Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
විධිමත්, විද්‍යාත්මක හා නිවැරදි වනඅලි සංගණනයක් කඩිනමින් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය අලි-මිනිස් ගැටුම අවම කිරීමට 2010 වසරේදී නිර්මාණය කළ ජාතික සැලසුම ද වහා ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රජයට දස වැදෑරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා මෙසේ පැවසීය
මහනුවර පෙරහැර කටයුතු සඳහා සහභාගීවී සිටි ඇත්ගොව්වෙකුගේ සහායකයෙකුගේ මළසිරුරක් අද (31) උදෑසන මහනුවර වැව් ඉවුරේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබේ. මෙම පුද්ගලයා මහනුවර කතරගම දේවාලයේ පෙරහරට සහභාගී වීම සඳහා අරණායක ප්‍රදේශයේ සිට පැමිණ ඇත. ඔහු අලියෙකුගේ ප්‍රධාන පාලකගේ සහායක වශයෙන් කටයුතු කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අචලංක නැමැති 28 හැවිරිදි පුද්ගලයෙකි. මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මේ වසරේ ගතවු කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ජනවාරි පළමු දින සිට ජූලි මස 27 වන දින දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 1,341,953 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 274,919කි. ඊට අමතරව බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය, චීනය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් දිවයිනට පැමිණ ඇති බව සඳහන් ය. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තොරතුරු ඉදිරිපත් කර ඇති පරිදි ජූලි මාසයේ ගතවු දින 27ක කාලය තුළ සංචාරකයින් 173,909 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි. තවද ජූලි…
මේ වසරේ ගත වු පළමු මාස 06 තුළ අල්ලස් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට ජුනි මස 30 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 3,022ක් ලැබී ඇති බවයි. එම කාලය තුළ වැටලීම් 54ක් සිදුකර ඇති අතර ඉන් සැකකරුවන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් අතර ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් දසදෙනෙකු අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරින් 5 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු, ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරින් දෙදෙනෙකු වන බව ද සඳහන් වේ. ඊට අමතරව සිවිල් පුද්ගලයින් 6 දෙනෙකු ද අල්ලස් ලබාගැනීමේ සිදුවීම්…
යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොඩ්‍රිගෝ මහතාට හෙට(1) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර සේවා දිගුවක් ලබාදී ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිර්දේශ මත මෙම සේවා දිගුව ලබාදී ඇත. ලසන්ත රොඩ්‍රිගෝ මහතා කොටහේන ශාන්ත බෙනදික්ත විදුහලේ ආදි සිසුවෙකි.
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට උක්ගස් සැපයූ ගොවීන්ට සහ ප්‍රවාහනය කළ ට්‍රැක්ටර්හිමියන්ට රුපියල් මිලියන 205 ක් හෙවත් රුපියල් කෝටි 20 කට අධික මුදලක් ගෙවීමට ඇති බවත් ඉදිරි සති දෙක තුළ උද්ගතව ඇති ගැටලුකාරී තත්වයට විසඳාගැනීමට බලාපොරොත්තු වන බවත් ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දීපිකා ගුණරත්න මහත්මිය ඊයේ (30) පැවසුවාය. සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා උක්ගස් මෙටි්‍රක්ටොන් 45,519 ක් හෙවත් උක්ගස් මෙටි්‍රක්ටොන් 46,000 කට ආසන්න ප්‍රමාණයක් ගොවීන් 531 කින් ලබාගෙන ඇති බවත් ඔවුන්ට මේ වන විට මිලියන 243.9 ක මුදලක් ගෙවා ඇති බවත් ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරිය කීවාය. අතීතයේ සිටම උක්ගස් රැගෙන ආ…
නිති විරෝධී ගිනිඅවි, හක්කපටස්, උගුල් සහ මාරක විදුලි රැහැන් හේතුවෙන් වන අලි ඇතුන් මරණයට පත්වීමට බලධාරීන්ගේ අවදානයේ යොමු කිරීමේ අරමුණින් පරිසර සංවිධාන එකමුතුව ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ඊයේ (30) පස්වරුවේ විරෝධතාවක් දැක්වූහ. ‘ඔවුන්ට හඩක් නෑ, අපි ඔවුන්ගේ හඩ වෙමු’ යන තේමාව යටතේ මෙම විරෝධතාව පැවැති අතර විරෝධතාකරුවෝ කොළඹ ගාලුමුවදොර හෝටලය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පෙළපාළියකින් පැමිණියහ.
පනතේ කොන්දේසි සපුරා නැතිව නීතියට පිටින් ගෙනවිත් අැති වාහන ප්‍රති අපනයනය කිරීමට තීරණය කර ඇතැයි භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රකාශ කළේය. ආනයනය කරන ලද වාහන 1500ක් රේගු භාරයේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් එම කාරක සභාව විසින් රේගු ප්‍රධානීන්ගෙන් දීර්ඝව ප්‍රශ්න කෙරිණ. මෙහිදී රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා එන්ජින් ධාරිතාව ගැන සොයාබැලීමට ජාත්‍යාන්තරව පිළිගත හැකි තාක්ෂණික ක්‍රමවේදයක් ඇත්දැයි රේගු නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේය. මේ චෝදනාව එන්නේ ලොකුම සමාගමට විරුද්ධව බවත් මේවා චීනයේ හදන වාහන බවත් ඔහු සඳහන් කළේය. ඉට පිළිතුරු දුන් ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී…
අපරාධ නඩු කිහිපයක සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම හේතුවෙන් රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුලු නිලධාරින් තිදෙනෙකුගේ ඊයේ (30) වැඩතහනම් කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අල්ලාගෙන රත්නපුර මුලස්ථාන පොලිසියට බාරදුන් සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්‍රබල අපරාධකරුවෙක්අද මෙලෙස පලාගොස් තිබුණිග රත්නපුර අංගම්මන ප්‍රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. මිනීමැරුම් සිද්ධින් දෙකක් සම්බන්ධ නඩු දෙකක් සහ විවෘත වරෙන්තු දෙකක් පලාගිය සැකකරුට එරෙහිව තිබු බවද පොලිසිය පැවසුවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රත්නපුර මුලස්ථාන පොලීසියේ රාත්‍රී කාර්යභාර නිලධාරීවරයාට සහ උප සේවක නිලධාරියාට සැකකරු බාරදී තිබුණ බවද පොලිසිය පැවසුවේය.
කොස්ගොඩ දූවේමෝදර අද (31)අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයකු මියගොස් ඇති බව කොස්ගොඩ පොලීසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ කොස්ගොඩ දූවේමෝදර පදිංචි විසිතුන් හැවිරිදි තරුණයෙකි. මිය ගිය තරුණයා සිය නිවසේ නිදා සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මේ තරුණයාට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි. මේ වැඩි තැබීම අද(31)අලුයම පහත් පහයි කාලත් අතර සිදුවන්නට ඇතැයි පොලීසිය කියයි. මිය ගිය තරුණයාගේ පියා කොස්ගොඩ ප්‍රදේශයේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අයකු බවද පොලීසිය කියයි.