Author: LANKA24X7

ඇමරිකානු රජය ශ්‍රී ලංකාව ආනයනය කරන භාණ්ඩවලට පැනවූ බදු සීමා ලිහිල් කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි උපායමාර්ග සඳහන් කරමින් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේදී පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ රටවල් ගණනාවකට බදු පනවන බවට පූර්ව අනතුරු ඇඟවීම් කළ බවයි. ඒ අනුව බොහෝ රටවල් එ් අවස්ථාවේ සිටම මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ඇමරිකානු රජය සමඟ සාකච්ඡා ආරම්භ කළ බව පැවසූ කිරිඇල්ල මහතා එසේ සාකච්ඡා කළ සියලු රටවල් ඇමරිකාවෙන් අඩු බදු ප්‍රතිශත ලබාගෙන ඇතැයිද ප්‍රකාශ කළේය. ඩොනල්ඩ්…

Read More

පහළොස් හැවිරිදි බාල වයස්කාර පාසැල් දැරියක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් එම බාල වයස්කාරියගේ පෙම්වතා බව කියන තරුණයකු ඇතුළු බාලවයස්කාර සැකකරුවන් හය දෙනෙකු ලබන 11 වන දින තෙක් මාකොළ ළමා රැදවුම් මධ්‍යස්ථානයෙහි පරිවාස ගත කිරීමටත් එක් සැකකරුවෙකු බන්ධනාගාර ගත කිරීමටත් හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා ඊයේ (04) නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් හෝමගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලද වෛද්‍ය වාර්තා අනුව සැකකරුවන් හත් දෙනා අතුරින් තිදෙනෙකු දැරිය දූෂණයට ලක් කිරීම සහ අනෙක් සිව් දෙනා සිද්ධියට අනුබල දීම යන චෝදනා යටතේ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මෙහිදී හෝමාගම මූලස්ථාන…

Read More

කටුනායක සිට මත්තල දක්වා කිලෝමීටර් 254ක දුරින් යුත් අධිවේගී මාර්ගයේ එක සැපයුම් මධ්‍යස්ථානයක් පමණක් පැවතීම හේතුවෙන් රියදුරන්ට අධික වෙහෙසට පත්වුවත් විවේක ගැනීම සඳහා වෙනත් ස්ථාන නොමැතිවීම අධිවේගී මාර්ගයේ අනතුරුවලට හේතුවක් ලෙස හදුනාගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ග අනතුරු පිළිබඳ තාක්ෂණික කමිටුවට අදාළ යෝජනා ඉදිරිපත් කර ඇති බව බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීම හා නිවාරණ අංශය පවසයි. රියදුරන්ට විවේකගැනීම සඳහා ස්ථානයක් නොමැතිවීම බරපතළ කාරණයක් බවට පත්ව ඇති බවත් අවම වශයෙන් කිලෝමීටර 50 කට හෝ විවේකගන්නා ස්ථානයක් බැගින් ස්ථාපනය කර තිබීම වඩාත් වැදගත් බවත් අධිවේගී මාර්ගවල පමණක් නොව වෙනත් මාර්ගවල ද රජයෙන් නඩත්තු කරන විවේකගන්නා ස්ථාන ස්ථාපිත කළ යුතු බවත් අනතුරු වැළැක්වීම…

Read More

නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කළ රුපියල් මිලියන 435 ක් හෙවත් රුපියල් කෝටි 43 කට අධික වටිනාකමින් යුතු විදේශීය දුම්වැටි තොගයක් රේගු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. මෙම දුම්වැටි තොගය ඔරුගොඩවත්ත බහලුම් පරීක්‍ෂණ අංශයේදී රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බවත් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ජබිල් අලි වරායේ සිට මෙරටට ගෙන්වා තිබූ අඩි 20 බහලුමක් තුළ මෙම දුම්වැටි තොගය තිබූ බවත් අරුක්ගොඩ මහතා කීය. කාර්යාලීය පුටු ගෙන්වන බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර මෙම බහාලුම තුළ මෙලෙස නීති විරෝධීව දුම්වැටි ගෙන්වා ඇති බවත් මෙම දුම්වැටි තොගය රේගුවෙන් පිටවූයේ නම්…

Read More

බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව මිලිලීටර 500 ක වතුර බෝතලයක් රුපියල් 70 ක්, ලීටරය බෝතලයක් රුපියල් 100 ක්, ලීටර 1.5 බෝතලයක් රුපියල් 130 ක්, ලීටර 2 – බෝතලයක් රුපියල් 160 ක් සහ ලීටර 5 බෝතලයක් රුපියල් 350 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. මෙම මස 1 වැනිදා සිට කිසිම නිෂ්පාදකයෙකු, අසුරන්නෙකු, වෙළෙන්දෙකු හෝ බෙදාහරින්නෙකු මෙරට බෝතල්කළ පානීය ජලය උපරිම සිල්ලර මිලට වැඩියෙන් වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළෙඳාම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම…

Read More

ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා සියයට 44ක තීරුබදු පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි අභියෝගවලට ලක්වන බැවින් පක්ෂ පාට බේද නොසලකා මේ අවස්ථාවේදී එකම අරමුණක් වෙනුවෙන් සියලු දෙනා එක් වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි. මෙම තීරුබදු ඇඟලුම් වැනි ප්‍රධාන අංශවලට දැඩි බලපෑමක් ඇතිවී විරැකියාව වැඩිවීමට එය හේතුවක් විය හැකි බවද හෙතෙම සඳහන් කළේය ශ්‍රී ලංකාව තවමත් 2022 ආර්ථික අර්බුදයෙන් යථා තත්වයට පත්වෙමින් සිටින බැවින් රජයේ අපනයන ඉලක්ක අවදානමට ලක්වීමෙන් ආර්ථික ප්‍රකෘතිය තවත් දුෂ්කර වන බවද නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය. තවද, ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා සාර්ථක නොවන්නේ…

Read More

මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය අද (05) මියන්මාරය බලා පිටත්ව යයි මෙම ගුවන් යානයෙන් වෛද්‍ය කණ්ඩායමක්ද විපතට පත් ජනතාව මුදවා ගැනීමේ කණ්ඩායමක්ද පිටව යනු අැත. එසේම ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් රැස් කරගන්නා ලද මානුෂීය ආධාරද රැගෙන යෑමට නියමිතය

Read More

ඌරගස්මංහන්දිය බෙලිගස්වේල්ල ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් 56 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ත්‍රිරෝද රියකින් ආ නාඳුනන පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර ඇත. තුවාලකරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ (4) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේය. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. නරේන්ද්‍ර මෝදි මහතා ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වෙයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරය සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජය ශංකර් මහතා ද ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා, ඉන්දීය විදේශ ලේකම්වරයා සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිපදෙනෙක් සහභාගී සිටිති. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුද…

Read More

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියයෙකු ඝාතනය කර තිබේ. උල් ආයුධයක් වැනි දෙයකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වෙයි. රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියෙකු මෙලෙස ඝාතනය වී ඇති අතර සිරදඬුවම් විඳින රැඳවියෙකු විසින් ඝාතනය සිදුකර ඇති බවට ඇතිවූ සැකය මත විමර්ශන සිදුකෙරෙයි. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ නන්දකුමාර් ශිව නන්දන් නමැති 46 හැවිරිදි රැඳවියෙකු වන අතර ඔහුගේ සිරුරේ ස්ථාන 11ක පමණ උල් ආයුධයකින් ඇනීමෙන් ඇතිවූ තුවාල දක්නට ඇති බවත් වාර්තා වෙයි. පසුගියදා බූස්ස බන්ධනාගාරයේ දැඩි සෝදිසි කිරීමක් සිදුවූ අතර එහිදී රවුටර් සහ ජංගම දුරකථක රැසක් සොයාගෙන තිබුණි. මෙම ඝාතනය සහ එම සිදුවීම අතර සම්බන්ධයක් පවතින්නේදැයි සැකයක් මතුවී ඇති අතර එසේත් නොමැති…

Read More