Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වර්තමානයේ ඔටිසම් සහිත දරුවන් වාර්තා වීම් දෛනිකව ඉහළ යාමක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ 2009 වසරේ දී මෙරට සිදුකළ සමීක්ෂණයක දී දරුවන් 93 දෙනෙකුගෙන් එක් අයෙකු ඔටිසම් සහිත දරුවෙකු බවට හඳුනාගෙන ඇති බවය. ඔටිසම් දැනුවත් කිරීමේ දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය මෙම අදහස් පල කළාය. “ලංකාවේ ළමුන් 93කගෙන් එක්කෙනෙකුට මෙම තත්ත්වය තිබුණා 2009 කරපු සමීක්ෂණයක්. ඊට පස්සේ ඒක ක්‍රමාණුකූලව කරලා නෑ. දැන් ආයම පටන් අරගෙන යනවා. අපිට වෙනස් ප්‍රතිඵලයක් ලැබෙයි. මොකද ලෝකයේම වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙන. අපට දැනෙනවා ලංකාවෙත් දිනෙන්…
සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත. එම ස්ථානයේ තිබි රුපියල් මිලියන 28ක පමණ වෙළඳපොළ වටිනාකමින් යුත් ව්‍යාජ ලෙස සකස් කරන ලද හිස කෙස් වර්ණක තොගයක් එම නිලධාරීන් සිය භාරයට ගෙන ඇත. වෙළඳපොළට විකිණීමට යොමු කර තිබෙන ප්‍රසිද්ධ සන්නාම සහිත කල් ඉකුත් වූ හිස කෙස් වර්ණක හා පලුදු වූ හිසකෙස් වර්ණක පැකට් සිමෙන්ති කුඩු සමඟ යන්ත්‍රයකින් කලවම්කර ප්‍රසිද්ධ සන්නාම සහිත ඇසුරුම් උපයෝගී කරගෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද හිස කෙස් වර්ණක වෙළඳපොළට නිකුත් කිරීමට එම ජාවාරම්කරුවන් කටයුතු කර ඇති බව එම නිලධාරීන් කරන විමර්ශනවලදී අනාවරණය වී ඇත.…
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අදහස් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹ දී පැවසීය. මෙයට අමතරව ඉන්දීය අගමැතිවරයා සහ මෙරට ජනාධිපති සමඟ ද්විපාර්ශවික සාකච්ඡා ඇතුලු වැඩසටහන් රැසක් මෙම සංචාරය අතරතුර සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේද කීවේය. “ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හෙට(04) වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි. 05 වැනිදා සහ 06…
සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී අද (3) පස්වරු 1.00 ට පැවැත්වේ. “දුරදකිමු පෙළගැසෙමු අනාගතය ගොඩනගමු” යන තේමාවෙන් මෙවර පක්ෂ සංවත්සරය පැවැත්වීමට නියමිතය. සමගි තරුණ බලවේගය, සමගි වනිතා බලවේගය, ඇතුලු පක්ෂයේ ශාඛා සමිති සහ සියලුම වෘත්තීය සමිති සහභාගීත්වයෙන් මෙවර පක්ෂ සංවත්සරය පැවැත්වේ.
ඇප කොන්දේසි කඩකර ඇති බව පැමිණිල්ල ඉදිරිපත්කළ කරුණුවලින් තහවුරු වුවත් සමාජගතවීමට තවත් එක් අවස්ථාවක් ලබා දෙන බවත් නැවත වතාවක් අසභ්‍ය සහ අශෝභන වචන භාවිත කළහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බවත් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට දැඩිව අවවාද කළාය. මාස දෙකක අධීක්ෂණ කාලයක් රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට ලබාදෙන බව මහේස්ත්‍රාත් ලංකාපුර මෙනවිය පැවැසුවාය. ඒ කාලය තුළදී අසභ්‍ය සහ අශෝභන වචන භාවිත කරනවාද යන වග සඳහන් කරමින් වැඩිදුර වාර්තාවක් අධිකරණයේ ගොනුකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනමේදී අක්‍රමිකතාවයක් සිදුව ඇද්ද යන්න සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබේ. ඒ අනුව 2008 වසරේ සිට 2024 වසර දක්වා කාලයේ ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමට අදාළව හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22දෙනකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ජනාධිපති අරමුදලින් මෙම මුදල් ලබා ගැනීමට අදාළව පවත්වාගෙන ගිය ගොනු 22 ක් විමර්ශන නිලධාරින් භාරයට ගෙන තිබේ. එම ගොනු වලට අදාළව හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22දෙනා විසින් විවිධ මුදල් ප්‍රමාණයන් වශයෙන් රුපියල් කෝටි 10…
දකුණ, නැගෙනහිර, සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර ,සබගරමුව, දකුණ, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු – මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. බසරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් පවතී.
කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ ගෝලයෙකු 9. එම් එම් වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක් මැගසිනයක් සහ ජීව උණ්ඩ 3 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රාදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය. උප පොලිස් පරීක්ෂක උපුල් හර්ෂ මහතාට ලද තොරතුරක් මත කළුතර නාගොඩ ප්‍රදේශයේදී වැටලීම කර බෑගයක දමාගෙන සිටී ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන තිබේ. සැකකරු මනුෂ්‍ය ඝාතනයක් සම්බධ නඩුවකට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට ඇප ලැබා සිටි අයකු බවත්, ගිනි අවිය කිසියම් අපරධයක් සදහා යොදාගෙන ඇද්ද යන්න සම්න්බන්ධයෙන් විමර්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය.
බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිර මැදිරිවල , ඉන්පිටත සහ බන්ධනාගාර රෝහලේ කළ හදසි සෝදිසියකදී හෙරොයින් , ජංගම දුරකතන සහ ඒවායේ උපාංග රැසක් සොයා ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. විශේෂ කාර්ය බලකාය නිලධාරින් විසින් ඊයේ රාත්‍රියේදී මෙම සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ. දුරකතන අතර ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන අටක් චාජර් හයක්, සිම් කාඩ්පත් පහක්,ඩේටා කේබල් නවයක්,ඇතුලු උපාංග රැසක් අත් අඩංගුවට ගෙන ඇත. මෙවා ඉදිරිකටයුතු සඳහා බන්ධනාගාර අධිකාරිවරයාට බාරදි ඇතැයි කියයි.
සිංහල අළුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් ලබන 11 දා සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ලබන 11, 12, හා 13 යන දිනවල කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, ගාල්ල, බෙලිඅත්ත, මහනුවර, අනුරාධපුර දක්වා මෙම විශේෂ දුම්රිය සේවා ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.
