Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2025/26 සඳහා විදේශ ශිෂ්‍යයන් සහ කැඩෙට් නිලධාරීන් පමණක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාඨමාලා සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීමට මෙම මැයි 21දා ප්‍රසිද්ධ දැන්වීම් පළ කර තිබෙන බව කී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා එහි වෛද්‍ය පීඨය සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීම සම්බන්ධ වගන්ති වල නිවැරදි කිරීමක් කළ යුතුව තිබෙන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පසුගිය ආර්ථික රටාව තුළ රාජ්‍ය සේවයේ ගෞරවය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවත් දේශපාලනය සහ රාජ්‍ය සේවය නිසා සමස්ත රටම බිඳවැටුණු බවත් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා ඊයේ (22) පැවසීය. හයිලන්ඩ් වරලත් අළෙවිසැල් 500 ක් ආරම්භ කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේදී ඊයේ (22) පැවැති උත්සවයේදී කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා එසේ පැවසීය. හොරකම, දූෂණ සහ වංචාව සියයට 100 ක්ම නවතා ජනතාවට සහතික කර ඇති බවත් වර්තමානයේ හොර ගුහාව දේශපාලන ක්ෂේත්‍රය නොව රාජ්‍ය සේවය බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා කීය. වර්තමානයේ රට පරිවර්තනීය යුගයක ඇති අතර ඒ සඳහා වන දේශපාලනීය පරිවර්තනය…
වැලිගම උඩුකාව පෙදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාව අද (23 ) අළුයම ගින්නක් හට ගෙන තිබු බව වැලිගම පොලිසියිය පවසයි . සිද්දිය පිළිබඳව තොරතුරු සැලවීමෙන් වැලිගම මුලස්ථාන පොලිසියිය ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ උපදෙස් මත නිලධාරීන් කණ්ඩායමක් වහාම එම ස්ථානයට ගොස් ගිනින් නිවිමට අවශ්‍ය සහයෝගය දී ඇත. මාතර නගර සභාවෙි ගිනි නිවීමේ රථ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළේය ගින්න නිසා ඇඟලුම් කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර ඇතුළු දේපලවලට බරපතල හානි සිදුව තිබේ.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි. ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල,මාතර,නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි තරමක වැසි ඇති වේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි ජේ. චන්ග් මහත්මිය අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීය. එක්සත් ජනපද විදේශ ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමේ ක්‍රමවේදයන් සහ දෙරට අතර තිරසර සහයෝගීතාව සඳහා දායක විය හැකි මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් පුළුල් සමාලෝචනයක් බලාපොරොත්තුවෙන් සිටින, විදේශ ආධාර සඳහා මෑතකදී පනවා ඇති මාස තුනක තාවකාලික අත්හිටුවීම් නියෝගය පිළිබඳව නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරියට මෙහිදී පැහැදිලි කළහ. විශේෂයෙන් කාන්තාවන් සඳහා වන සුරැකුම් නිවාස ව්‍යාපෘතිය වැනි ප්‍රධාන සංවර්ධන වැඩසටහන් කෙරෙහි බලපෑම සහ ආධාරක යාන්ත්‍රණය කඩාකප්පල් වුවහොත් ඇතිවන පුළුල් මානුෂීය ගැටළු සඳහා ලබාගත හැකි විසඳුම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය…
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ ශ්‍රී ලංකාව සඳහා ඊශ්‍රායෙල් තානාපති රූවෙන් අසාර් මහතා අතර හමුවක් ගොවිජන මන්දිරයේදී පැවැත්විණි. දෙරට අතර කෘෂිකර්මික,පශු සම්පත්,වාරිමාර්ග තාක්ෂණ හුවමාරුව, ආයෝජන සහයෝගීතා, සහ නවීන කෘෂිකර්මික ක්‍රමවේදයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ශ්‍රී ලංකාවට ගැලපෙන කෘෂිකර්මික ආකෘතියක් පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලබා ගැනීම සඳහා ඊශ්‍රායලයේ සංචාරය කරන්නැයි තානාපතිවරයා මෙහිදී අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාට ආරාධනා කළේය. එම සංචාරයේදී ඊශ්‍රායලයේ නවීන කෘෂිකර්ම තාක්ෂණයන්, ව්‍යාපෘති සහ ක්‍රමවේද දැකබලා, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය නවීකරණය කිරීම සඳහා අවශ්‍ය දැක්මක් ලබාගත හැකි වනු ඇතැයි තානාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු කොස්තාපල්වරයෙකු වන රවිදු සන්ධිප නමැත්තා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුකරය අද (22) මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග අවසන් වී ඇති බවත් ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ…
පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල තුන් ගුණයකට ආසන්න මුදලකින් වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව තීරණය කර ඇත. පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල මෙතෙක් පැවතියේ රුපියල් 1000 ක් වශයෙනි. නව සංශෝධනය අනුව සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල රුපියල් 3600ක් දක්වා වැඩි වනු ඇත. එසේම පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ කෑම බිල රුපියල් 1500සිට 4000ක් දක්වා වැඩි කිරීමට කමිටුව තීරණය කර ඇත. සේවකයන්ගෙන් ඉදිරිපත් වුණු යෝජනාවක් අනුව මාසික කෑම බිල මෙසේ වැඩි කෙරුණු බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල වසර තුනකට වරක් සමාලෝචනයට ලක්කෙරේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෛනික කෑම බිල රුපියල් 2000ක් දක්වා මෑතකදී වැඩි කෙරිණ. පාර්ලිමේන්තු ගෘහකාරක…
ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවී සිට්න බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඊයේ (21) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය. පුජ්‍ය කුරුපිට ධම්මානන්ද හිමියන්ගේ සංකල්පයක් මත පාදුක්ක බුද්ධ ශ්‍රාවක සත්කාරක මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ විශ්වවිද්‍යාල භික්ෂූන් වහන්සේලා 60 නමක් විෂයෙහි ඉලෙක්ට්‍රොනික ත්‍රිපිටක පිටපත සහිත ටැබ්ලට් පරිගනක සහ විහාරස්ථාන වෙත ත්‍රිපිටක ග්‍රන්ථ පරිත්‍යාග කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර ඇත. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, “ධර්මයේ පැවැත්ම වෙනුවෙන් මෙවැනි වැඩසටහන් සිදුකිරීම ඉතාමත් කාලෝචිතයි. වර්තමානයේ සිදුවන වේගවත් තාක්ෂණික දියුණුව, අධ්‍යාත්මික සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට අභියෝගයක්. නමුත් මෙම වැඩසටහනෙන් පැහැදිලි වෙනවා තාක්ෂණය සහ නවෝත්පාදන,…
රුපියල් කෝටි 7කට අධික වීථි වටිනාකමකින් යුතු ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනෙකු ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් ඊයේ (21) පස්වරුවේ ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස අතර අඹුසැමි යුවළක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් සිටි. මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන ඇති අතර පසුව ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත ගොස් එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. පසුව මෙම සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළේ ව්‍යාපාරිකයන් සඳහා වන “රක්ත මාවත” ( Red Channel) ඔස්සේ මත්ද්‍රව්‍ය තොගය පිට කර ගෙන යාමට තැත්කළ…
