Author: LANKA24X7

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට බලපෑ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ ජනවාරි මාස අග සිට නිව්යෝර්ක් නගරයට දැඩි ශීත කාලගුණික තත්ත්වයක් හටගෙන තිබූ බවය. දින 13ක කාලයක් සෙල්සියස් අංශක බිංදුවේ හෝ ඊට අඩු අගයක එම උෂ්ණත්වය පැවති බව සඳහන් වේ. ඉදිරි දිනවල දී අධික ශීතල සහ හිම පතනය හේතුවෙන් නිව්යෝර්ක් නගරය පුරා බරපතල අවදානම් තත්ත්වයක් පැවතිය හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read More

ශ්‍රී ලංකාවේ ඉල්ලීම ධනාත්මකව සලකා බැලීම සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතාට, විදේශ අමාත්‍යාංශය ඇතුළු පාකිස්තාන රජයට මෙන්ම පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට ස්තූතිවන්ත වෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගයට සහභාගී වීමට පාකිස්තාන කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය නිල x ගිණුමේ සටහනක් තබමින් විජිත හේරත් මහතා මේ බව සඳහන් කරයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ක්‍රීඩාශීලීත්වය, මිත්‍රත්වය සහ සිය ද්විපාර්ශ්වික සබඳතාවල ශක්තිය ඒ තුළින් පිළිබිඹු කරන බවය.

Read More

ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් පවසයි. ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරලාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සැලසුම් කළ පරිදි පැවැත්වීම සතුටට කරුණක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. තරගාවලියේ සම සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සහ ඒ සඳහා සහයෝගය දුන් සියලු දෙනාට ස්තූතිවන්ත වන අතර 1996 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය අමතක කර නොමැති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය X පණිවිඩය මගින් සඳහන් කර තිබේ.…

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට පාදයේ මාංශ පේශි ආබාධයක් ඇතිවීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය බොහෝවිට අහිමිවීමට ඉඩ ඇති බව වාර්තා වෙයි. වනිඳු හසරංග වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත ආදේශ කරනු ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය අයර්ලන්තයට එරෙහිව ඉකුත් 8 වනදා පැවැති අතර එම තරගයේදී වනිඳු හසරංග මෙලෙස ආබාධයකට ලක්වී තිබුණි. එම තරගයේදී ලකුණු 20ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවාය.

Read More

2026 පෙබරවාරි මාසයේ පළමු දින 08 තුලදී සංචාරකයින් 80,776 ක් මෙරටට පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවන් මඟින් මේ බව අනාවරණය කර ඇත. ඉන්දියාවෙන් සංචාරකයින් 12,439 ක් පැමිණ ඇති අතර එය 15.0% කි. එක්සත් රාජධානියෙන් 9,283 ක්, රුසියාවෙන් 6,946 ක්, ජර්මනියෙන් 5,401 ක් සහ චීන ජාතිකයින් 5,037 ක් ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත. 2025 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් 240,217 ක් බව සඳහන් වේ. මේ අතර, පෙබරවාරි සඳහා නවතම සංඛ්‍යාලේඛන නිකුත් කිරීමත් සමඟ 2026 දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 358,103 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතරින් පුද්ගලයින් 65,500 ක් ඉන්දියාවෙන්, 38,823 ක්…

Read More

පොලිස් අණ නොතකා පලායමින් සිටි වෑන් රථයක් නැවැත්වීම සඳහා පොලිසිය සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් තරුණයෙකු මියගොස් තිබේ. අද (10) අලුයම් කාලයේ කයිට්ස් පොලිස් වසමේ අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී සැක කටයුතු වෑන් රථයක් නැවැත්වීම සඳහා මෙලෙස පොලිසිය විසින් සංඥා කර ඇති අතර එම වෑන් රථය අණ නොතකමින් මණ්ඩතිව් දෙසට ධාවනය කර තිබේ. එම අවස්ථාවේ මණ්ඩතිව් මාර්ග බාධකය පරීක්ෂාව සඳහා ගොස් අල්ලපිඩ්ඩි දෙසට ගමන් කරමින් තිබූ කයිට්ස් ස්ථානාධිපතිගේ ජීප් රථයට මේ බව දැනුම් දී ඇත. ඒ අනුව ජීප් රථය එම වෑන් රථය නවත්වා ගැනීම සඳහා උත්සාහ කළද එය තවදුරටත් නොනවත්වා පලා යාම හේතුවෙන් පොලිසිය අහසට වෙඩි තබා රථය නවතා ගැනීමට උත්සාහ කර ඇත.…

Read More

ඉන්දියාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට පාකිස්තාන කණ්ඩායමට එරට රජයෙන් අවසර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. ඒ අනුව මෙම තරගය පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සැලසුම් කර තිබූ ලෙසම පැවැත්වෙනු ඇත. මෙම තරගය වර්ජනය කිරීමේ තීරණය පිළිබඳ යළි සලකා බලන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්තාන රජයෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති අතර එම තීරණයට ප්‍රතිචාර දක්වමින් පාකිස්තානු රජය සිය තීරණය වෙනස් කර තිබේ. ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අගමැතිවරයා අතර ඊයේ (09) සිදුවූ දුරකතන සංවාදයක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (10) වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද සඳහන් වේ.

Read More

දෛනිකව නව පිළිකා රෝගීන් 100ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ‘පිළිකා කලින් හඳුනාගැනීමේ නව මධ්‍යස්ථානය’ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙය කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ පරිශ්‍රයේ ස්ථාපිත බෝවන රෝග සායන ගොඩනැල්ලේ පළමු මහලේ ස්ථාපිත කර ඇත. මේ වනවිට දිවයිනේ ප්‍රධාන රෝහල් 6ක් ආශ්‍රිතව එම මධ්‍යස්ථාන ක්‍රියාත්මක බවත් ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. වාර්තාවන පිළිකා රෝගීන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන බව පෙන්වා දෙන වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කළේ, එම රෝගීන් පසු රෝගී අවධින්…

Read More

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ආණ්ඩුකාර මංගුබායි පටේල් සහ අරුණාචල් ප්‍රදේශ්හි නියෝජ්‍ය මහඇමති චවුනා මේන් යන මහත්වරු ඇතුළු ඉන්දීය දූත පිරිසක් අද (09) දහවල් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනවිය විසින් ඉන්දීය දූත පිරිස පිළිගනු ලැබීය. ඒ අනුව, එම දූත පිරිස විසින් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පෙබරවාරි 11 වන දින නැවත ඉන්දියාවට වැඩම කෙරෙනු ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සහ…

Read More