Author: LANKA24X7

ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (21) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ඇතැම් ලේඛන අද දින විවෘත අධිකරණයේ ලබාදෙන බව පැවසුවේය. සමහර ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂාවට ලක්කර ලබාදිය යුතු බවත් ඊට අමතරව විත්තිය ඉල්ලා සිටින තවත් ලේඛන සමහරක් ඉදිරියේදී…

Read More

ගල්කිස්ස පොලිස් වසමේ සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් විමර්ශන සිදුකරමින් පවතින බවය. ඒ අනුව ඊයේ (20) රාත්‍රී කාලයේදී ගල්කිස්ස, ඕඩියන් ප්‍රදේශයේදී අදාළ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමඟ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 33 ක් වූ ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගල්කිස්ස කොට්ඨාස…

Read More

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඒ අනුව ලුණු මෙට්‍රික් ටොන් 3,050ක තොගයක් අද (21) රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිත බව සඳහන්ය. පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයකය කරන ලද ලුණු මෙට්‍රික් ටොන් 2800ක් ඊට අයත් බවයි “අද දෙරණ” කළ විමසීමක දී අමාත්‍යවරයා සඳහන් කළේය. මෙරට මාසික ලුණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000ක් වන අතර වාර්ෂික අවශ්‍යතාවය ලුණු මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 80,000කි. කන්න දෙකකදී මෙරට ලුණු අස්වැන්න ලබා ගන්නා අතර එක් කන්නයක අස්වැන්න…

Read More

වෙලම්බොඩ පොලිස් වසමේ කෝවිල්කන්ද ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට විදුලි සැර වැදී මියගොස් තිබේ. ඊයේ (20) සවස් කාලයේදී මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. මියගිය දැරිය කෝවිල්කන්ද, වට්ටප්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 11 හැවිරිදි අයෙකි. මරණකාරිය ඊයේ එම නිවසේ ස්ලැබ් එක මතට ඉනිමඟක් ආධාරයෙන් නැඟ ඇති අතර එම ස්ලැබ් එක මතට රිළවුන් පැමිණෙන නිසා වෙන් විදුලි කම්බි ඇද තීබී ඇත. එහිදී දැරියට විදුලි සැර වැදි දැරිය මියගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වෙලම්බොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

මිරිස්ස මුහුදේ දිය නාමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ. ඊයේ (20) දහවල් කාලයේදී මෙම විදෙස් ජාතිකයින් දෙපළ මෙම අනතුරට මුහුණ දුන් බව පොලීසිය පවසයි. එම අවස්ථාවේදී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් බේරාගෙන මූලික ප්‍රථිකාර ලබා දී ඇත. අනතුරට පත් පුද්ගලයා වයස අවුරුදු 31ක් වන බංග්ලාදේශ ජාතිකයෙකු වන අතර අනතුරට පත් කාන්තාව වයස අවුරුදු 20ක් වන ස්විස්ටර්ලන්ත ජාතික කාන්තාවකි. මිරිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් කොස්තාපල් 104435 සරත්චන්ද්‍ර හා පොලිස් කොස්තාපල් 105268 සිසිර යන නිලධාරීන් විසින් මෙම විදෙස්…

Read More

ජනතාවට කොලේ වහලා සීයට දහ අටකින් විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුවට හැකියාවක් නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “අප නම් ඒකට සහය දෙන්නේ නෑ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්” යනුවෙන්ද හර්ෂද සිල්වා මහතා කීය. “විදුලි බිල සියයට 18.3වැඩි කරන්න ආණ්ඩුව ඉල්ලීමක් කර තිබෙනවා. අයි.එම්.එෆ් එකෙන් ගොඩ ගිය රටක් නෑ කියලා මේ උදවිය කලින් කිව්වා.ඔබලා පටන් ගත්ත ප්‍රතිසංස්කරණ සියල්ලම රිවස් කරලා තියෙනවා.පුනර්ජනනීය විදුලි බල උත්පාදනය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙනවා, යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Read More

වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ නිවසක් තුළ තිබි අඩක් රන් ආලේපිත ටි 56 වර්ගයේ ගිණි අවියක් සහ මැගසිනයක් සොයා ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. එම මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක් සිය මෝටර් රථය වාහන ගාල් කරන ස්ථානයේ නවතා එහි ඩිකියේ තබා තිබු ගිනි රැගෙන අත දරාගෙන උඩුමහලේ පිහිටි නිවස කරායාමේදී ඒ බව ආරක්ෂක නිලධාරීන් විසින් දැක පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම ගිනි අවිය පොලිස් භාරයට ගෙන තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. එම කාන්තාවගෙන් ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඇය සිතා ඇත්තේ දරුවකු සෙල්ලම් කිරීම සඳහා යොදාගත් සෙල්ලම් ගිනි අවිය දරුවකු විසින් මෝටර් රථයේ ඩිකියේ තබන්නට ඇතැයි යැයි සිතා…

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශවලට ඊයේ (20) උපදෙස් දුන්නේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (20) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් අතර ඊට අදාළ සාකච්ඡාව පැය 4කට ආසන්න කාලයක් පැවැත්විණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිමිකාරීත්වය රජය සතුව පවත්වා ගැනීමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය අනුව යමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකස් කරන ලද ව්‍යාපාර සැලැස්මෙහි ඉලක්ක ළගා කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඒ…

Read More

බොරැල්ල ආර්යා ළමා රෝහලට ඊයේ (20) දහවල් ඇතුළු වූ පුද්ගලයෙකු සාත්තු සේවිකාවන්ගේ මුදල් සොරාගෙන පලා ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. පලායමින් සිටි එම පුද්ගලයා අල්ලා ගැනීමට ගිය සුළු සේවකයෙකු ද පිහි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා රෝහල් ගත කර ඇත. වායු සමීකරණ අළුත්වැඩියා කරන මුවාවෙන් ඍජුවේ ආර්යා ළමා රෝහලේ තෙවන මහලේ හත්වෙනි වාට්ටුවට ඇතුළුව තිබූ එම පුද්ගලයා මුදල් පසුම්බි වල තිබූ මුදල් සොරා ගන්නා අයුරු අයුරු එහි සේවිකාවක් දැකීමෙන් අනතුරුව මෙම පුද්ගලයා එම ස්ථානයෙන් පලායාමේදී ඔහු පසුපස හඹා ගිය සුළු සේවකයෙකු ඔහු අල්ලා ගැනීමට තැත් කිරීමේදී සඟවාගෙන සිටි උල් පිහියකින් ඔහුගේ හිස ප්‍රදේශයට පහර කීපයක් එල්ල කර පිටුපස තාප්පයෙන් පලා ගොස්…

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගය පැතිරීම දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සහ ඊට අදාළ ආයතනවල නිලධාරීන් සමඟ ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය. කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු නොවීම පිළිබඳ මෙහිදී නිලධාරීන්ගෙන් විමසූ ජනාධිපතිවරයා අවිධිමත් ලෙස සිදුකර තිබෙන කසළ බැහැර කිරීම මෙන්ම අපජලය බැහැර කිරීම සම්බන්ධව තිරසාර විසඳුම් සහිත සැලැස්මක් සකස් කරන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා…

Read More