Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දේශපාලඥයන් ඔවුන්ගේ හෙංචයියන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් 712ක් අනුරාධපුර නුවර වැව රක්ෂිතයේ ඉඩම් අත්පත් කරගෙන ගෙවල්,හෝටල් සහ පිහිනුම් තටාක ඉදිකර ඇතැයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය. වැව් රක්ෂිත අල්ලා ගැනීම අද සෙල්ලමක් බවට පත්ව ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මේ ගැන පරීක්ෂණ අාරම්භ කළ යුතු බවද සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික රණවිරු සැමරුමට සහභාගී නොවීමට සැලසුම්කර සිටි බවත් ඔහු එම උත්සවයට සහභාගී නොවන බව කලින්ම ප්‍රසිද්ධ කිරීම නිසා සමාජයෙන් එල්ල වූ පීඩනය හමුවේ ජනාධිපතිවරයා එම උත්සවයට අකමැත්තෙන් සහභාගී වූ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍යවරයෙක් වන විමල් වීරවංශ මහතා ඊයේ (20) පැවසීය. විමල් වීරවංශ මහතා කොළඹදී ඊයේ (20) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය. ජනාධිපතිවරයා එම උත්සවයේදී කළ කතාවේ තහනම් වචන ගොඩක් ඇති බව කී විමල් වීරවංශ මහතා එහිදී රණවිරුවෝ යන වචනය තහනම් වචනයක් බවට පත් වූ බව ද ඒ මහතා සඳහන් කළේය. ජීවිත පරිත්‍යාග කළ සොල්දාදුවෝ, නිලධාරීන් ලෙස එහිදී ජනාධිපතිවරයා රණවිරුවන් හැඳින්වූ බවත්…
රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති වාහන 05ක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට අයත් ශ්‍රාවස්ති පරිශ්‍රයේදී අද (20) පස්වරුවේ සිදුවිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත පිරිනමන ලද මෙම වාහනවලට අදාළ ලිපි ලේඛන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් රණවිරු සේවා අධිකාරියට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදය කළේය. එහිදී ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ රණවිරු සේවා අධිකාරිය වෙනුවෙන් මේජර් එරංග රත්නායක මහතා විසින් එම ලේඛන භාර ගනු ලැබීය. මෙම වාහන අනුරාධපුරය, කඹුරුපිටිය සහ පාන්ගොල්ල පිහිටි අභිමංසල නිකේතනයන්හි සහ අත්තිඩිය මිහිදු සෙත් මැදුර, රාගම…
නුවරඑළිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග කිහිපයකම ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇතැයි වාර්තාවේ. හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය සිට නුවරඑළිය දක්වාත්, නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ නුවරඑළියේ සිට හග්ගල දක්වාත්, නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ බඹරකැලේ දක්වාත් මෙම ඝණ මීදුම් තත්ත්වයක් පවතී. වරින්වර මතුවන ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස නුවරඑළිය පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට සමුදාගැනීමේ යුද ජයග්‍රහණයේ 16 වැනි සමරුව වෙනුවෙන් පාර්ලිමේන්තුව අසළ පිහිටි රණවිරු ස්මාරකායට අද (20) පෙරවරුවේ උපහාර දැක්වූහ. ආබාධිත සහ විශ්‍රාමික රණවරුවන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, හිටපු කථානායකවරු වන චමල් රාජපක්‍ෂ සහ මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍යවරු වන රියර් අද්මිරාල් සරත් වීරසේකර, ජොන්ස්න් ප්‍රනාන්දු, ලොහාන් රත්වත්ත, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ ශාන්ත බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
2015 වසරේ මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී ගිනිඅවි පෙන්වා නිවසේ හිමිකරුට තර්ජනය කර එම නිවසේ තිබූ මෝටර් රථයක් පැහැරගෙන ගොස් රුපියල් 20,000/- මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ජූලි මස 15 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා නිවාඩු ලබා සිටීම හේතුවෙන් මෙම නඩුවේ විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ…
කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තාව වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. 2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ එම සිදුකිරීමෙන් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් චෝදනා 1ක් යටතේ මෙම නඩුව ගොනුකර ඇත. මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 08 දෙනකු නම් කර…
නිරිත දිග මමෝසම් තත්ත්වය දිවයින් හරහා ක්‍රමයන් ස්ථාපිත මවමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය ස ම නුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැක. උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.
කලුතර ප්‍රදේශයේ නිවාස බිඳුම් රැසකට සම්බන්ධ පිය පුතු දෙපළක් අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. කළුතර නාගොඩ ප්‍රදේශයේ නිවසකට රාත්‍රී කාලයේදී ජනේලයක් කඩා ඇතුළුවූ මෙම පිය පුතු දෙපළ ලක්ෂ 15 ට ආසන්න රත්තරන් භාණ්ඩ සොරකම් කොට ඇති බව පොලිසිය කීය. සොරකම් කල රන් හාන්ඩ පෞද්ගලික ස්වර්ණාභරණ ආයතනයකට සහ උකස් මධ්‍යස්ථාන වලට අඩුමුදලට විකුණා තිබූ බවත් පොලිසිය කීය.
පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගෙන් සියයට හතළිහකගේ නම් ඒ ඒ දේශපාලන පක්ෂ මෙතෙක් බාරදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පළාත් පාලන ආයතන වල නිල කාලය ආරම්භ වීමට පෙර සභිකයන් සංඛ්‍යාව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ යුතු හෙයින් අපේක්ෂකයන්ගේ නම් කඩිනමින් යොමු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සියලු දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉල්ලීමක් කරයි
