Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
නිපා වෛරස් ආසාදනයෙන් බංග්ලාදේශයේ අවුරුදු 40 ක කාන්තාවක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත. නමුත් රෝගය ජාත්‍යන්තරව පැතිරීමේ අවදානම අඩු බව සඳහන් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එම රෝගියා බංග්ලාදේශයේ රාජ්ෂා ප්‍රදේශයේ නාඕගොන් දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි අයෙක් බව සඳහන් වේ. පසුගිය ජනවාරි 21 වනදා පළමුවෙන්ම ඇයට උණ සහ ස්නායු රෝග ලක්ෂණ ඇති වූ බව පැවසේ. ජනවාරි 28 වන දින ඇය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදුකළ පරීක්ෂණවලදී උගුරේ තුවාල ඇති බව සොයාගෙන ඇත. පසුව සිදුකළ රුධිර සහ අනෙකුත් රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු වී ඇත්තේ ඇයට නීපා වෛරස් ආසාදනය වී ඇති බවය. ඇයට මෑත කාලීන සංචාරක…
ලිංගික අවයව ආක්‍රමණය කරන භායානක snail fever පරපෝෂිතයා ගෝලීය ව්‍යාප්තියක් ගැන අනතුරු ඇගව්ම්
නොසලකා හරින නිවර්තන රෝගයක් ලෙස සැලෙකෙන Snail Fever (ෂ්ස්ටොසොම්යැසිස්) රෝගය පතුරුවන පරපෝෂිතයන් වර්ථමානය වන ව්ට වඩාත් ප්‍රබල ලෙස පරිමාණ වෙම්න් පවතින බව ව්ද්‍යාඥයින් අනාවරණය කරයි මෙම පරපෝෂිතයන් සම හරහා ශාරීරයට ඇතුළු ව් රුධිරය සැගව සිට්ම්න් අක්මාව පෙණහලු හරහා ව්ශේෂයෙන්ම ලිංගික අවයව තුළ බ්‍ත්තර තැම්පත් කරයි වසර ගණනාවක් පුරා සිරුර තුල හඳුනාගත නොහැකිව පැවතිය හැකි මෙම රෝගය අප්‍රිකානු කලාපයට අමතරව චිනය වෙනිසියුලාව ඉන්දුනීසියාව ඇතුළු රටවල් 78කින් දැනටමත් වර්තා ව් ඇත පර්‍යේෂන වලට අනුව මානව සත්ව පරපෝෂිතයන් එකිනෙකා සමග සම්බන්ධ ව්මෙන් අතිශයින් භයානක දෙමුහුන් ප්‍රභේද බ්හිවෙම්න් පවති මෙම නව ව්කෘර්ති ප්‍රභේධ වත්මන් වෛද්‍ය පරික්ෂන මගින් හඳුනා ගැනිම අසිරු ව් ඇති අතර ඒවායෙ…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ සිදුකරන පාසල් ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී මතු වන ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට, පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේදී මතුව ඇති ගැටලු අවම කරමින් විධිමත් ප්‍රවාහන ක්‍රමවේදයක් ඇති කිරීමට “සිසු සැරිය” පාසල් ප්‍රවාහන සේවය වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායිව යොදවා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව ඇත. පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වූ බව සඳහන් වේ. පාසල් සිසුන් ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා බලතල ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැවරී ඇති අතර ඊට අදාළ රෙගුලාසි කෙටුම්පත් මේ වන…
ලෙබනනයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. උතුරු ලෙබනනයේ ට්‍රිපෝලි නගරයේ සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 8දෙනෙකු අතුරුදන්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි තවත් පුද්ගලයින් 6දෙනෙකු බේරාගෙන ඇති අතර සුන්බුන්වලට සිරවී ඇති තවත් පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක බව ද සඳහන් වේ.
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළවල් සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 32,000කට වැඩි මුදලක් ගොවීන්ට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ජාතික පශු සම්පත් පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහනෙහි සමාරම්භක උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කර සිටියේය. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ගවයන්, ඌරන්, එළුවන්, බ්‍රොයිලර් සහ ලේයර් කුකුළන් විනාශ වූ ගොවිපොළවල් සඳහා මෙම වන්දි මුදල් ලබා දුන් බවය. එමෙන්ම මෙම වන්දි ගෙවීම්වලට අමතරව ගොවීන්ට සහනයක් සැලසීම සඳහා පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ බවත් ඒ සඳහා ලෝක බැංකු ආධාර…
හෙරොයින් ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 150ක් සමග පුද්ගලයකු ග්‍රෑන්පාස්, සිරිපාලපින්තු මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සිදු කළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසය පැවසුවේය. 40 හැවිරිදි සැකකරු නව කැලණි පාලම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සඳහන් වේ. කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බොරලන්ද රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් ඇති බවට හපුතලේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. පොලිසිය සඳහන් කළේ ඊයේ (08) සවස් කාලයේ හපුතලේ පොලිස් වසමේ පිටපොල ප්‍රදේශයේදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවය. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් වූ පිටපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරුට අයත් වගා භූමියක් තුළදී මෙම ඝාතනය සිදුවී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඝාතනයට හේතුව හා සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. හපුතලේ පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
අද (08) දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.7 ක් ලෙස රත්නපුරය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත. අද දින දහවල් කාලයේදී කාලගුණවිද්‍යා දෙපාර්තමේතුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමේ දැක්වේ.
ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රදේශයේ හක්ක පටස් කෑ වනඅලියෙකු මියගොස් තිබේ. මොරවැව D-9 යාය ප්‍රදේශයේ වැටී සිටියදී මෙම වනඅලියා සොයාගෙන ඇත. වයස අවුරුදු 08ක් පමණ වයසැති මෙම වනඅලියා දින කිහිපයකට කීපයකට ඉහතදී හක්ක පටස් කා රෝගාතුරවී තිබේ. ඒ අනුව ආහාර ගැනීමට නොහැකිව සිටියදී එම සත්ත්වයා, පශු වෛද්‍යවරයා පැමිණෙන විට මරණයට පත්ව ඇති බව සඳහන්. ප්‍රදේශයේ සිටින දඩයක්කරුවන් විසින් ඌරන් මැරීම සඳහා මෙම හක්ක පටස් යොදා ගන්නා බව වනජීවි නිලධාරීන් පවසන අතර, එලෙස ඇටවූ උගුලකට මෙම වනඅලියා හසුවන්නට ඇතැයි ඔවුන් අනුමාන කරයි. මරණ පරීක්ෂණය මහවැලි කලාප භාර වනජීවී පශු වෛද්‍ය කලිඳු ආරච්චි මහතාගේ උපදෙස් පරිදි සිදුකර වළ දැමීමට කටයුතු කළේය.
