංගන් පොලිස් ස්ථානය මගින් සිදුකරනු බවට වැඩිදුරටත් වාර් තාවේ.

Read More

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන ඒවා පානය කරමින් සිටි වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකු හා ඔහුගේ මිතුරකු මාතර දීයගහ ප්‍රදේශයේ කඩ කාමරයක්දී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි. අදාල වෛද්‍යවරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්රැම් 400 ක් ද ඔහුගේ මිතුරා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්රැම් 2100 ක් හා හෙරෝයින් මත්ද්‍රව්‍ය මිලි ග්රැම් 180 ක් ද පොලීසිය සොයා ගෙන ඇත. ඊට අමතරව සැකකාර වෛද්‍යවරයා එම ස්ථානයට පැමිණි සුබෝපභෝගී මෝටර් රථය ද ඔහුගේ වෛද්‍ය නලාව ද පොලිස් බාරයට ගෙන තිබේ. 34 වැනි වයසේ පසුවන ඔවුන් දෙදෙනාම කොළඹ ජනප්‍රිය පාසල්වල ඉගෙනුම ලබා ඇති බවත් සැකකාර…

Read More

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (31) දිනයේ දී උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රිකවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 45 අතර අවධානය යොමු කලයුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා, “මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේත් බලාපොරොත්තු වෙන්න පුලුවන්. හේතුව මේක ප්‍රධාන වශයෙන් ඍතුමය තත්ත්වයක්. සාමාන්‍යයෙන් මාර්තු අප්‍රේල් වල හැම අවුරුද්දකම වගේ බලාපොරොත්තු වෙනවා. මිනිස් සිරුරට දැනෙන උණුසුමුක් පවතින නිසා…

Read More

තලාතුඔය ,ගුරුදෙණිය උඩතැන්න මහවැළි බ්‍රිෂ් ගම්මානයේ නිවාස පරිශ්‍රයක විශාල උමගක් හාරා නිධානයක් ගැනීමට තැත් කළ බව කියන කාන්තාවක් සහ සැකකරුවන් දෙදෙනෙක් අද (30) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලීසිය කියයි. පූරා විද්‍යාත්මක වටිනාකමක් සහිත මෙම ස්ථානයේ නිධානයක් හාරන බවට ලද ඔත්තුවක් මත පිරිස අත් අඩංගුවට ගෙන තිබේ. මෝටර් රථයක් ත්‍රිරෝද රථයක් සහ කැණීම් කටයුතු වලට යොදා ගත් උපකරණද පොලීසිය භාරයට ගෙන ඇත.

Read More

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර පෑලියගොඩ, කැලණි පාලම අසලදී අද ආරම්භ විය. ජනාධිපති කාර්යාලයේ මගපෙන්වීම යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය මෙම ව්‍යාපෘතිය සමග එක්ව සිටියි. ඒ අනුව පෑලියගොඩ නවලෝක වටරවුම සහ නව කැලණි පාලම අතර රජය සතු භූමියෙහි පැළ රෝපණය කරමින් එය ආකර්ශණීය නාගරික වන වගා භූමියක් ලෙස ස්ථාපනය කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම පැළ ආරක්ෂා කොට රැකබලා ගැනීමේ කැපකරුවන් ලෙස පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ දහම් පාසල් සිසුන් වැනි විවිධ පාර්ශ්වයන් වෙත වගකීම් පැවරීමයි. ඒ අනුව පෑලියගොඩ කැලණි පාලම…

Read More