Author: LANKA24X7

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. බස්නාහිර,දකුණ සහ වයඹ පළාත්පලත වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු – මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 වැඩි වැසි ඇති විය හැකියි

Read More

සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකු පිටතට ගෙන නිල කාමරය වෙත රැගෙන ගොස් එම පුද්ගලයා සහ කොස්තාපල්වරයකු සමඟ මත්පැන් සාදයක් පැවැත්වූ අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනම් කළ බව කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරයි. මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ කොස්තාපල්වරයෙකුගේය. හෑෂ් මත්ද්‍රව්‍යය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඉකුත් 02 වෙනිදින අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකු ප්‍රශ්න කිරීමට යැයි පවසා වැඩ අපරාධ අංශයේ ස්ථානාධි ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා විසින් සැකකරුව නිල කාමරය වෙත රැගෙන ගොස් තිබූූ බව පොලිස්…

Read More

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කෙරුණු නාමයෝජනා, ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ නියෝගය හෙට (4) ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නේය. ඒ අනුව උප්පැන්න සහතිකවල සහතික පිටපත් ඉදිරිපත් කිරීම, විධිමත් ලෙස දිවුරුම ඉදිරිපත් නොකිරීම සහ උප්පැන්න සහතිකවල ඡායා පිටපත් පමණක් ඉදිරිපත් කිරීම යන කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනාවලට අදාළව ගොනුකරන ලද පෙත්සම් පිළිබඳ තීන්දුව ද හෙට ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. ඊට අමතරව නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණය හමුවේ විමසීමට භාජනය වී තිබෙන පෙත්සම්වලට අදාළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන්, හෙට තෙක් මැතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය අද (3) අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියම…

Read More

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට ගත් තීරණය වෙළෙඳ ගැටළුවක් පමණක් නොව යම්කිසි ආකාරයක අනතුරු ඇඟවීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ, ගෝලීයකරණය පිළිබඳ තිබූ අවිශ්වාසය අවසන් කළ යුතු බවය. එමෙන්ම ආසියාව කේන්ද්‍ර කරගත් වෙළෙඳ උපායමාර්ගයන් ගොඩනැගීමට කාලය එළැඹ ඇති බවද විපක්ෂ නායකවරයා එහි සඳහන් කර ඇත.

Read More

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මුදලට කාන්තාවන් අලෙවි කිරීමේ මධ්‍යස්ථාන හතරක් වටලා කාන්තාවන් 16 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. මේ අතර එම ස්ථාන හතරෙහි කළමනාකරුවන් ද සිටින බව පොලිසිය කියයි. කොට්ටාව පොලිසියට ලද තොරතුරක් අනුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකින් කොට්ටාව , මහල්වරාව , මාලඹේ පාර , රුක්මලේ පාර ප්‍රදේශවල පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන හතරක් මෙසේ වටලා තිබුණි. එහිදී මුදලට අලෙවි වීම සඳහා රැඳී සිටි කාන්තාවන් දහසය දෙනකු අත් අඩංගුවට ගත් අතර ඔවුන් ගාල්ල, මාතර ,බෙලිඅත්ත ,වලස්මුල්ල, අනුරාධපුර, රත්නපුර ,ඇඹිලිපිටිය ,කෑගල්ල ගම්පහ ,කළුතර ඇතුළු ප්‍රදේශ රැසක වයස අවුරුදු 18 – 46 අතර වයසේ පසුවන පිරිසක් බව පොලීසිය…

Read More

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් සිදුව ඇති මරණ ගණන අද (03) 3,000 සීමාව ඉක්මවා ගියේය. මියන්මාරයේ මැන්ඩලේ නගරාසන්නයට රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් බලපෑවේ පසුගිය සිකුරාදා දිනයේදී ය. එම භූ කම්පනයෙන් සිදුවූ මරණ ගණන 3000 සීමාව අද ඉක්මවා ගියේය. දින කිහිපයක් ඉක්මගොස් ඇතත් අතර සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීමේ මෙහෙයුම් තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ චීන, ඉන්දීය ඇතුළු විදෙස් මුදාගැනීමේ කණ්ඩායම්වලද සහාය ඇතිවය. මේ අතර එරට සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියාත්මක ප්‍රහාර මේ මස 22වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට මියන්මාර හමුදා ජුන්ටාවට තීරණය කර තිබේ.

Read More

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (03) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. 2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට පසුගිය 19 වනදා මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවුණි. ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මාතර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

Read More

කළුතර ගමගොඩ පාර, රජවත්ත ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර කුඩා දරුවෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු කළුතර අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ ප්‍රහාරයෙන් කාන්තාවකට ද බරපතළ තුවාල සිදුව තිබුණි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩංගොඩ අක්කර 33 ප්‍රදේශයේ සහ සහ කළුතර කෝන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 සහ 25 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි. සැකකරුවන් 29 වන දා රාත්‍රියේ බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබුණු අතර, බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඔවුන් පෙට්‍රල් මිලදී ගැනීම සඳහා කරදර ප්‍රදේශයේ ඉන්ධන හලකට යන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි. සැකකරුවන් ඉකුත් 29 රාත්‍රියේ කළුතර ගමගොඩ ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකර තිබූ…

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරය හෙට (04) ආරම්භ වීමට නියමිතය. මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කළ නිවේදනයේ සඳහන් වන්නේ මෝදි මහතා හෙට සිට අප්‍රේල් 06 වනදා දක්වා දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිත බවය. සිය රාජ්‍ය සංචාරය පිළිබඳ X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන්කර ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සාර්ථක ඉන්දීය සංචාරයෙන් පසුව මෙම සංචාරය සිදුවන අතර එහිදී බහුවිධ ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්වය සමාලෝචනය කර සහයෝගීතාවයේ නව මාර්ග සාකච්ඡා කිරීමට නියමිත බවය. එමෙන්ම සිය සංචාරය තුළ හමුවීම් කිහිපයකට සහභාගී වීමටද නියමිත බවද එම X සටහනේ සඳහන් වේ. ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය සංචාරය…

Read More

අම්බලන්තොට – ඇලේගොඩ බටහිර ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි මස 02 වනදා සිදුකළ ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලකදී පුද්ගලයින් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔවුන් තිදෙනාම මිය ගොස් තිබේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය සිදුකළ විමර්ශන වලදී සැකකරුවෙකු ඊයේ (02) සවස බියගම පොලිස් වසමේදී අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 ක් වන මාමාඩල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More