Author: LANKA24X7

පසුගිය රජයන් ලබා ගත් ණය මුදල්වලින් කෝටි විසි දෙලක්ෂයක් (ට්‍රිලියන 22ක්) ආගිය අතක් නැතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය. මේ මුදල කිසිදු පොතපතක වාර්තාවක සඳහන් නොවන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා විගණකාධිපතිවරයා සහ දැනුම ඇති කණ්ඩායම් සම්බන්ධ කරගෙන දශක ගණනාවක් පිටුපසට ගොස් මේ තොරතුරු සොයා ගැනීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පිළිබද විවාදයේදීය. ආගිය අතක් නැති මෙම මුදල රටේ ශේෂ පත්‍රයේ පැහැදිලිව තිබෙන බව විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර ඇතැයිද එදා හිටපු අය රට කළමනාකරණය කළ අාකාරය මින් පැහැදිලිවම පෙනී යන්නේ යැයිද ඔහු සඳහන්…

Read More

තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේ දී ලංගම බස්‍ රථයක් ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරකින් එක් අයකු මියගොස් 15 දෙනකු තුවාල ලබා ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . අද (24) අලුයම 3.20 ට පමණ මෙම අනතුර සිදුවී තිබේ . පාසිකුඩා සිට ගාල්ල බලා ධාවනය වූ ගාල්ල ලංගම ඩිපෝවට අයත් බස්‍ රථය මෙලෙස අනතුරට ලක්ව තිබේ . තුවාල කරුවන් වහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

Read More

නුවරඑළියේ සිට කුරුණෑගල දක්වා දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අනතුට ලක්වීමෙන් එම බස් රථයේ ගමන් ගත් 21 දෙනකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහල ඇතුළත් කළ බව නුවරඑළිය පොලීසිය පැවසීය. මෙම අනතුර සිදුවී ඇත්තේ ඊයේ රාත්‍රී 11.45 පමණ බව පොලිසිය කියයි. නුවරඑළිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය ටොප්පාස් ප්‍රදේශයේදි සිදූ වූ අනතුර සිදුව ඇති ඇත. තුවාල ලැබු තුවාල ලැබූ තුවාලකරුවන්ගේ තත්වය බරපතළ නොවන බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය වරායකු පවසීය.

Read More

සිංහල සිනමාවේ රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම සිය දිවි ගමන නිමා කළාය. මිය යනවිට ඇය 78 වැනි වියෙහි පසුවූවාය. කලක් තිස්සේ දැඩි රෝගාතුරව සිටි මාලනී ෆොන්සේකා මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අදඅලුයම අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු සනාථ කළහ. කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් 1947 අප්‍රේල් මස 30 වැනි දා උපත ලැබූවාය. වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය, පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමාවට 1968 වසරේදී පිවියාය. නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ වැනි විත්‍රපට මාලනී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස සනිටුහන් වේ. 2010 වසරේදී…

Read More

හත් හැවිරිදි බාලවයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 62 හැවිරදි පස් දරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 17ක සිරදඬුවම් නියම කර තිබේ. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. ඊට අමතරව විත්තිකරුට රුපියල් 30,000ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් අමතරව වසරක සිරදඬුවම් නියම කරන බවත් නියෝග කළේය. ඊට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ද ඇයගේ මවට තවත් රුපියල් ලක්ෂයක වන්දියක්ද ගෙවිය යුතු බවත් විනිසුරුවරයා නියෝග කළේය. එම වන්දි ගෙවීම පැහැර හරිනු ලැබූහොත් අමතරව තවත්…

Read More

මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අම්පාර උහන පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. උහන පොලීසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සමග සිටි දරුවන් දෙදෙනා අනාරක්ෂිත අයුරින් ත්‍රිරෝද රථයක රැගෙන යාමට විරෝධය පළකර උන් වහන්සේ එම පොලිස් ස්ථානය තුළ එලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.

Read More

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 25වනදා (ඉරිදා) පෙ.ව. 8 සිට ප.ව. 8 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. මේ හේතුවෙන් කොළඹ නගරය ඇතුළව තදාසන්න ප්‍රදේශ රැසක ජනතාවට සිදුවන අපහසුතාව මගහරවා ගැනීමට අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් ඉල්ලා සිටියි. ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ, කොළඹ 1 සිට15 දක්වා, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, IDH, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව

Read More

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කළ බවට සැකපිට පුද්ගලයින් 8 දෙනෙකු හලාවත, තොඩුවාව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී පොලීසිය විසින් එම මත්ද්‍රව්‍ය අලෙවිකර උපයාගෙන ඇති බවට සැකකෙරෙන රුපියල් මිලියන 18ක මුදලක්ද සිය භාරයට ගෙන තිබේ.

Read More

ඉන්දියාවේ පැවැත්වෙන 2025 ලෝක රූ රැජින කිරුළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර, එම තරගාවලියේ ප්‍රධානතම අභියෝගය ලෙස සැලෙකන ‘හෙඩ් ටු හෙඩ්’ වටයට සහභාගී වෙමින්, ඇය කවුරුන්දැයි ලොවට හදුන්වා දුන්නාය. 25 හැවිරිදි අනුදි, වේදිකාවේ සිට ඇය කවුරුන්දැයි හඳුන්වා දුන්නේ, ධම්ම පදයෙන් උපුටා ගැනීමක් ද කරමිනි. මෙය බොහේ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය. සබ්බ පාපස්ස අකරණං; කුසලස්ස උපසම්පදා; සචිත්ත පරියොදපනං; එතං බුද්ධානසාසනං. මේ වදන් මා උපුටා දක්වන්නේ ධම්ම පදයෙන්. මෙහි අර්ථය සෑම ආකාරයකම නපුරෙන් (අකුසලයෙන්) මිදෙන්න; කුසල් රැස් කරන්න. මම විශ්වාස කරන්නේ මගේ ජීවිතයේ අරමුණ මෙයයි. යැයි පවසමින් අනුදි පසුගිය (21) සවස, හයිද්‍රාබාද් නුවර ලෝක රූ රැජින වේදිකාවේ සිට…

Read More

වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ දි කාන්තාවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් රන් ආලේපිත ටි 56 වර්ගයේ ගිණි අවිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත පැවරූ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පැවසීය. ඒ වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මතය. ගිනි අවිය එම කාන්තාවන් දෙදෙනාට ලබා දුන් බව කියන අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු ඇමැතිවරයකුගේ කෝකියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයකු වැල්ලවත්ත පොලිසිය මගින් රුවන්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

Read More