Author: LANKA24X7

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, එහි ගුරුවරයෙකු සහ අදාළ ට්‍රැක්ටර් රථයේ සහායකයින් දෙදෙනා පොලීසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව ඔවුන් ඊයේ පස්වරුවේ සමන්තුරෙයි වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයා ලබන මස 2වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර ඇත. ට්‍රැක්ටර් රථයේ සහායකයින් දෙදෙනා ඇප මත මුදාහැර ඇති බව සඳහන් ය. පසුගිය 26 වනදා පස්වරුවේ සිසුන් 11 දෙනෙකු ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි ට්‍රැක්ටර් රථය සැඩ පහරට…

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 120,534කට අයත් පුද්ගලයින් හාරලක්ෂ 1,707 දෙදෙනෙකු බලපෑමට ලක්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර 18 දෙනෙකු තුවාල ලබා තිබේ. නිවාස 102ක් පුර්ණ හානියට ලක්වී ඇති අතර අර්ධ හානි වී ඇති නිවාස ගණන 1,952කි. පවතින තත්ත්වය හේතුවෙන් පවුල් 28,324කට අයත් පුද්ගලයින් 94,134 දෙනෙකු ඥාති නිවාසවල සිටින අතර ආරක්ෂිත ස්ථාන 345ක පවුල් 11,663කට අයත් පුද්ගලයින් 36,303 දෙනෙකු රැඳීසිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමකට ලක්වී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයට වන අතර පවුල් 43,631කට අයත් පුද්ගලයින් 149,491…

Read More

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘යුනිසෙෆ්’ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූවාය. දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා ආරක්ෂාව, මන්දපෝෂණය සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිලිබඳ යළි මෙහිදී සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසීය. ‘යුනිසෙෆ්’ දකුණු ආසියාවේ කලාපීය අධ්‍යක්ෂ සංජේ විජේසේකර, ‘යුනිසෙෆ්’ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියාන් ස්කූග්, කලාපීය මෙහෙයුම් ප්‍රධානී යූකෝ කුසමිචී, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් (සංවර්ධන) මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්ෂ දිලිනි ගුණසේකර යන මහත්ම මහත්මීහූ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Read More

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ නොහැකි බවත් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඊයේ (28) පැවසීය. සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඊයේ එසේ පැවසීය. දේශපාලනය, පක්ෂ බේද, මෙතෙක් සිදුවූ අඩුපාඩු අමතක කර වැඩ ආරම්භ කර මානව දයාව පිරි සමාජයක් ගොඩනැගීම වර්තමාන ආණ්ඩුවේ අරමුණ බවත් එම අරමුණ වෙනුවෙන් වංචාවෙන් සහ දූෂණයෙන් තොර රටක් බිහි කළ යුතු බවත් අමාත්‍යවරයා කීය. ආයතන තුළ සිදුවෙන වංචා, දූෂණ කෙළින්ම ඇවිත් පැමිණිළි කිරීමට…

Read More

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් ඊයේ (28) එල්ල කර ඇත. කියෙව් නගරයේ ස්ථාන කීපයකටද රුසියානු හමුදාව මිසයිල එල්ල කළ බවත් එම මිසයිල ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් සාර්ථකව විනාශ කරනු ලැබූ බවත් කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ෂ්කෝ ප්‍රකාශ කළේය. ඉන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවත් කෙසේ නමුත් දේපළ හානි වාර්තා වන බවත් නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය. රුසියානු හමුදා ප්‍රහාර මාලාව ආරම්භ කිරීමත් සමග යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාර කීපයක් ක්‍රියා විරහිත කිරීමටද බලධාරීන් කටයුතු කළ බවත් ප්‍රහාර හේතුවෙන් යුක්රේනුවන් මිලියනයකට විදුලිය විසන්ධි වූ බවත් නගරාධිපති ක්ලිට්ෂ්කෝ පැවැසුවේය.

Read More

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිංචි සිසුන්ට නිවාඩු ලබා දී සිසුන් අනාරක්ෂිතව ට්‍රැක්ටරයක් දමා නිවෙස්වලට යැවිම පිළිබදව එම අරාබි විදුහලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයකු සමග තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම සිසුන් නිවසට යැවිමට විදුහල්පතිවරයා ඇතුලු ආචාර්ය මඩුල්ල තිරණය කර ඔවුන් විදුහලෙන් ඉකුත් 26 වෙනි දින පිටත් කර ඇත. කාර්තිව් හන්දිය දක්වා පැමිණි මෙම සිසුන් සමන්තුරේ බලා යෑමට වාහනයක් නොතිබු නිසා මාවඩිපල්ලි මාර්ගයේ ගමන් කරමින් තිබු ටැක්ටරයක නැගි සමන්තුරේ දක්වා යෑමට පිටත්ව ගොස් තිබේ. එම යන අතරතුරදි ටැක්ටරය පාරෙන් ඉවතට පැන පෙරලිම…

Read More

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (28) පැවැත්විණි. “නිරෝගීමත් දේශයක් සඳහා නිරෝගීමත් ශ්‍රම බලකායක්” යන තේමාව යටතේ රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම බෝ නොවන රෝග පෙර හදුනා ගැනීමේ සෞඛ්‍ය වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධානශාලාවේදී මෙම වැඩසටහන ඊයේ (28) දවස පුරා පැවැත්විණ. වකුගඩු රුධිර පරීක්ෂාව, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, ⁣කොලෙස්ටරෝල් පරීක්ෂාව, දන්ත පරික්ෂාව, ගැබ්ගෙල පිළිකා පරික්ෂාව ඇතුළු බටහිර සහ දේශීය වෛද්‍ය පරික්ෂණ රැසක් මෙහිදී කරගැනීමට අවස්ථාව සලසා දී තිබිණ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම්වරුන් වන හර්ෂ විජේවර්ධන, මහින්ද ගුණරත්න යන මහත්වරුන්…

Read More

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. මේ අතර දැනට අමාත්‍යාංශ සතුව ඇති සුඛෝපභෝගී වාහන 150ක් විකිණීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරගෙන යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. මන්ත්‍රීවරුන්ට වී 8 සහ මොන්ටෙරෝ වැනි සුඛෝපභෝගී වාහන ලබා නොදීමට ද රජය තීරණය කර ඇත. එසේම මැති ඇමැතිවරුන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් කරුණු සමාලෝචනයක් කර තීරණයක් ගන්නා බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මන්ත්‍රීවරුන්ට ගිනි අවි සහ ගිනි අවි පුහුණුව ලබාදීම මහජන නියෝජිතයන්ට නිවාස ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත. මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති…

Read More

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මූඩීස් (Moody’s)විසින් ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ශ්‍රේණිගත කිරීම් දර්ශකය ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුගතකරණය සම්පූර්ණ කිරීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව මූඩිස් සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව පසුගිය අගහරුවාදා දිනයේ දී කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා හෙළි කළේ ය. කැබිනට් මාධ්‍ය හමුවේ දී මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස පහත පරිදි වේ. “ද්විපාර්ශ්වීය ණය දෙන්නන් සම්බන්ධයෙන් ඒ ණය දීමේ කමිටුව සමග කළ සාකච්ඡා යම් එකඟතාවයකට පැමිණ තිබුණා ජුනි මාසය වෙනකොට. කෙසේ නමුත් ස්වෛරී…

Read More

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබේ. අප වාර්තාකරු පැවසුවේ ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා මරණයට පත්වී ඇති බවය. දළ දෙකේ විශාලත්වය සහ වයසින් වැඩිම හස්තියා වීම මෙම සත්ත්වයාගේ විශේෂත්වය වෙයි. ඒ නිසා දීඝදන්තු වෙත දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් හිමි විය.

Read More