Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කළ සැමියෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ආරූමුගන් අම්බිගා නැමති 57 හැවිරිදි දෙදරු මවකි.පිහි ප්‍රහාරයට ලක් වූ 22 හැවිරිදි පුතුද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇත. ගෑන්ඩ්පාස් පොලිස් වසමේ මෝදර උයන මහල් නිවාස සංකීර්ණයේ පළමු මහලේ නිවසක පදිංචිව සිටින සැකකරු ඇතුළු පවුලේ සාමාජිකයන් ගෙන් ඝාතනයට ලක් වූ කාන්තාව සහ තුවාල ලද ඇයගේ පුතු එක කාමරයක බිම මෙට්ටයක් දමා නින්දේ පසුවී ඇති අතර යාබද කාමරයේ වැඩිමහල් පුතු සහ සැකකරු රැඳී සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින සැකකරු බිරිඳ නිදා සිටි ස්ථානයට පැමිණ ඇතිවූ…
අසල්වැසියන් ලෙසත් සමීප මිතුරන් ලෙසත් එක්ව සංවර්ධනයේ මාවතක් ගොඩනඟා ගැනීමට අදිටන් කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දු ලංකා ඒකාබද්ධ හමුවට සහභාගී වෙමින් ජනාධිපති කාර්යාලයේදී අද පැවසීය. දෙරට නායකයන්ගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්විණි. ශ්‍රී ලංකාවේ අපි පරිවර්තන මාවතක ගමන් කරමින් සිටිනවා.අපේ හඳුන්වන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආර්ථික ප්‍රතිපත්තිය ලෙසයි. ආර්ථික ප්‍රගතිය සමාජ සාධාරණත්වය මෙන්ම සෑම පුරවැසියෙකුටම සමෘද්ධිමත් වීමට මාවතක් ලෙස එය ගොඩනංවා තිබෙනවා.අසල්වැසියන් ලෙසත් සමීප මිතුරන් ලෙසත් එක්ව සංවර්ධනයේ මාවතක් ගොඩනඟා ගැනීමට අප අදිටන් කර ගනිමු.ජනතා කේන්ද්‍රීය පරිවර්තනයක් සිදුවෙමින් පවතින මේ වැදගත් අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් නරේන්ද්‍ර ශ්‍රී මෝදි මැතිතුමාට සහ එතුමාගේ දූත පිරිසට නැවත…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විරෝධය පළකර ඇත. සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයන් මෙසේ විරෝධය පළ කර ඇත. මෙහිදී අදහස් දක්වා ඇති සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා ඇත්තේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව මෙවැනි යෝජනාවක් ගෙන ඒමට විරුද්ධ නැතත් යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝග වලට පටහැනි හෙයින් ඊට විරෝධය පළ කරන බවයි. අධිකරණයේ විනිශ්චයට භාජනය වී ඇති කාරණයක් සම්බන්ධයෙන් විවාද කළ නොහැකි බවට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 91…
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය මෙලෙස මියගොස් තිබුණේ බදුල්ල මි ගහ කිවුල ප්‍රදේශයේ පදිංචි සත්සර නිමේෂ් 26 තරුණයායි ඉකුත් 01 වෙනි දින මෙම තරුණයාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ නාවල ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු විම සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා ලද පණිවිඩයක් අනුවය පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව එම පුද්ගලයා කළහකාරී ලෙස හැසිරුණු බව පවසමින් පොලිසිය විසින් තරුණයාවට මානසික රෝහල වෙත යොමු කර තිබිණි එයින් පැය කීපයකට පසු තරුණයා මියගොස් තිබිණි…
මෙරට ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන රුපියල් කෝටි 1000ක් පමණ වෙළඳ වටිනාකමක් තිබෙන අයිස් සහ හෙරොයින් මත්කුඩු තොගයක් ධීවරයන් හත් දෙනකු සමඟ ගැඹුරු මුහුදේදී නාවික හමුදා බාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය. එම යාත්‍රාවේ තිබී පොහොර උර 51 ක් බහා තිබු කිලෝ 700 ක බරින් අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 500ක් හා හොරෙයින් මත්කුඩු අඩංගු පැකට් 178 ක් සොයා ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය තොගය දකුණුු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ සුජී නැමැත්තාට අයත් ඒවා බවට තොරතුරු ලැබී ඇතැයි නාවික හමුදාව කියයි
මහමග නවත්වා තිබෙන යතුරුපැදි සොරාගෙන ගොස් කැබලි කර විකිණීමේ නිරත වූ කාන්තාවක ඇතුළු එකම පවුලේ පුද්ගලයන් පස් දෙනකු සොරා ගත් යතුරුපැදි හයක්, කැබලි කළ යතුරුපැදි අමතර කොටස් තොගයක් සමගින් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව ගල්වලමුල්ල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සිව් දෙනකු සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි නවගමුව මල්වාන හන්දිය ප්‍රදේශයේ නවතා තිබූ යතුරුපැදියක් තරුණ යුවළක් විසින් සොරාගෙන ගොස් හංවැල්ල ප්‍රදේශයේ සඟවා තබා තිබියදී සොයා ගත් පොලිසිය ඒ අනුව සොයා ගත් කරුණු මත වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත
නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගය ප්‍රමාණය සම්බන්ධව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දක්වා තිබේ. ඒ අනුව හොරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් ඒ තුළ තිබී නිලධාරීන් භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ශ්‍රී ලංකාවට බටහිර මුහුදු තීරයේදී මෙම වැටලීම සිදුකළ අතර එම මත්ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන විත් ඇති බවද සඳහන් වේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද “ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ” සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ උත්සවයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෝදි අග්‍රාමාත්‍යවරයාට එම සම්මානය ප්‍රදානය කළේය. සම්මානයේ ප්‍රදානය කිරීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසූයේ මෙය තමාට පමණක් ලබාදුන් ගෞරවයක් නොව ඉන්දියාවේ බ ජනතාව වෙත ශ්‍රී ලංකාව විසින් පිරිනැමූ ගෞරවයක් ලෙස සලකන බවයි.
පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක කාර්යාලයේ භාෂා පරිවර්තකයන් දොළොස් දෙනකු පමණ හිඟවීමෙන් එහි කටයුතුවලට බරපතළ ලෙස බාධා මතුව ඇතැයි වාර්තාවේ. මින් පුරප්පාඩු අටක්ම පවතින්නේ ඉංග්‍රීසි සහ දෙමළ භාෂා පරිවර්තකයන්ගේ බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය. භාෂා පරිවර්තක කාර්යාලයේ නියමිත කාර්යමණ්ඩලය හතළිහකි. මෙම භාෂා පරිවර්තක පුරප්පාඩු සම්බන්ධයෙන් අවස්ථා තුනකදීම සම්මුඛ පරීක්ෂණ කැඳවනු ලැබුවද සුදුසු අය ඒවාට පැමිණ නැතැයි දැනගන්නට ඇත. පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක කාර්යාලයේ අඩු වැටුප් මීට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් පැවසූහ. භාෂා පරිවර්තකයන්ගේ හිඟය හේතුවෙන් මැතිසබේ කටයුතු මෙන්ම කාරක සභාවල කටයුතුවලටද බරපතළ බාධා මතුව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතු කොටගෙන සුරාසැල් වසා තැබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, අප්‍රියෙල් 13 සහ 14 යන දෙදින දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් මත්පැන් හල් වසා තැබිය යුතු බව එම නිවේදනයේ සඳහන්වේ. එමෙන්ම, 2025.04.13 දින සිට 2025.04.14 දින දක්වා සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්ති තුන (03 Star) ට ඉහළ සුරා බදු රු. බී 07 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍රලත් ස්ථානවල නේවාසිකව රැදී සිටින විදේශීය සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට හැකියාව පවතී. මෙම කාල සීමාව තුල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා…
