Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කුලී ගමන් යන මුවාවෙන් කුලී රථවල රන් භාණ්ඩ පැළඳ සිටින රියදුරන්ගේ රන් භාණ්ඩ සූක්ෂම ලෙස කොල්ලකෑ සැකකරුවන් සිව් දෙනෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරුවන් ත්‍රිරෝද රථයට ගොඩවී මත්කුඩු වර්ගයක් රියදුරුට පානය කිරීමට දී මෙම කොල්ලය සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කරයි. රුපියල් ලක්ෂ පනස් පහකට ආසන්න වටිනාකමකින් යුත් මුදල් සහ රන් භාණ්ඩ සැකකරුවන් කොල්ලකා ඇතැයිද ඉන් රුපියල් ලක්ෂ 41ක් වටින රණ් භාණ්ඩ තොගයක් හෙට්ටි වීදිය රන් භාන්ඩ අලෙවි සැලකින් සොයා ගැනීමටද පොලීසිය සමත්ව ඇත. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ සැකකරුවන් පොලිස් වසම් 15ක පමණ මෙම සොරකම්වල නිතරව ඇති බවය. අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස…
යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව පැවසෙන ශ්‍රී ලාංකිකයෙකු කැනඩාවේ දී අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රසන්න නල්ලලිංගම් හෙවත් අජන්තන් සුබ්‍රමනියම් නමින් හඳුන්වන 32 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කැනේඩියානු මාධ්‍ය වාර්තා කර තිබේ. 2022 වර්ෂයේ ප්‍රංශයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන මොහු ශ්‍රී ලංකාවේ ද ඝාතන කිහිපයකට සම්බන්ධ බව සඳහන්ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේ දී ගනු ලැබූ තීරණවලට සහ ලබාදුන් උපදෙස් පරිදි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසක් ඊයේ (08) පෙරවරුවේ දී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ වී සහ සහල් නිෂ්පාදන කරන ව්‍යාපාරික ස්ථාන නිරීක්ෂණය කළහ. 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ බලතල ප්‍රකාරව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත නියෝග අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගබඩා සහ සහල් මෝල් පරීක්ෂා කොට ඔවුන් සතුව පවතින වී තොග සම්බන්ධව සහ දිනපතා වෙෙළඳපොළට නිකුත් කරනු ලබන සහල් ප්‍රමාණයන් පිළිබඳ තොරතුරු ලබාගැනීම මෙහි දී සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරී…
ලංකා සතොස හරහා පාරිභෝගික ජනතාවට පොල් අලෙවි කිරීම සඳහා සතියකට පොල් ගෙඩි ලක්ෂ හයත් හතත් අතර ප්‍රමාණයක් බෙදා හරින බව සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා මාධ්‍යට පවසා ඇත.කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට බෙදා හැරීම සඳහා රජයේ වතු හතරට අයත් ශාඛා සමිතිවලින් පොල් ගෙඩියක් රුපියල් 110 බැගින් මිලට ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය. පොල් වතු හිමියන් සහ ඔවුන්ගේ ශාඛා සමිතිවලින් මෙලෙස පොල් එකතු කරගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.
නිසි මිල පාලනයකින් යුතුව සහල් අලෙවි කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සහල් අලෙවි කරන වෙළෙදුන් වෙත අද උපදෙස් දී ඇත.ඒ අද ඔවුන් සමග පැවැති සාකච්ඡාවකදීය.ඒ අනුව සහල් අලෙවි කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මිල ගණන් ඉදිරිපත් කර තිබේ. නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225යි. සිල්ලර මිල රුපියල් 230යි. සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215යි . සිල්ලර මිල 220යි. ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220 යි. සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි. සිල්ලර මිල රුපියල් 240යි. කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි. සිල්ලර මිල රුපියල් 260යි. මෙම මිල ගණන් යටතේ සහල් අලෙවිය…
සුරාබදු ආදායම වැඩි කරගැනීම ඇතුළු කරුණු කීපයක් පදනම් කරගෙන මෙරට මත්පැන් නිෂ්පාදකයින් සඳහා ලීටරයේ ප්‍රමාණයෙන් (මිලිලීටර් 1000) මත්පැන් බෝතල් නිෂ්පාදනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී තිබේ. මීට පෙර මිලිලීටර් 180, මිලිලීටර් 375, මිලිලීටර් 750 ආදී වශයෙන් මත්පැන් නිෂ්පාදනය කිරීමට මෙරට නිෂ්පාදකයින්ට අනුමැතිය ලැබී තිබූ අතර, තම චක්‍රලේඛ අනුමැතියට අනුව මිලිලීටර් 250, මිලිලීටර් 500, මිලිලීටර් 700 සහ මිලිලීටර් 1000 ලෙස මත්පැන් වීදුරු බෝතල්වල ඇසුරුම් කිරීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිව තිබේ. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කාර්මික තාක්ෂණ ආයතනය, පාරිභෝගික අධිකාරිය, මත්පැන් නිෂ්පාදකයින් ඇතුළු ආයතන කීපයක සහ 12 දෙනකුගෙන් යුත් කමිටුවක් විසින් මේවා නිෂ්පාදනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ. මත්පැන් නිෂ්පාදකයින් විසින් දිගින් දිගටම සිදුකරන…
පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කරනු ලබන සියලු පක්‍ෂ සහ මන්ත්‍රීවරුන් පූර්ණ එකඟතාවයකින් යුතුව ඉදිරි කටයුතු කරගෙන යෑමට සාකච්ඡා පවත්වා ඇත. ඒ අනුව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සහ විපක්‍ෂ නායක ලේකම්වරයා විසින් අදාළ සාකච්ඡා පැවැත්වීම ආරම්භ කර තිබිණි. ඉන් අනතුරුව විපක්‍ෂ මන්ත්‍රීවරුන්, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ද සාකච්ඡා පැවැත්වූ බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය. ඉදිරියේදී පාර්ලිමේන්තු කාරක සභාවන්හි විපක්‍ෂ සහභාගිත්වය වැඩිකර ගැනීම සම්බන්ධයෙන් ද විපක්‍ෂය කථානායක අශෝක රංවල මහතා සමග ද සාකච්ඡා පවත්වා ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉකුත් වසර දහතුනක කාලයේ දී (2011 වසරේ සිට 2023) ආපදා අවම කිරීමේ ව්‍යාපෘති සඳහා රුපියල් තුන්සිය විසිහතර කෝටි හැත්තෑ හත්ලක්ෂ හැට එක්දහස් පන්සිය පනස් නමයක (3,247,761,559) වියදමක් දරා ඇතත් එකී ව්‍යාපෘතිවලින් ලබා ගෙන ඇත්තේ ඉතා අල්ප ප්‍රතිඵලයක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි. ගංවතුර, නායයෑම්, දැඩි සුළං තත්ත්ව හේතුවෙන් ඉකුත් වසර දෙකේ දී (2022, 2023) පුද්ගලයෝ දෙලක්ෂ තිස්පන්දහස් තුන්සිය විසිනවදෙනෙක් (235,389) පීඩාවට ලක්වූහ. ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිවලින් අපේක්ෂිත ප්‍රතිඵල ළඟාකරගත යුතු බැව් විගණනය මගින් නිර්දේශ කර ඇත. මේ පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ ඉකුත් වසර…
සහල් වර්ග 04කට ජනවාරි සිට දැඩි ලෙස පාලන මිල ක්‍රියාත්මකළ යුතු බව ජාතික සහල් කර්මාන්ත සම්මේලනයේ අනුශාසක අරුණකාන්ත බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සහල් මාෆියාව සිදුවන ආකාරය විස්තර කළේය. “අවුරුදු දෙක තුනකට සැරයක් ප්‍රධාන සහල් මෝල් හිමියන් කීරි සම්බා මිල ඉහළ දානවා. කීරි සම්බා මිල ඉහළ දාපු ගමන් ඊළඟ කන්නයේදී ගොවියෝ එ්ක වගා කරන්න පෙළබෙනවා වගාකරන්න පෙළබුණාම කීරි සම්බා මිල අඩුවෙනවා. අඩු වුණාම මෝල් හිමියන් ගබඩාවල පුරවාගන්නවා. එහෙම පුරවාගෙන ඒක ඉතා ඉහළ මිලකට විකුණනවා. ඒක සිදුවෙන්නේ මේ ප්‍රධාන මෝල් හිමියන් නිලධාරීන්ගේ සහායෙන් තත්ත්වයේ සමබරතාවය බිඳිනවා. ඉතින් මේ තත්ත්වෙදි නාඩු හාල්වල හිඟයක් ඇති වෙනවා. ඒ නිසා ස්ථිර වශයෙන්ම…
පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කළ වෛද්‍යවරයෙක් රුපියල් මිලියන පනස් පහක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනුලැබීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනහේන, වෑබඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52 වන වෛද්‍යවරයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.
