Author: LANKA24X7

තඹලගමුව මොල්ලිපොතාන යුනිට් 10 ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ජලය බැස යන කාණුවකට වැටුණු දැරියක් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මිය ගොස් ඇත්තේ මොල්ලිපොතාන යුනිට් 10 පදිංචි අල්මා හාජා නැමැති සිවු හැවිරිදි පෙර පාසල් දැරියකි. වර්ෂාව නිසා ජලය බැස යන කාණුවට වැටුණු දැරිය මිටර් 100 ක් ගසා ගෙන ගොස් රැදි තිබියදි නිවැසියන් මළ සිරැර සොයාගෙන ති⁣බේ. පශ්චාත් මරණ පරික්ෂණය සදහා මළ සිරැර කන්තලේ මුලික රෝහලට ගෙනවිත් තිබු අතර තඹලගමුව පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපවත්වා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සිය පළමු ඉලක්කය යයි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ මහනුවරදි පැවැසිය. ආසියාව සහ ලෝකයේ බොහෝ රටවල් නිරීක්ෂණය කරන විට ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වය තබා ගැනීම ඉතාමත්ම වැදගත් යැයි හදුනාගත හැකි බව ඒ මහතා තවදුරටත් පැවසීය. නව ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ඊයේ (02) පෙරවරුවේ මහනුවරට පැමිණි වැඩබලන පොලිස්පතිවරයා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගත් වැඩ බලන පොලස්පතිවරයා දියඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පිච්චමල් වට්ටියක් ලබාදී ඒ මහතා පිළිගන්නා ලදි. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුංමගල මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර වරකාගොඩ ඤාණරතන…

Read More

කැළණිය තොරණ හංදිය ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30, 37, 43 ,53 යන වයස්වල පසුවන්නන් බවත් ඔවුන් කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි. සැකකරුවන් සන්තකයේ තිබී කඩුවක් හා මන්න පිහියක් ද සොයා සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි. ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අතර මීට පෙර ද ඇතිවූ ආරවුලක් මත පොලිසියට පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසයි. පෑලියගොඩ මූලස්ථාන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

COP28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා (Emmanuel Macron) අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (02) පැවැත්විණි. දෙරට අතර සමීප සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ හරිත ආර්ථික පරිවර්තනය පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි. ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) සමග ප්‍රංශයේ සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි ද නායක දෙපළ සාකච්ඡා කළහ. දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා දැනුවත් කළ අතර එම කටයුතු සමඟ එක්වන ලෙසද ප්‍රංශ ජනාධිපතිවරයා වෙත ආරාධනා කළේය.

Read More

දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනින් පසු මෙම දෙසැම්බරයේ දී ලංකාවට ඩොලර් මිලියන 780 ක මුදලක් ලැබීමට නියමිතව පවතී. දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට මේ වන විට ණය හිමියන් එකඟතාවය පළ කර ඇතැයි ඉකුත්දා නිවේදනය කෙරිණි. මේ වන විට විදෙස් ණය හිමියන් මෙන්ම පෞද්ගලික ණය හිමියන්ද ලංකාවට ණය සහන කාලයක් ලබා දීමට එකඟ වී ඇති අතර ණය සහ පොලිය ගෙවීමේ කාලය දිගු කිරීමටත් ණය පොලිය යම් පමණකින් කපා දැමීමටත් තීන්දු කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට පිරිනමන දෙවෙනි වාරිකය වන ඩොලර් මිලියන 330 ක මුදල ලබන සති දෙක ඇතුලත නිදහස්…

Read More

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නව නායකත්වය සදහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන එම් ඒ සුමන්තිරන් හා සිවඥානම් ශ්‍රිධරන් යන මහත්වරු නාමයෝජනා බාර දී ඇත. ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික සමුලුව ලබන වසරේ ජනවාරි මාසයේදි පැවැත්වීමට නියමිත අතර එහි පක්ෂයේ නව නායකත්වය නිවේදනය කරන බව එම පක්ෂයේ වත්මන් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මවෙයි සේනාධිරාජා මහතා පැවසීය. 2024 ජනවාරි මාසයේ 20 වනදා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී පක්ෂයේ නව නායකයා තීරණය කිරීමටත් නව නායකත්වය සදහා එකකට වැඩි නාමයෝජනා ලැබී තිබුණහොත් ඊට පසුවදා පොදු කාරක සභාව රැස්වී නව නායකත්වය තීරණය කරනු ලබන බවත් ජනවාරි 28 වැනි දා නව නායකයා…

Read More

පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවත් ඊට නායකත්වය ගැනීමට සූදානම්ද නැද්ද යන තීරණාත්මක එකඟතාවට මෙවර COP28 සමුළුවේ දී එළැඹිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. මෙය කිසිසේත් කල් මරමින් සිටිය නොහැකි අතර සතුරා සිටින්නේ දොරටුව අභියස බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණ විපර්යාස සමුළුව හෙවත් COP 28 ප්‍රධාන සමුළුව රටවල් 54ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඩුබායිහි එක්ස්පෝ සිටිහිදී ආරම්භ කෙරුණු අතර සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය. පස්වැනි ආසියා පැසිෆික් කලාපීය පරිසර බලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සංසදයේදී එකඟ වූ පරිදි, දේශගුණික යුක්ති සංසදය පිහිටුවීම…

Read More

කලට වේලාවට විදුලි බිල් නොගෙවීමේ හේතුව මත මේ වසරේ මේ දක්වා දිවයින පුරා පවුල් ලක්ෂ අටකට ආසන්න පිරිසකගේ විදුලිය සැපයුම විසන්ධි කර ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ. මෙයට අමතරව විදුලිය බිල කලට වේලාවට නොගෙවීමේ හේතුව මත රටපුරා තවත් පවුල්( නිවාස)ලක්ෂ 12කට පමණ රතුබිල් යවා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය. විදුලිය ගාස්තු මේ වසරේ අවස්ථා දෙකකදී ඉහළ යෑමත් සමග බොහෝ අයගේ විදුලි බිල කිහිප ගුණයකින් ඉහළ ගියේය. බොහෝ පිරිස්වලට සිය ආර්ථික තත්වය අනුව විදුලි බිල් ගෙවීමට නොහැකිව ඇත්තේ මේ නිසා බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. විදුලි බිල් ගෙවීමට නොහැකිවූ පිරිසේ වැඩි දෙනෙක් මධ්‍යම පංතිකයෝ වෙති. සමහරුන් විදුලි බිල…

Read More

කලාවැව ජාතික වනෝද්‍යානය නිජබිම කරගත් මේ දිනවල ජාතික නාමල් උයන ආශ්‍රිතව සැරිසරණ තනි දල ඇතා ඉකුත් දිනවලදී වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මේ වනවිට තුවාල ලබා සිටී. මින් දින කිහිපයකට ඉහතදී මෙම ඇතා මෙම වෙඩි පහරවල්වලට ලක්ව ඇතැයි වනජීවී නිලධාරීන් පවසයි. ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් එම ඇතා සම්බන්ධයෙන් කර තිබූ දැනුම් දීමක් අනුව වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුළ එම ඒකකයේ නිලධාරීහු පිරිසක් තනිදළයාට ප්‍රතිකාර කිරීමට කටයුතු කරනු ලැබූහ. ඇතාට එල්ලව ඇති වෙඩි පහරවල් රැසක් එම ඇතාගේ ශරීරය පුරා දක්නට ලැබේ. ඇතාගේ ඉදිරි වම් පාදයේ පහල කොටසේ ද වෙඩි සලකුණු කිහිපයක් දක්නට ලැබේන අතර ඒවා…

Read More

තම දියණියට වසර 02ක පමණ කාලයක් ලිංගික අතවර සිදු කළ බව කියන යුද හමුදා කම්කරුවෙකු කොබෙයිගනේ පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ, විතිකුලිය, වන්නිගම පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි. සැකකරු වව්නියාව, පම්පෙමඩුව 17 වන පාබල හමුදා කඳවුරේ කම්කරුවෙකු ලෙස සේවය කරන අයෙකු බවට අනාවරණය වී ඇත. වයස 12ක් වන දියණියට සැකකරු විසින් වසර 02ක පමණ කාලයක සිට ලිංගික අතවර සිදු කරන බවට කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියට තොරතුරක් ලැබී තිබිණි. එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ළමා ආරක්ෂණ අධිකාරිය විසින් කොබෙයිගනේ පොලීසියට දැනුම් දී ඇති අතර, ඒ අනුව සිදු කළ විමර්ශන හරහා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.…

Read More