Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබේ. එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, අදාළ තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවය. මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ආදායම් – වියදම් භාරනොදුන් සියලු අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබන 27ට පෙර එම වාර්තා ලබාදිය යුතු බව ද මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේය.
රු 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මහවැලි අධිකාරියේ ඒකක කළමණාකාරවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. පැමිණිලිකරුට, රණවිරු පදනම යටතේ නිවසක් සාදා ගැනීමට මහවැලි අධිකාරිය හරහා, ඇතුගල ප්‍රදේශයේ ලබා දී ඇති කොටසක් ලබා දෙන ලෙස කරන ලද නැවත පර්චස් 20ක ඉඩම වගුරු බිමක් සහිත නිසා වෙනත් ඉඩම් ඉල්ලීම අනුව, මහවැලි අධිකාරියෙන් වෙනත් ඉඩම් කොටසක් ලබා දීමට අවශ්‍ය කටයුතු කර දී බලපත්‍රය ලබා දීමට උදව් කිරීම සඳහා මෙම රු 20,000ක මුදල අල්ලසක් ලෙස අදාළ නිලධාරියා විසින් ඉල්ලා තිබේ. ඒ අනුව මහවැලි අධිකාරියේ සේනපුර කොට්ඨාස කළමනාකරණ කාර්යාලයට…
මෙවර පළාත් පාලන මැතිවරණයට කළුතර මහනගර සභාවට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයෙකුට කළුතර ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 04 වනදා පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව සිටි බන්දුල ප්‍රසන්න මහතාටය. සැකකරුවන් තිදෙනා සමඟ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සහ වෙඩි තැබීම සිදුකළ ගිනි අවියද කළුතර අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ. වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව එක් සැකකරුවෙකු පළමුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනෙක් සැකකරුවන් දෙදෙනා සහ වෙඩිතැබීම සිදුකළ ගිනිඅවිය සොයාගෙන ඇත. එමෙන්ම සැකකරුවන් තිදෙනාගෙන්ම වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවෙන් පයාගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සඟවා තිබු තවත්…
රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. පැමිණිලිකරු විසින් මිලදී ගෙන ඇති ඉඩමකට අදාළව ඇති ආරවුලක් විසඳා සමතයකට පත්කර දීම වෙනුවෙන් හා පැමිණිලිකරුගේ ඉඩම් කටයුතු කරදරයකින් තොරව කර ගෙන යෑමට අවශ්‍ය කටයුතු කරවා දීම වෙනුවෙන් මෙම මුදල අල්ලසක් ලෙස ඉල්ලා තිබුණි. පසුව අදාළ රු ලක්ෂ 5ක මුදල අයැද භාරගැනීමේ චෝදනාව මත පොලිස් ස්ථානාධිපතිවරයාව ඊයේ (21) සවස 5.25ට පමණ පුවරසන්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ නිල රාජකාරි කාර්යාලයේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්…
කටුනායක ආයෝජන කලාපයේ නෙක්ස්ට් කර්මාන්තශාලාව වසා දමා ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් තොරව බව වැඩබලන කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ මුදල් පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය
2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ. ධම්මරතන හිමි මෙම අදහස් පළ කළේ 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ඊයේ (21)දී පැවති සාකච්ඡාවේදීය. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. 2023 වසරේ සිට නවතා දමා තිබුණු රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම නැවත ආරම්භ කර මතු පරම්පරාව වෙනුවෙන් සුරක්ෂා කිරීම රජය සතු වගකීමක් බවද ධම්මරතන හිමියෝ මෙහිදී සඳහන් කළහ. “අනුබුදු දහමින් ලොවම නිවේවා” යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි. රාජ්‍ය පොසොන්…
බදුල්ල නගරයේ ඇති ඔරලෝසු කණුව අසලදී සිය බාල සොයුරාට මන්නා පිහියක් පරහදී බරපතල කැපුම් තුවාල කළ අයියා ලබන 3 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඊයේ 21 දා සවස නියෝග කළේය. මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැවේ වේලු උදයකුමාර නමැත්තෙකි. මේ ගැටුමේදී අයිය මලෝ දෙදෙනාම තුවාල ලබා තිබූ බැවින් දෙදෙනාම රෝහල් ගත කර තිබිණ. බදුල්ල මහේස්ත්‍රාත්වරයා රෝහලට ගොස් සැකකරු පරීක්ෂා කිරිමෙන් පසු රිමාන්ඩ් ගත කරන ලොසට නියෝගය කළේය. පොලිස් ආරක්ෂාව යටතේ සිටි සැකකරු බදුල්ල බන්ධනාගාරයේ නිලධාරින් යටතට පත්විය.
රන් ආලේපිය ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කතුන් දෙදෙනා ලබන 23 දක්වා රඳවා ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී.චතුරිකා සිල්වා මහත්මිය අද පොලිසියට අවසර දුන්නාය. මෙලෙස රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට නියම වූයේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ එලිබෑන්ක් ටවර් වැල්ලවත්ත ලිපිනයේ පදිංචි වයස අවු 69 ක් පමණ වන විසාකා අයිරාංගනී කුමාරී වීරකෝන් හා ඇයගේ ලේලිය වන කසකස්ථාන ජාතික කාන්තාවක් වන ඇගිලිගුල්‍යා වීරකෝන් නැමැති කාන්තාවන් දෙදෙනාය. වැල්ලවත්ත පොලිස් වසමේ හැව්ලොක් නිවාස සංකීරණයේ සිටි ආරක්ෂක නිලධාරීන් හට වයෝවෘද්ධ කාන්තාවකගේ බෑගයක ටී 56 ගිනි අවියක් තිබී හමු වූ බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද තොරතුක් මත පරික්ෂා කිරීමේ දී රත්තරන් පැහැති සහ…
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම හෙට (23) පැය 10 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව එදින පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවත් පෑලියගොඩ, වත්තල, ජා – ඇල, කටුනායක සීදුව නගර සභා බලප්‍රදේශය, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් එම මණ්ඩලය කියයි. එබැවින් එම ප්‍රදේශවල පාරිභෝගිකයින්ට අවශ්‍ය ජලය ගබඩා කර තබා ගැනීමට කටයුතු කරන ලෙස ද එම මණ්ඩලයේ වැඩිදුරටත් සඳහන් කරයි.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල එළැඹෙන 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (21) නියෝග කළේය. මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවේ සැකකරුවෙකු ලෙස රමිත් රඹුක්වැල්ල අධිකරණය මගින් ඊයේ (20) නම් කළේය. ඒ අනුව රමිත රඹුක්වැල්ල අද (21) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී, ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.
