Author: LANKA24X7

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක්කරන තෙක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (10) තීරණය කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද පැවත්වීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේය. ඊයේ (09) උදෑසන 11.15ට පමණ පානදුර විදුලි ග්‍රිඩ් උපපොලේ ඇතිවූ තත්ත්වයක් හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳ වැටීමක් සිදුවිය. මෙම විදුලි බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොලට වඳුරෙකු පැනීම හේතුවෙන් සිදුවූ අනතුරක් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් අදාළ සිදුවීමත් සමඟ විදුලිබල පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවය විදුලිය බිඳ වැටීමට හේතු වී ඇති බව විදුලිබල මණ්ඩලය පැවසුවේය. විදුලි බල…

Read More

සමස්ත රටටම ඊයේ පෙරවරුවේ විදුලිය විසන්ධි වීමට හේතුව ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම සහ සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීම බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජීනේරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනය පහත දැක්වේ. “ඊයේ දින පෙරවරු 11.15ට පමණ දිවයිනේ සමස්ත විදුලිබල පද්ධතිය බිඳවැටීමක් සිදු විය. මේ සඳහා බලපාන ලද මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීමත්ය. කෙසේ නමුත් මෙම තත්ත්වය, නිසි විමර්ශනයක් මගින් තහවුරු කරගත යුතුවේ. පානදුර විදුලි උපපොලේ 33…

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුනකට අනිද්දා (12) සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇත. වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරු ලබා දී තිබේ. ඒ අනුව ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ඩී.ඒ.වී.ජේ.කරවිට මහතා ප්‍රජා පොලිස්, සංචාරක හා ආයෝජන තනතුරේ සිට අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත. එමෙන්ම නියෝජ්‍ය පොලිස්පති පී ලියනගේ මහතා බස්නාහිර පළාත (රථ වාහන) නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර (උතුර) භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරටත්, නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.පී. දයාරත්න මහතා රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ…

Read More

ගිරාදුරුකෝට්ට සිට්සි ප්‍රදේශයේ ඉඩමක හොර රහසේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි . මොවුන් විසින් නිධන් හෑරීමට යොදා ගත් අලවංගු තුනක්, උදැල්ලක් , කුලුගෙඩියක් , යකඩ අඩු මිටියක්, පුහුල්‍ ගෙඩියක් ද අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය . ගිරාදුරුකෝට්ට අගලඔය , අලුත්තරම , පස්සර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් හයදෙනෙකු ඊයේ (9) මෙසේ අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය .ගිරාදුරුකෝට්ට පොලිසිය පරික්ෂණ පවත්වති .

Read More

නානුඔය සිට ඇල්ල ඕඩිසි ඇල්ල නමින් නව දුම්රිය ගමන් වාරයක් නානුඔය සහ බදුල්ල දුම්රිය ස්ථාන අතර අද (10) දින දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රියෙන් ආරම්භ කෙරිණ. මෙම දුම්රිය අගහරුවාදා දින හැර සතියේ සෑම දිනකම එස් 14 මැදිරි කට්ටලයක් සමග ධාවනයට එක් කරන අතර, (10) දින උදැසන 8.15 ට පළමු දුම්රිය ගමන් වාරය ආරම්භ කරනු ලැබුහ. මෙම දුම්රිය යළිත් පස්වරු 1 ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනයට එක් කරනු ලබයි. මෙම දුම්රියේ පළමු පන්තියේ වෙන් කල ආසනයක් රු 7000 ක්, දෙවන පන්තියේ ආසනයක් රු 6000 ක්, තෙවන පන්තියේ ආසන රු 5000 ක් වැනි මිලකට අලෙවි කරන අතර, දෙස් විදෙස්…

Read More

රුපියල් ලක්ෂ හතලිස් පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු නිතර නිතර ගුවන් ගමන් වල නිරත වෙමින් ව්‍යාපාරික කටයුතු සිදු කරන , කොළඹ – 10 , මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයෙකි . ඔහු ඊයේ (09) රාත්‍රී 07.15 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 30,000…

Read More

නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නිකුත් කළ වරෙන්තුව ආපසුකැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(10) නියෝග කළාය. මීට වසර දෙකකට පෙර (2022)වීදි නාට්‍යයක් කරමින්,මහජන පීඩාවන් සහ පොලිස් රාජකාරියට බාධා කළේ යැයි පවසමින් කුරුදුවත්ත පොලිසිය ගොනුකොට තිබූ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව අද උදෑසන නිකුත් කළාය . සැකකාරිය වරෙන්තු නිකුත් කොට ටික වේලාවකට පසු නීතීඥ වරයකු මාර්ගයෙන් අධිකරණයේ පෙනී සිටීම හේතුවෙන් වරෙන්තු ආපසු කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Read More

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ගමන් මලු පථය අසළ මිලි මීටර් 09 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් වැටී තිබියදී , ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාවක විසින් සොයා ගෙන , වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපොළ පොලිසියට අද (10 ) අලුයම භාර දී තිබේ . අද අලුයම 03.15 ට පමණ මෙම උණඩය ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාවක විසින් සොයා ගෙන තිබූ අතර , පසුව ඇය විසින් එම උණඩය ශ්‍රී ලන්කන් ආරක්ෂක නිලධාරීන් වෙත භාර දී තිබේ . ඔවුන් මෙම උණ්ඩය මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී ඇති අතර , මෙම ඒය සොයා ගත් ශ්‍රී ලන්කන් භූමි සහායක…

Read More

තවත් පැයක පමණ කාලයක් තුළ දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. මේ වන විටත් 50% කින් පමණ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව එම අමාත්‍යාශය සඳහන් කළේය. අද (09) පෙරවරු 11.15ට පමණ දිවයින පුරා මෙම විදුලි බිඳ වැටීම සිදුව තිබුණි. වඳුරෙකු පැනීම හේතුවෙන් පානදුර විදුලි උපපොලේ ඇතිවූ තත්ත්වයක් ඊට හේතුවී ඇති බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

Read More

පොල් වගාව ව්‍යාප්ත කිරීම සදහා කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කරන බව පොල් වගාකිරිමේ මණ්ඩලය පවසයි. එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසුවේ එම ක්‍රියාවලියේ පළමු වැඩසටහන එළඹෙන 17වනදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවය. ඒ අනුව කප්රුක ණය යෝජනා ක්‍රමයට සමගාමීව මෙම කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කිරීම ද ඉදිරියේදි ක්‍රියාත්මක වන බවද ඔහු පැවසුවේය. 2025 වර්ෂයේදි පොල් පැළ මිලියන 2.5ක් වගාකිරිම සදහා පොල් වගාකිරිමේ මණ්ඩලය සැළසුම් කර ඇත. ඉන් පැළ මිලියනයක් උතුරු පොල් ත්‍රිකෝණය ආශ්‍රීතව සිටුවීමට කටයුතු කරන බවද වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා අද දෙරණට සදහන් කළේය.

Read More