Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
උත්සව සමයේ වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නීති උල්ලංඝණය කරමින් භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. www.phi.lk වෙබ් අඩවියෙන් ප්‍රදේශයට අදාල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ දුරකථන ඇමතුම් ලබාගත හැකි බවත් නොඑසේ නම් 0112 635675 දුරකථනයට පැමිණිලි ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේය.
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය වික්‍රම් මිස්රි මහතා පසුගියදා ඉන්දියාවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවහොත් මෙරට සිවිල් යුද්ධයට මැදිහත්වී සිටි ඉන්දීය සමා සාධක හමුදාව 1980 දශකයේදී මෙරටින් පිටවීමෙන් පසුව දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළැඹෙන ප්‍රථම අවස්ථාව මෙය වේ. චීනය ශ්‍රී ලංකාව සමග ඇති ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කරගැනීමට දිගින් දිගටම උත්සාහ කරන මොහොතක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මෙලෙස ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයේදී බලශක්ති…
මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නිදාගැනීමට මෙට්ටයක් දෙන ලෙස කළ ඉල්ලීම වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශයක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. මන්ත්‍රීවරයාට කොන්දේ අමාරුවක් තිබීම නිසා මෙට්ටයක් දෙන ලෙස බන්ධනාගාරයෙන් ඉල්ලිමක් කළ බවත් එම ඉල්ලීම බන්ධනාගාර වෛද්‍යවරයාට යොමු කළ පසු එය ප්‍රතික්ෂේප වූ බවත් දිසානායක මහතා කීය. මෙට්ටයක් වැනි දෙයක් සැපයීමට නම් වෛද්‍ය නිර්දේශය අනිවාර්ය බව කී දිසානායක මහතා වෛද්‍ය නිර්දේශ නොමැතිව මෙට්ටයක් සැපයිය නොහැකි බව ද සඳහන් කළේය. මන්ත්‍රීවරයාට මෙට්ටයක් අවශ්‍ය නම් කොන්දේ පවතින රෝගී තත්වයට ප්‍රතිකාර ගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන…
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා දිවුරුම් දුන්නේය. ඒ අනුව නීතිඥ රජීව් අමරසූරිය මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 29 වැනි සභාපතිවරයා ලෙස ඉතිහාසයට එකතු විය. රජීව් අමරසූරිය මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම්වරයා වන අතර අභියාචනාධිකරණයේ කොන්ත්‍රාත්, වාණිජ, දේපළ, බදුකරණය, බැංකු සහ පොදු නීතිය ද ඇතුළු සිවිල් නීති කටයුතුවල පිළිබඳව විහේෂඥයෙකි. අමරසූරිය මහතා ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නීති අධ්‍යයන නිත්‍ය කමිටුව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල සහ කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ ද සාමාජිකයෙක් වන ඒ මහතා…
පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙයියන්දර දී ඊයේ (30)පැවසීය. ලබන අප්‍රේල් 21 වැනිදාට නැවත පාස්කු ප්‍රහාරය සිහිපත් වන බව කී ජනාධිපතිවරයා එදිනට පෙර ඊට වගකිව යුත්තන් හෙළිදරව් කර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරමින් සිටින බව සඳහන් කළේය. වංචා දූෂණ පරීක්ෂණ මෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කටයුතු ඉතා විධිමත්ව දියත් වෙමින් තිබෙන්නේ යැයි ද ජනාධිපතිවරයා කීය. වංචා දූෂණ අපරාධ ආදියට සම්බන්ධ හිටපු ඇමතිවරුන් තුන්දෙනකු මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින අතර ඉදිරියේදී එවැනි තවත් ගොඩක් ප්‍රවෘත්ති ජනතාවට දැන ගැනීමට ලැබෙනු ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී කීය.…
පැසිෆික් සාගරයේ, ඕස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් ඔබ්බෙන් පිහිටි ටොංගා දූපත් සමූහය් අසල රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය භූමිකම්පාවත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පියවර ගත්තේය. භූමිකම්පාව හටගත්තේ ටොංගා දූපත් රාජ්‍යය අසල කිලෝ මීටර් 10 ගැඹුරු මුහුදු පතුළේය. භූමිකමිපාවේ ප්‍රබලත්වය සහ එය හටගත් ගැඹුර සැලකිල්ලට ගනිමින්, භූමිකම්පාවේ අප්‍රිකේන්ද්‍රයේ සිට කිලෝ මීටර් 300 ක දුරකට සුනාමි රළ විහිදෙනු ඇතැයි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්විණි. ටොංගා යනු දූපත් 171 කින් සමන්විත පොලිනීසියානු දූපත් රාජ්‍යයකි. සැමෝවා, ෆීජි සහ තුවාලු යන කුඩා දූපත් ද ටොංගා දූපත් සමූහයට නුදුරින් පිහිටා ඇත. ටොංගා දූපතේ ජනගහනය…
ඉස්ලාමයේ අනුගාමිකයන් ප්‍රධානතම ආගමික උත්සවය වන රාමසාන් උත්සවය අද (31) දිනයට යෙදී තිබේ. රාමසාන් යනු ඉස්ලාමීය දින දර්ශනයේ නව වසර ඇරඹෙන මුහර්රම් මාසයට පසුව උදාවන දසවැනි මාසය වේ. රාමසාන් මස නව සඳ දැකීමෙන් ඇරැඹෙන උපවාස සමය ෂව්වාල් මස උදාවත් සමඟ නිමාවට පත්වේ. මෙම මාසය ශ්‍රි ලාංකිකයන් නෝම්බු මාසය ලෙස හඳුන්වන අතර එම කාලයේ ඉස්ලාමයේ අනුගාමිකයන් වන මුස්ලිම්වරු නිරාහාරව සිටීම, ස්වයං විනය පුහුණු කිරීම සහ යාච්ඤා කිරීම ආදී ක්‍රියාකාරකම්වල නිරත වෙති. මුස්ලිම්වරුන් සඳහා වූ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුර්ආනය පිළිබඳ මුහම්මද් තුමාණන්ට මුලික හෙළිදරව් කිරීම් ලැබුණු මාසය ලෙස රාමසාන් උත්සවයෙන් සමරයි. නිරාහාරය ඉස්ලාමයේ මූලික මූලධර්ම පහෙන් එකකි. රාමසාන් සමයේ සෑම දිනකම…
රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් අද (30) පස්වරුවේ රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරතව ඇති බවට වාර්තාවේ. පසුගියදා පැවැති විරෝධතාවයක් අතරතුරදී සමසෞඛ්‍ය සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය හෙළා දකිමින් හා එහිදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරමින් රජරට විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය විසින් එම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර, විරෝධතාවයේ නිරත විශ්වවිද්‍යාල සිසුන් විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධතා පාඨ කියමින් විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී මෙලෙස විරෝධතාවයේ නිරතව ඇති බවට වාර්තාවේ.
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගිණුමකින් රුපියල් 2,420,162 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් නාවික සෙබළෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි. ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ආරම්භ කර තිබූ ගිණුමකින් අවස්ථා ගණනාවකදී සැකකාර සෙබළා විසින් චෙක්පත් මගින් මෙම වංචාව සිදුකර ඇත. නාවික හමුදාවේ ලුතිනන් වරයෙකු ඉකුත් 20 වෙනි දින කරන ලද පැමිණිල්ලකින් අනතුරුව විමර්ශන ඒකක 01 ස්ථානාධිපතිවරයා විසින් සැකකාර සෙබළා කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත ගෙන්වා සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඔහු වංචා කරන මුදල ඔහු පදිංචි පස්සර ප්‍රදේශීය රාජ්‍ය බැංකුවක තැන්පත් කර ඇති බවටද අනාවරණය…
ගාල්ල ප්‍රා දේශිය වෛද්‍ය සැපයුම් අංශය විසින් රුපියල් මිලියන 23.6කට ආසන්න කල්ඉකුත්වු ඖෂධ වෛද්‍ය සැපයුම් තොරතුරු කළමණාකරණ පද්ධතිය මගින් (PRONTO) විධිමත් අවසරයකින් තොරව භාණ්ඩ සමික්ෂණය සදහා ලබාදි තිබු මුරපද භාවිතා කර මකාදමා තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි. රුපියල් මිලියන 23.6කට ආසන්න ඖෂධ කල්ඉකුත්වි ඇති බැව් කමිටු වාර්තා මගින් අනාවරණය වි තිබුණි. 2016 වර්ෂයේ සිට ක්‍රියාත්මක වු වෛද්‍ය සැපයුම් තොරතුරු කළමණාකරණ පද්ධතිය මගින් කල් ඉකුත් වු ඖෂධ වසරක් තුල හදුනාගෙන අපහරණය සදහා කටයුතු කළයුතු බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ චක්‍ර ලේඛයේ දක්වා තිබුණි. කල්ඉකුත්වු ඖෂධ අපහරණය කොට මුදල් රෙගුලාසි 102 සිට 109 ප්‍රකාරව පොතෙන් කපා හැරිම සදහා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත…
