Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අම්පාර කාර්තිව් ප්‍රදේශයේ දී සිදුවූ ට්‍රැක්ටර් රථ අනතුරින් දියේ ගිලී අතුරුදන් වු බවට වාර්තා වු ට්‍රැක්ටර් රථයේ රිය සහායක කාර්තිව් පොලිස් ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ. අද (28) පෙරවරුවේ පොලිස් ස්ථානයට ඉදිරිපත් වු ඔහු ගංවතුර තත්ත්වය අතරතුර ආරක්ෂක අංශ උපදෙස් නොතකමින් අනතුරුදායක ලෙස ට්‍රැක්ටර් රථයෙන් මුදලට පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බව කාර්තිව් පොලීසිය සඳහන් කළේය. මේ අතර, ට්‍රැක්ටර් රථයක් පෙරළි යාමෙන් අතුරුදන් වු පාසල් සිසුන් සිව්දෙනෙකු, ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබේ. එහෙත් සිසුන් දෙදෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය. මේ අතර අයහපත් කාලගුණ තත්වය අතරතුර…
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මෙම සුළි කුණාටුව දිවයිනෙ නැගෙනහිට වෙරළට ආසන්නව උතුරු සහ වයඹ දෙසට ඉතා සෙවමින් ගමන් කර අද දින එය සුළි කුණාටුවක් දක්වා තවත් වර්ධනය වීමට ඉඩ ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතින අතර උතුරු පළාතෙත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් ඉතා තද වැසි සහ තළ සුළං බලාපොරොත්තු වේ. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 තද වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට වරින් වර වැසි ඇති වේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ. ඊජිප්තුවේ තානාපති අදිල් ඊබ්‍රිහිම්, ඉරානයේ තානාපති, ආචාර්ය අලිරිෂා ඩෙල්කොෂ්, ජපානයේ තානාපති ඉසමොටා අකිරො සහ වතිකානුවේ තානාපති වන අතිඋතුම් රදගුරු මොන්සිග්නොර් බ්‍රයන් උඩයිග්වේ යන විදෙස් තානාපතිවරු මෙලස අගමැතිවරිය හමුවී සාකච්ඡා කළහ. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු තානාපති කාර්යාලවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවය. ඒ අනුව නොවැම්බර් මස 30, දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් මස 3 වන දින යන්හිදී ද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණි. මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින්…
සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති ඇතැයි ආපදා අංශ කියයි. ඊට අමතරව නන්දිකඩාල් කලපු මාර්ගද වර්ෂාව හේතුවෙන් ඇති වූ ජලගැලීම්වලින් වැසීයාම හේතුවෙන් ගමනාගමන කටයුතු දැඩි සෙයින් අඩාල වී ඇත. වට්ටුවාක්කල් පාලම හරහා මුලතිව් සිට පුදුකුඩිඉරිප්පු දක්වා ඇති මාර්ගය මෙලෙස ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා ඇති අතර මාර්ගය සම්පූරණයෙන්ම ජලයෙන් වැසී ඇත. පවතින අයහපත් කලගුණික තත්වය හේතුවෙන් මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 1495 කට අයත් 4644 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදාකලමනකරන ඒ්කකය දැනුම් දෙයි. ඒමෙනම විපතට පත්ව ඇති මුලතිව්හි පවුල් 218 කට අයත් පුද්ගලයින් 680…
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) අලුයම 02.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණි. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරමින් අද දින සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකිය. දිවයිනේ උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. ඇතැම් ස්ථානවලට මි. මී.150ට වැඩි ඉතා තද වැසි…
කොස්වත්ත, මාවතගම කර්මාන්තපුරයේ ජලය පිරී තිබූ කාණුවකට වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි මඩුමුල්ල, උඩපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවුඩයක් මත කොස්වත්ත පොලීසිය විමර්ශනය කර මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට භාරදී ඇත. කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය. එම පමාවට හේතු හඳුනාගෙන ඊට පිළියම් යොදමින් සිටින බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා වගා කර ඇති හැම ගොවියකුටම අනිවාර්යයෙන් පොහොර සහනාධාරය ලබා දෙන බව සඳහන් කළේය. බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යයේ ඊයේ (27 )පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය. මෙවර හෙක්ටයාර අට ලක්ෂ පනස්දහසක් දක්වා වගා කර තිබෙන අතර එම සියලුම ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25000 බැගින් පොහොර සහනාධාරය ලබා ලබා දෙන බවද කරුණාරත්න මහතා කීය.ඒ සඳහා රුපියල් මිලියන 20000කට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇතැයි නාමල් කරුණාරත්න මහතා…
ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. ජනවරම පැත්තකට විසි කර අයි එම් එෆ් කියන පදයට නටන රජයේ වැඩපිළිවෙල හේතුවෙන් රටටත් ජනතාවටත් ගොඩඒමක් නොමැති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය. ජනතාව දිනා ගැනීමට කියූ දේවල් අමතක වී වත්මන් රජය නිර්වින්දනය වී ඇති බවත් කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය. ආචාර්ය හර්ෂ ද සිල්වාත් සමගි ජන බලවේගයත් කියන්නේ අයි එම් එෆ් රාමුව තුළ වැඩකරනවා සේම ජනතාවට පොරොන්දු වූ සහන ලබා දිය යුතු බවත් ප්‍රේමදාස මහතා කීවේය. 6%…
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටලීමක් සිදු කොට අත් අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සඳහන් කරයි. එම අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනයේ දී කුරක්කන් කිලෝ ග්‍රෑම් 30 බැගින් වූ ඇසුරුම් 740 ක, නිෂ්පාදිත වර්ෂය 2024 ලෙස හා එය මාස 12 ක් ඇතුළත භාවිතා කල යුතු බවට ඉන්දියානු නිෂ්පාදකයා විසින් සඳහන් කොට තිබුණද , ශ්‍රී ලාංකික ආනයනකරු විසින් ඇසුරුම් කළ වර්ෂය හා මාසය, 2024 අගෝස්තු සහ කල් ඉකුත්වන වර්ෂය හ මාසය, මාස 24 ක් ඉදිරියට යොදමින්, 2026 ජූලි ලෙස…
